Followers

Sunday, December 19, 2010

පොඩි හාමුදුරුවෝ සහ මෙලනි


ලගදි දිනක නිවෙස් පිරි වීදියක ඇවිදගෙන ගිය වෙලාවක ඇස ගැසුන මලින් පිරීගිය සුදු අරලිය මල් ගහක්. පලාතම සුවදයි. අරලිය මලුයි පන්සලයි බොහෝම කිට්ටුයි.
ඉතින් මට මතක් උනා අපේ ගමිපලාතෙ පන්සල.

ටිකක් ඒවට මේවට බර උපාධිධාරී, ටියුෂන් කඩ හිමි, හතර රියන් ලොකු හාමුදුරුවොයි සිල්වත් පැහැපත් ගෝල හාමුදුරුවන් වන සුමංගලයි බොහෝම හොදට හිටිය.(හිටිය වගේ පෙනුන. )

විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමත් සමගම මම ටිකක් පන්සලෙන් ඈත් උනා.
ඒ  දවස්වල පන්සල් ගිය දිනක  සුමංගල හාමුදුරුවො ඇහැව්ව ඇයි දයාල් දැන් පන්සල් එන්නෙ නැත්තෙ කියල. බොළද දේශපාලන ළදරු වලිප්පුව, ළදරු සර්වතෝභද්‍ර වාදය, ආදී රෝග වැළදී සිටි ඒ කාලෙ මම හිතට ආව දේ අවංකව කිවිව.

"වැරදි කර කර පන්සල් එන්න මම කැමති නැහැ." වැරදි යයි මා එදා අවංකව විශ්වාස කලේ ඉද හිට මද්‍යය පානයයි.

පන්සල් එන්නෙ වැරදි හදාගන්නටයි. සුමංගල පොඩි හාමුදුරුවෝ දේශනා කලා.

වැඩි කලක් ගතඋනේ නැහැ.

කොල්ලො ගොඩක් එක්ක යාලුවෙලා හිටිය අසිනි එක්ක සුමංගල නැවත ගිහිගෙට වන් සේක.

ලොකු හාමුදුරුවො තවමත් සාසනේ ඉන්නව.  ටියුෂන් කඩ නැහැ. දැන්නමි බොහෝම හොදයිලු.
අරලිය ගසුත් තවම තියෙනව. මමත් පන්සල් යනව. වැරදි තාමත් ඉදහිට වෙනව.
කෙස් බාගෙට බාගයකුත් පැහිල.

3 comments:

  1. පෘථග්ජන සොබාවේ තමා ඕක........

    ReplyDelete
  2. Hasitha
    එහි අපිට වරදක් දකින්න බෑනේ, පුද්ගලික නිදහස, සාසනේ ඉඳල කළ සේවෙට ස්තූතියි.
    අපට කියන්න තියෙන්නෙ එපමණයි

    ReplyDelete
  3. ඒක ඇත්ත කොහොම නමුත් සිවුරේ ඉදගෙන අමන වැඩ කරන්නේ නැතිව නම්බු පිට සිවුරු ඇරල ගිය එක අගය කරන්නම ඕනේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්