Followers

Friday, September 17, 2010

ඩයස්පෝරාවට කවි ගල්, ඩයස්පෝරාවට ගැලරි ප‍්‍රහාරයක්-බූන්දි බලන්න

එරික් එලියප්පආරචිචිට අනුව සල්මන් රුස්ඩිල මයිකල් ඔන්ඩජී ආදී නමක් දිනා ඇති ලොකු විදේශවාසී ලේඛකයින්ගෙන් යමක් ගතහැකි වූවත් මෙ පොඩි පොඩි ඩයස්පෝරාකාරයින්ගෙන් ගන්නම දෙයක් නැත හැම දෙනාගේම සාක්කුවල ඩොලර් පිරිලාය ඔලුවෙ මනස්ගාතය:ශිිටිශොපී‍්‍රනියාය ගමෙිවැල ගමෙ කපුටන්ටය ඔහේලාට මෙහේ අයිකියක් නැත පණ බෙිරාගෙන යන එක ඇගට ගුණයි මෙ එන්නට හදන්නේ අධිරාජ්‍යයවාදීන්ගේ බලය නැවත පතුරවන්නටය.

එරික් මෙි නිගමනවලට එලඹුනේ ඩයස්පොරා පුද්ගලයින් දෙදෙනෙකුගේ ප‍්‍රතික‍්‍රියාවන් ඇසීමෙනි. ඔවුනගේ නිර්මාණ ඇගයීමකට ලක්කළ බවක් නමි නොපෙනේ. සිංහල සාහිත්‍යයේ ප‍්‍රගමනයට ඩයස්පෝරා නිර්මාණ හේතුනොවන්නේද යන්න පැහැදිලි නැත.

පුවත් පත් විකුණාගැනීමෙි උපායක්ලෙස වර්ධනය වූ මෙි විචාර විධි ක‍්‍රමය වරදක් නැත්තේ කියවන්නාට පොඩි කික් එකක් ලැබෙන නිසාය සිංහල සාහිත්‍යයේ නිමිවලලු පුලුලු කිරීමට නමි මෙි විචාරයෙන් ලැබෙන පිටිවහල නමි මදය.


සාමාන්‍යයෙන් රටක සමාජ දේශපාලනික සහ යුදමය ආදී සමාජය වෙලාගත් ප‍්‍රශ්න පැවති කාලයන්හි තත්ත්වයෙන් උසස් සාහිත්‍යය සහ කලානිර්මාණ බිහිවන බවට මතයක් තිබෙි. එහෙත් අවාසනාවකට එ තත්වයන්ගෙන් අභිබවා ඉහලට නැගි එවැනි කෘති ලංකාවෙි බිහිවූයේ නමි ඉතාම අල්ප වශයෙනි.
විචාරයද නිර්මාණයද වර්ධනය වන්නේ අනෙන්‍යය අන්තර්කි‍්‍රයාවෙ ප‍්‍රතිඵල ලෙස යයි මා අසා තිබෙ එරික්ගේ මෙවන් ත‍්‍රස්තවාදී විචාර විධික‍්‍රමයද  ලාංකීය ජාතිවාදී දේශපාලන සංස්කෘතියේ්දේශපාලනයට යටවූ සාහිථ්‍යය කලාවෙිම දිගුවක් මිස අන් යමක් නොවෙ. කලාකරුවාට මෙන්ම විචාරන්නාටද පුලුලු හදවතක්ද අන්මත ඉවසීමෙි ගුණය  තිබිය යුතුු බව මගේ විශ්වාසයයි. ප‍්‍රාග් විනිශ්චය-prejudice ඒකාකෘතික-stereotype කිරීම පහසු කොත්තු විචාර ක‍්‍රමයක් විනා ලිදෙන් ගොඩඑන විශාල පින්තූරය දැකිමට මගපාදන විධික‍්‍රමයක් විය නොහැකියි
කෙසේ වුවත් යමක් පැහැදිලිය ඩයස්පෝරාව සාහිථ්‍යයමය වශයෙන් ඇගට දැනෙන බලපෑමක් කරමින් ඇතිබවය. මෙයින් මතුවන මා කැමතිම තත්වය නමි ලාභ (දේශානුරාගය නොව) දේශානු-මෝහයෙන් මත්වී ලංකාවෙි තානාන්තර එල්ලකරගෙන බාල නිර්මාණකරන ඩයස්පෝරකයන්ටත් ඇස්ඇරගන්නට කාලය එළඹි ඇති තත්වයයි
ඔස්ටෙි‍්‍රලියානුවාසී ලේඛක දෙපලකගේ නිර්මාණ ගොඩගේ සාහිත්‍යය උලෙලේදී ඇගයීමකට ලක්වීම ඉහත ප‍්‍රහාරයට පසුබිමි වුවාදැයි සැකයකිි

1 comment:

  1. මේකට පොඩි ඉතිහාසයක් තියෙනවා.
    Contact me if you need details.

    kathandara@gmail.com

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්