Followers

Wednesday, September 15, 2010

කොටුවෙ හාමුදුැවන්ට මොකද උනේ

පිටකොටුවෙ හාමුදුරුවන්ගෙ බණ දේශනා ශෛලියට  අකමැති අයත් හිටිය. මම හිටියෙ කැමති අයගෙ පැත්තෙ. වදින තැනට නියමෙට වදින්න තමයි හාමුදුරුවො බණ දේශනා කරන්නෙ. දෙපා පොලවෙි තබාගෙන  ටෙලිනාට්‍යය වලින් වැසුණු ජනතාවගේ සිහි බුද්ධියටයි උන්වහන්සේ ආමන්ත‍්‍රණය කලෙ. එ් ගිය තාලෙට මට කල්පනා උනා මෙි හාමුදුරුවන්ට වැඩිකල් මෙහෙම යන්න එ නිකායෙම උන්නාන්සේල උනත් ඉඩ දෙන එකක් නැත කියලා

එ හාමුදුරුවො වරක් දේශනා කරනව මට මතකයි සරම අදින තාත්ත තත්වෙට නොගැලපේ යයි කලිසමි අන්දවල තාත්තගෙ කොන්ද කඩන්න එපාය කියල.

තමුන්ගෙ තාත්ත කොයි සමාජ තරාතිරමෙ සිටියත් තාත්ත හැටියට භාර ගන්නට බිය වෙන්න එපා යන්න නේද තේරුම


කෙසේ නමුත් හාමුදුරුවන්ගෙ යූ ටියබයෙන් ඇසූ බණ වලට තිත තියෙල වගේ

1 comment:

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්