Followers

Monday, September 13, 2010

නිවන

උසස් පෙලයි දහමි පාසල් අවසාන විභාගයයි සමාන්තරව ගිය කාලයක් තිබුන දයල් බතීගෙ ජීවිතෙ ඈත කාලෙක. ඒ කාලෙ නිවන ගැනත් හිතුවෙි ඉගෙන ගනිමින් හිටිය සීමිත විද්‍යා දැනුම තුලින්. නිවන කියන්නෙ එදවස තිබූ මගේ අවබොධය අනුව නැවත නොඉපදීම හෙවත් නැවත සිත ඇති නොවීම. මගේ විද්‍යා දැනුම අනුව චිත්ත ශක්තියක් වූ චිත්තය නිවිටන්ගේ නියමයක් (ශක්තිය කිසි විටෙකත් විනාශ කළ නොහැකිය) අනුව විනාශ කිරීමට හැක්කේ කෙසේද? එසේ නමි සිදුවනවා ඇත්තේ එම නියමය අනුවම වෙනත් ශක්තියක් බවට පත්වනු ඇති බවයි සිතා මම හිත හදාගෙන බුදු දර්ශනය ගැන විශ්වාසය නැති කර නොගත්තෙමි

නිනවිව සහ අනන්තය නමැති තීරු ලිපි රචකයා විසින් පසු ගිය කාලය පුරාම වරින් වර බුදු දහමෙි
පදනම පිළිබඳව කෙරෙන විග‍්‍රහයන් ඉතාම ආකර්ෂනීය බවකින් යුක්ත බව මට හෑගී යයි.

කාලයක් පුරා තිබුණු හිදැස එනමි දුක ඇතුලු මුලික  සිද්දාන්තයන්ට  නව නිර්වචනයක අවශ්‍යතාවයට එ ලේඛකයා විසින් සැපයුමක් කර තිබෙනවා. ලේඛකයා විසින අරඹන ලද සාකචිජාවට අවශ්‍ය තරමෙ අවධානයක් නොලැබීමෙ හේතුවෙන් සාකචිජාව ඉදිරියට යන බවක් නොපෙනෙ.

1 comment:

  1. http://sannasa.sinhalajukebox.org/2010/Aug/2010Aug_page12.pdf

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්