Followers

Sunday, October 31, 2010

කුක්කු බබාලාගේ නැගීම හා ගුණදාස අමරසේකරගේ උත්තර සංවාදය-මෙය ලියුවේ 2010 ඔක් 31 දා

demerge1.jpg (400×285)
අසූවිය පිරෙන ගුණදාස අමරසේකර ශූරීන්ට දීර්ග ආයු පතමි.

විදේශීය ගුවන් විදුලියක යෙදුනු සංවාදයකදී  ඔහු 56න් පසුව හොද සාහිත්‍යය නිර්මාණ බිහිනොවූ බවත් ලාංකීය සාහිත්‍යය තුල උත්තර සංවාදය සිදුනොවූ බවත් පවසයි.

මාර්ටින් වික‍්‍රමසිංහ හා පියදාස සිරිසේන හොද නිර්මාන කල බවත් මිලාන් කුන්දේරා ආදීන්ගේ පශ්චාත් නූතනවාදි ජරාව අපට නෝබිනා බවත් සාහිත්‍යය සමිමානයෙන් පුදලද කන්දක් සේ මා හොද නිර්මාණ නොවන බවද කියයි.
සෝවියටි සාහිත්‍යයෙන් අප ආභාෂය ලද යුතුය. අමෙරිකානු සාහිත්‍යයෙන් ගන්නට දෙයක් නැත.

ඔහු මේ කතාකරන්නේ ඇත්ත පාගාගෙනය.
උත්තර සංවාදය නැගෙන්නට නොදී පාගා ගත්තේද ඔහු ඇතුලු ජාතිවාදී බලවේගය විසිනි. සෝවියටි සාහිත්‍යයෙ මැක්සිමි ගෝර්කිගේ අමිමා ආදී කෘතීන් පීඩිතයින්ගේ දුක්බර ජීවිතයත් උන් පිඩකයින් හා යෙදුනු අරගලයේ හරස් කඩක් කපා පෙන්වයි.
56න් පසුව පීඩකයින් පැත්තගෙන සිටි  ගුණදාස අමරසේකර ඇතුලු අප හැම සිටියේ පීඩිතයින්ට ප‍්‍රශ්න නැත, ඇත්තේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් පමණි යන ස්ථාවරයේය. පීඩිතයින්ගේ ප‍්‍රශ්න ගැන කථා කල අය ලියු අය ත‍්‍රස්තවාදීන් විය. ඉතින් කෙසේද උසස් නිර්මාන බිහිවන්නේ.
ලංකාව බුද්ධිමය සංවාදය අරහං සංස්කෘතික කාන්තාරයක් වීමට ජනයාගේ බුද්ධියට නිගාකරන ප්‍රේමදාස සමයේ සපත්තු සුප් බබාගේ වර්තමාන දිගුව වන රාජපක්ශ සමයේ කුක්කු බබාලාගේ නැගීමට හේතුකාරක වූ පුද්ගලයින් අතර අග‍්‍රයෙකු වන මොහු දැන්වත් සිහිඑලවා ගත යුතුය.

-------------------

සෙරෙප්පු සුප් බබා,  කුක්කු බබා යනුවෙන් හඳුන්වනුයේ කවුදැයි ඔබ දන්නවා ඇත..

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්