Followers

Tuesday, October 19, 2010

ෆ්‍රෙඩී සිල්වා- Freddie Silva, විජය කුමාරතුංග, පේ‍්‍රමකීර්ති, නිහාල් සිල්වා, ක්ලැරන්ස්, මිල්ටන් යුවල

freddy1.jpg (14258 bytes)
this photo is taken from the web

ෆ්‍රෙඩී සිල්වා (1938-2002) ලංකාවම හිනැස්සූවෙිය.


මිය ගියේ අන්ත අසරනයෙකු ලෙසිනි. අන්දරේද මිය ගියේ එලෙසය.


අන්දරේ ගස් යට මහ මගය. ෆ්‍රෙඩී සිල්වා අනුන්ගේ ගරාජයකය.


ෆ්‍රෙඩී සිල්වාගේ චරිතයට සාධාරණයක් ඔහුගේ විහිලුවට බඩ අල්ලාගෙන සිනාවූ අපෙන් ඉටු වූවාද?

ඔහු දේස පාලන වේදිකාවේ ගී ගැයූ බව සැබෑය. අනුන්ගේ ගරාජයක අසරනයෙකු ලෙසින් අවසාන කාලය ගෙවීමට තරම් පවක් ඔහු කලාද?

ඔහු මිය යන විට ලංකාවෙ නිපදවුනුු චිත‍්‍රපට සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවක ඔහු රගපා තිබුනි.

 ඔහුගේ නැගීම හා වැටීම ලාංකීය සමාජයෙ පරිහානිය හා සමපාත වන බැවින්  අධ්‍යයනය මහත්වූ

වටිනාකමකින් යුක්තය.

 විජය කුමාරතුංග, පේ‍්‍රමකීර්ති, නිහාල් සිල්වා, ක්ලැරන්ස්, මිල්ටන් යුවල, ආදීන්ගේ අකල් නික්මීම ඒ මහ

පරාභවයේ ගමන් මග සනිටුහන් නොකලේද?

ප්‍රසිද්ධ කලාකරුවනට දේශපාලනයෙන් ගැලවීම උගහටය, ෆ්‍රෙඩීටද ඔවුන්ගෙ ජයග්‍රහන වෙනුවෙන් සිය

කොටස ඉටුකරන්නට සිදුවිය.  ප්‍රේමකීර්ති වැන්නන්ට වූයේ එහි විරුද්ධ පැත්තය. බලය තිබෙන පැත්තට

හෙත්තුවීම නොවීමයයි අනුමාන කළ හැකිය.

එනමුත් ජාතික සමගිය වෙනුවෙන් ෆ්‍රෙඩී සිල්වාගෙන් ඉටු වූ සේවය නිසි ඇගයීමකට ලක්වූයේ නැත.

ඉතිහාසයේ සරදම නම් ඔහුගේ ඒ ජනප්‍රිය ගී බොහෝමයක් ලියා තිබුනේ විරුද්ධ කඳවුරේ සිටි ප්‍රේමකීර්ති වීමය.


ප්‍රෙමකීර්ති රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස චතුර ලෙස කතා කරනු අසා බලා ඉන්නට ආසා

නොවන කෙනෙකු නොවීය. එහෙත් එහෙම අය සිටි බව ඔහුගේ අකල් නික්මීම සාක්ශි දරයි.

සුදු ජාතික ඇඳුමෙන් සැරසුනු ප්‍රේමකීර්ති වරක් අප ඉරිද ඉස්කෝලෙ උත්සවයකට පැමිණ කවි ගායනා කලා මතකයි.



නිහාල් සිල්වා ඉතාම දක්ශ උපතින් දස්කම් උරුම කරගත් විකට නලුවෙක්. සාජන් නල්ල තම්බි වැනි බාල

ප්‍රහසන තුලින් ජනප්‍රිය වූ ඔහුගේ ඒ දස්කම් වලින් ප්‍රයෝජන ගත්තේ වෙන කවුරුවත්. ඔහුගේ හදිසි මරණය

සැක සහිත බව කියනු ලැබේ.

විජය ඇත්තටම ශරීර ප්‍රමාණයෙනුත් යෝදයෙක්, එක දවසක් වචනයක් දෙකක් කතා කරල තියෙනව.

තහනම් මැයි දිනේදී දැක්කා. ඊට පස්සේ දකින්න ලැබුනේ මල කඳ පමණයි. ඒ මල කඳෙනුත් ප්‍රයෝජන ලැබුනේ වෙන කාටවත්. ලාංකීය සිනමාවේ කඩා වැටීමට විජයගේ මරණය හේතු වු බව පැවසේ.

දසක තුනක් පුරා ලාංකික ගීතය නව මඟකට යොමු කල, සිංහල පොප් ගීතය හඳුන්වාදුන් සංගීතවේදියා අපෙන් සමුගත්තේ වයස පනස් තුනේදී, ජෝති පාලත් 53 දිමයි, මිල්ටන් මල්ලවාරච්චිත් 53දීය. මේ සියලු දෙනාම අප වෙනුවෙන් සිය ජීවිත ගත කල අය වුහ. උපයා ගත් මුදලක් තිබුනේ නැත. ඔහුගේ නිර්මාණ අමරනීයයි. අපගේ තරුන කාලය සනිටුහන් කල ඔහුගේ ගී ඇසෙන විට අප නැවත ඒ කාලයට අපව ගෙන යයි.

මත් පැන් ඔවුනට ඉක්මනින් මරණය කැන්දූ බව රහසක් නොවේ.
------------------------
Sanhidha did a program on Clarence on Nov 2010

( ෆ්‍රෙඩී ගැන වසන්ත කලුබන්ඩාරයන් 'රසකතා'වට ලියූ ලිපියක්)

http://youtu.be/kVDukhuGGBg, Sanhinda did a program on 2010, Dec 5, on Fredie's life, we must be thank full to Indrajith Suraweera  and his team for pioneering this project.


-----------------------------------

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්