Followers

Wednesday, December 8, 2010

පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්වෙනවා' ????

"මනුස්සකම අඩු ‍කරගන්නකොට පෝසත් කම වැඩි වෙනව.
පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්වෙනවා.

ක්‍රස්තියානිවල කියන්නේම ඕක‍නෙ. දෙමාපියන් මහලුමඩමට කිසිම කරුණාවක් නෑ උන්ලග තමාගේ දියුණුව විතරයි.

ඔබත් අදම පෝසතෙක් වෙන්න. ඔන්න මම කිව්වා මග."


කියල   avani කමෙන්ටි එකක් දාලා තිබුනා.

මනුස්සකමි නැත්තේ පෝසතුන් අතර පමනක්ද

මුදල පිලිබද මිථ්‍යා මතත් දුප්පත් කමට හේතුවක් කියල මට හිතෙනව.


ඇත්ත, මුදල අපව වැඩවසමි බැමිවලින් යමි තරමකට මුදාගත්තත් එය මුලු සමාජයම තම අනසකට යටත් කරගෙන.
හැම ආගමකම කියනව වගේ සල්ලි සර්පයෙක්. නැත්නමි ගින්දර වාගෙ.

හැබැයි සුද්දගෙන් ආවා කියල ඉංග‍්‍රීසි භාෂාව එක්ක වගේ මූනත් එක්ක තරහවෙලා නහය කපා නොගත යුතුය. අපට ඉංග‍්‍රීසි උගන්නන්න දැන් ඉංදියාවෙන් ගෙන්න වෙලා. කාලෙකට පෙර ඉංදියානුවනුත් සවන් දී ඇත්තේ RADIO CEYLON එකටයි

මම අත්දැක ඇති දේවල්
1. ඉගෙන ගෙන ඇති පලේ කුමක්ද
2. සල්ලි හමිබ කරල ඉතුරු කරල ඇති පලේ මොකක්ද. යන කොට ගෙනියනවද
 ආදීවශයෙන් අනුන් මන්දෝත්සාහි කරන්නන් මෙවා කියන්නෙ හිතට එකගවද?

මුදලේ වාලෙක් වීම හා කෙනෙකු ඉන්නා තැනින් ගොඩඑ්මට උත්සහකිරීම එකක් නොවෙි නේද?

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්