Followers

Monday, September 27, 2010

බිංදු ළමා සිනමා පටය, Wayne Swan

බිංදු ළමා සිනමා පටය ළමයි කැමති චිත‍්‍රපටයක්


ඔසී උප අගමැතිව ගේටිටුවෙිදි නතර කොට ටිකටි චෙක් කරයි.

ටයිටන්ස් හා රූස්ටර්ස් රගර් තරගය නැරඹීමට ටිකටි එක නොදී ගිය ඔස් උප අගමැතිව නවතා චෙක් කර තිබෙනව පසු ගිය සති අන්තයේ

අමුතුම ජාතියේ පාටියක් very strange celebration

Burning of wedding dress
අමුතුම ජාතියේ පාටියක්
මම මෙ පාටි එකට සහභාගී උනේ මීට අවුරුදු 10 කට පමණ පෙර. අපිත් එක්ක එකම තැන සේවය කළ ඔසී කාන්තාවක් ඇයගේ මගුල් ඇදුම ගිනි තැබීමෙි පාටියක් ගත්ත

මම හිතුව ඔසීලන්තය මාර තැනක්නේ කියල. හැබැයි මෙි විත්තිය අනෙක් ඔසියන්ටත් පුදුමයක්

අපිට හොදට කෑමෙන් බීමෙන් සංග‍්‍රහ කරල ඉවරවෙලා ඔක්කොම ඉස්සරහ මගුල් ඇදුමට ගිනිතිබිබ

චීනයේ හොද ලක්ෂණයක්

මෙි ළගදී චීනයේ සංචාරයකට ගොස් පැමින් මගේ හිතවතෙක් කිව්ව යන හැම තැනම උනු වතුර පහසුකම තියෙනව කියල මොකද දන්නවද

ක්ෂණික නූඩිල්ස් හදාගන්න

Thursday, September 23, 2010

ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතයි

කථාවෙ අන්තර්ගතය සියයට හැත්තෑපහක් හොදයි හැබැයි ඉදිරිපත්කල ආකාරය ට ලකුණු පනහයි
ජනාධිපති චාරිකාවට වියදම ලක්ෂ 1500 ක්ලු  නාමලුත් මූන් එක්ක සාකචිජාවෙ යෙදිල


ජේ ආර්ගේ සමිප‍්‍රදායේ යමින් බෞද්ධ පාඨ ගෙනහැර පෑමෙන් අපි ඔව දන්නෙ අවුරුදු දෙදාස් පන්සිය ගානකට ඉස්සර ඉදන් බව ඇගවීම එමි ආර් විසිනුත් කරගෙන ගියා

ස්ත‍්‍රීන්ට සම තැන ළමයින්ගේ තත්වය ගැන කියල දමිල ජනයාගේ වත්මන් තත්වය ගැන සදහනක් නොකර වහින් ඔරෝ භාෂාවෙන් කිවිවෙ එයයි කියල මට හිතෙන්නෙ

කඔුරුපිටියෙ ආරියවතීලා වගේ එය පෙර කළ පවි නිසා දුක් විදින අයත් ඉන්නව
ඉදල හිටල ලමෙක් දෙන්නකේ ගගට වැටෙනව මර්වින්ගෙ භාසාව අනුව ආරියවතී ඇන ගහගෙන කිරි දරුවො ගගට  පනිනව

Tuesday, September 21, 2010

Moraji Deshai and John Seeya මොරාජි දේශායි සහ ජෝන් සීයා

(this photo is from taken from  internet sources)
ජෝන් සීයා කූඩැල්ලො තෙරපිය පාවිච්චි කරපු හැටි

මොරාජි දේශායි නම මට මතක හිටියෙ කොහොමද?

Once Indian Prime -77-79, during my OL/Al time for one thing his name was stuck in my mind for ever.
That is because  he was his own urine drinker, he lived 99 years. He was Moraji Desahi
 මොරාජි දේශායි සහ ජෝන් සීයා
Recently AFL (Australian Foot Ball League), held annual Brown Low medal Ceramony, where the best player is selected through a voting process and award is presented. But the Item drew my attention was a former Brown Low medalist who had under gone 16 brain tumor and four more to be done, hefty fellow with a strong voice he said he does what ever it takes to get out of this sickness and said he drinks his urine as an alternative therapy.

And the John Seeya must have died 40 years ago, he is tall dark fellow who had amazing craftsmanship to my   memory. I remember I am watching that in disgust when he uses live  leeches to suck 'bad blood' ( according to him) from his feet which had wounds all over, that gave me dirty feeling, but to my surprise presently Western Medicine also practices this therapy.

There are other alternative therapies like mosquito therapy and worm therapy, I am sure many more to come

Monday, September 20, 2010

පරණ වම

දහ අට වන සංශොධනයට පරණ වම සද්දක් නැහැ. විරුද්ධත්වයක් නැහැ. තමන්ගෙ යයි අදහසක් ස්ථාවරයක් නැහැ. අත් දෙකම උස්සල
එතැන ඉන්නෙ යූ එන් පී එන එක වලක්වන්න විතරද?

වෙලාවකට හිතෙනව මෙිගොල්ලොත් රතු ඇදගත්ත මර්වින්ලද කියල


පබාට පොල් ගසයි

ගමිපහ යුඑන් පී පාක්ෂිකයින පෙලපාලියකින් විත් පබාටෙ විරුද්ධව සටන් පාට කියමින් පොල් ගසනු වීඩියො පටයකින් දුටුවා

සටන් පාට

අනේ මෙහෙම
තන්හාවක්

පබා පබා මොකද උනේ
කෝටි පහට මෙල්ල උනේ

පසුව මහ වෛරයකින් පොස්ටර්වලට ගිනිතබන ලදි

ජනතාවගේ මනාපය විකුණාගෙන කෑමෙි ඵලයක්ද?

Friday, September 17, 2010

ඩයස්පෝරාවට කවි ගල්, ඩයස්පෝරාවට ගැලරි ප‍්‍රහාරයක්-බූන්දි බලන්න

එරික් එලියප්පආරචිචිට අනුව සල්මන් රුස්ඩිල මයිකල් ඔන්ඩජී ආදී නමක් දිනා ඇති ලොකු විදේශවාසී ලේඛකයින්ගෙන් යමක් ගතහැකි වූවත් මෙ පොඩි පොඩි ඩයස්පෝරාකාරයින්ගෙන් ගන්නම දෙයක් නැත හැම දෙනාගේම සාක්කුවල ඩොලර් පිරිලාය ඔලුවෙ මනස්ගාතය:ශිිටිශොපී‍්‍රනියාය ගමෙිවැල ගමෙ කපුටන්ටය ඔහේලාට මෙහේ අයිකියක් නැත පණ බෙිරාගෙන යන එක ඇගට ගුණයි මෙ එන්නට හදන්නේ අධිරාජ්‍යයවාදීන්ගේ බලය නැවත පතුරවන්නටය.

එරික් මෙි නිගමනවලට එලඹුනේ ඩයස්පොරා පුද්ගලයින් දෙදෙනෙකුගේ ප‍්‍රතික‍්‍රියාවන් ඇසීමෙනි. ඔවුනගේ නිර්මාණ ඇගයීමකට ලක්කළ බවක් නමි නොපෙනේ. සිංහල සාහිත්‍යයේ ප‍්‍රගමනයට ඩයස්පෝරා නිර්මාණ හේතුනොවන්නේද යන්න පැහැදිලි නැත.

පුවත් පත් විකුණාගැනීමෙි උපායක්ලෙස වර්ධනය වූ මෙි විචාර විධි ක‍්‍රමය වරදක් නැත්තේ කියවන්නාට පොඩි කික් එකක් ලැබෙන නිසාය සිංහල සාහිත්‍යයේ නිමිවලලු පුලුලු කිරීමට නමි මෙි විචාරයෙන් ලැබෙන පිටිවහල නමි මදය.


සාමාන්‍යයෙන් රටක සමාජ දේශපාලනික සහ යුදමය ආදී සමාජය වෙලාගත් ප‍්‍රශ්න පැවති කාලයන්හි තත්ත්වයෙන් උසස් සාහිත්‍යය සහ කලානිර්මාණ බිහිවන බවට මතයක් තිබෙි. එහෙත් අවාසනාවකට එ තත්වයන්ගෙන් අභිබවා ඉහලට නැගි එවැනි කෘති ලංකාවෙි බිහිවූයේ නමි ඉතාම අල්ප වශයෙනි.
විචාරයද නිර්මාණයද වර්ධනය වන්නේ අනෙන්‍යය අන්තර්කි‍්‍රයාවෙ ප‍්‍රතිඵල ලෙස යයි මා අසා තිබෙ එරික්ගේ මෙවන් ත‍්‍රස්තවාදී විචාර විධික‍්‍රමයද  ලාංකීය ජාතිවාදී දේශපාලන සංස්කෘතියේ්දේශපාලනයට යටවූ සාහිථ්‍යය කලාවෙිම දිගුවක් මිස අන් යමක් නොවෙ. කලාකරුවාට මෙන්ම විචාරන්නාටද පුලුලු හදවතක්ද අන්මත ඉවසීමෙි ගුණය  තිබිය යුතුු බව මගේ විශ්වාසයයි. ප‍්‍රාග් විනිශ්චය-prejudice ඒකාකෘතික-stereotype කිරීම පහසු කොත්තු විචාර ක‍්‍රමයක් විනා ලිදෙන් ගොඩඑන විශාල පින්තූරය දැකිමට මගපාදන විධික‍්‍රමයක් විය නොහැකියි
කෙසේ වුවත් යමක් පැහැදිලිය ඩයස්පෝරාව සාහිථ්‍යයමය වශයෙන් ඇගට දැනෙන බලපෑමක් කරමින් ඇතිබවය. මෙයින් මතුවන මා කැමතිම තත්වය නමි ලාභ (දේශානුරාගය නොව) දේශානු-මෝහයෙන් මත්වී ලංකාවෙි තානාන්තර එල්ලකරගෙන බාල නිර්මාණකරන ඩයස්පෝරකයන්ටත් ඇස්ඇරගන්නට කාලය එළඹි ඇති තත්වයයි
ඔස්ටෙි‍්‍රලියානුවාසී ලේඛක දෙපලකගේ නිර්මාණ ගොඩගේ සාහිත්‍යය උලෙලේදී ඇගයීමකට ලක්වීම ඉහත ප‍්‍රහාරයට පසුබිමි වුවාදැයි සැකයකිි

Wednesday, September 15, 2010

ඩයස්පෝරාවට පෝරියල්

ලංකාවෙි වෙසෙන ප‍්‍රසිද්ධ සාහිත්‍යය විචාරකයකු වන එරික් එලියප්පආරචිචිගෙ මල පැනල වගේ. ඩයස්පෝරා සාහිත්‍යයාංගය ගැන ඔහුගේ විවෙිචනය ආවෙිගශීලියි. මාර්ටින් වික‍්‍රමසිංහගෙ වචනවලින් කියනව නමි  විවෙික බුද්ධියෙන් කරපු දෙයක් නෙමෙයි වගේ.

16th Sep 10 Divaina කියවන්න



පිටරට වෙසෙන අය සමග අමනාපයක් තියෙනව ගානයි පෙනුමට.
එයා කියන විදියට කඹුරුපිටියෙ ඥාණවතීට ගහපු ඇණ රිදෙන්නෙ නැහැ මොකද පිටරටකදීනෙ එය සිද්ධ උනේ

කොටුවෙ හාමුදුැවන්ට මොකද උනේ

පිටකොටුවෙ හාමුදුරුවන්ගෙ බණ දේශනා ශෛලියට  අකමැති අයත් හිටිය. මම හිටියෙ කැමති අයගෙ පැත්තෙ. වදින තැනට නියමෙට වදින්න තමයි හාමුදුරුවො බණ දේශනා කරන්නෙ. දෙපා පොලවෙි තබාගෙන  ටෙලිනාට්‍යය වලින් වැසුණු ජනතාවගේ සිහි බුද්ධියටයි උන්වහන්සේ ආමන්ත‍්‍රණය කලෙ. එ් ගිය තාලෙට මට කල්පනා උනා මෙි හාමුදුරුවන්ට වැඩිකල් මෙහෙම යන්න එ නිකායෙම උන්නාන්සේල උනත් ඉඩ දෙන එකක් නැත කියලා

එ හාමුදුරුවො වරක් දේශනා කරනව මට මතකයි සරම අදින තාත්ත තත්වෙට නොගැලපේ යයි කලිසමි අන්දවල තාත්තගෙ කොන්ද කඩන්න එපාය කියල.

තමුන්ගෙ තාත්ත කොයි සමාජ තරාතිරමෙ සිටියත් තාත්ත හැටියට භාර ගන්නට බිය වෙන්න එපා යන්න නේද තේරුම


කෙසේ නමුත් හාමුදුරුවන්ගෙ යූ ටියබයෙන් ඇසූ බණ වලට තිත තියෙල වගේ

Monday, September 13, 2010

නිවන

උසස් පෙලයි දහමි පාසල් අවසාන විභාගයයි සමාන්තරව ගිය කාලයක් තිබුන දයල් බතීගෙ ජීවිතෙ ඈත කාලෙක. ඒ කාලෙ නිවන ගැනත් හිතුවෙි ඉගෙන ගනිමින් හිටිය සීමිත විද්‍යා දැනුම තුලින්. නිවන කියන්නෙ එදවස තිබූ මගේ අවබොධය අනුව නැවත නොඉපදීම හෙවත් නැවත සිත ඇති නොවීම. මගේ විද්‍යා දැනුම අනුව චිත්ත ශක්තියක් වූ චිත්තය නිවිටන්ගේ නියමයක් (ශක්තිය කිසි විටෙකත් විනාශ කළ නොහැකිය) අනුව විනාශ කිරීමට හැක්කේ කෙසේද? එසේ නමි සිදුවනවා ඇත්තේ එම නියමය අනුවම වෙනත් ශක්තියක් බවට පත්වනු ඇති බවයි සිතා මම හිත හදාගෙන බුදු දර්ශනය ගැන විශ්වාසය නැති කර නොගත්තෙමි

නිනවිව සහ අනන්තය නමැති තීරු ලිපි රචකයා විසින් පසු ගිය කාලය පුරාම වරින් වර බුදු දහමෙි
පදනම පිළිබඳව කෙරෙන විග‍්‍රහයන් ඉතාම ආකර්ෂනීය බවකින් යුක්ත බව මට හෑගී යයි.

කාලයක් පුරා තිබුණු හිදැස එනමි දුක ඇතුලු මුලික  සිද්දාන්තයන්ට  නව නිර්වචනයක අවශ්‍යතාවයට එ ලේඛකයා විසින් සැපයුමක් කර තිබෙනවා. ලේඛකයා විසින අරඹන ලද සාකචිජාවට අවශ්‍ය තරමෙ අවධානයක් නොලැබීමෙ හේතුවෙන් සාකචිජාව ඉදිරියට යන බවක් නොපෙනෙ.

Thursday, September 9, 2010

2010 ඔස්ටෙ‍්‍රලියාවෙ මැතිවරණය - පබාලා සහ රොබිලා

මොනව උනත් ඔස්ටෙ‍්‍රලියාව තවම කොන්ද පණ තියෙන දේශපාලකයො, මිනිස්සු ඉන්න රටක් කියල හිතුනෙ මෙ වර ස්වාධීන මන්ති‍්‍රවරු කි‍්‍රයා කල ආකාරය දිහා බැලුවම

ලංකාව වගෙ රටක නමි එක රැයිනි බිලියනයර්ල වෙන්න තිබුන
ලංකාවෙ මැණික් යට ගිහිල්ලා ගොම රිටි මතුවෙන කාලෙ උනාට ඔසී දේසෙ ඒකෙ රිවර්ස් එක. රොබි ඔක්ශොටි ස්වාධින මන්ත‍්‍රිවරයාට ජූලියා ගිලාඩි අගමැති වරිය ඇමති පදවියක් දුන්නත් රොබි එපා කීවෙ එයාගෙ ස්වාධීනතාවයට වැටක් බැඳෙන නිසා.
ඔිප දූප ඇත්තනමි කෝටි සීයක් ජනතා මුදල් ගසාකෑමක් වෙලාතියෙනවලු පක්ෂ මාරුවලට. ආසියාවෙි ආශ්චර්යම තමා. කඹුරුපිටියෙ ඥාණවතීල කුස්සිවල කඔුරල කඔුරල එවන දිනාරුත් ඔය සල්ලි අස්සෙ තියෙනව කියල කුසල පබාවතීල දැනගත්තොත් හොඳයි

Monday, September 6, 2010

ලංකාවේ නැති දෙය වෙනුවට විකාර හමු වීම නොහොත් 'පබාගේ රහසිගත සම්බන්ධය' හඹා යාම - ඩෝසන් ප‍්‍රීති

ඩෝසන් ප‍්‍රීතිගෙ 10. 6. 07 බූන්දියෙ තිබිච්ච ලිපිය කියෙවිවම යමක් ලියන්න හිතුන

මට මෙහෙම හිතුන. ජීවන රිද්මයට සැකසෙන පරිදි පොදු ජන කලාව සැකසෙනවා මිස ප‍්‍රබුද්ධ කලාවට අනුව ජීවන රිද්මය සැකසෙන තත්ත්වයක් ඇතිකර ගතහැක්කේ ඇති හැකි අයට පමණයි නේද? නීරස කලා කෘති ඔබ කියන පරිදිත් අපට හැගෙන පරිදිත් එය ලෝක පරිමාණ තත්ත්වයක් එයට ලෝක පරිමාණ විසඳුමි අවශ්‍යය බව නේද ඔබ කියන්නෙ.
කවුද ඉතින් අපේ ජීවන රිද්මය සකසන්නේ?

අපේ බොහෝ වෘත්තික මහතුන්ට සාමාන්‍යය ළමා ජීවිතයක් තරුණ ජීවිතයක් තිබුනේ නැහැ. දෙමා පිය හෝ සමාජ පීඩනය නිසා හෝ ඒ අය තරගයට මුහුණ දී ජීවිතයෙන් භාගයක් අහිමි කර ගත්තෝ වෙති. වැඩ කිරිම එනමි හැම මොහොතටම මුදලක් උපයනු ඇර වෙන දෙයක් ඔහු නොදනිති.
කැස්ස හෙමිබිරිස්සාවද ගසාගෙන කණ සමහර  වෘත්තිකයින්ට අනුකමිපාව දීමට තරමි සාමාන්‍යය ජන විඥානය දියුණුවෙමින් ඇත කඔුරුපිටියේ ආරියවතීලා ජීවිත පරිත්‍යායගයෙන් ජන විඥානය අවදිකරමින් ඇත.
බලාපොරොත්තු නැතිකරගත යුතු නැත

Friday, September 3, 2010

Pakistan Cricket Match Fixers and Dilshan

පාකිස්තානු ගංවතුරෙන් ලංකාවෙ ජනගහනය තරමි මහ ජනකායක් අනාතවෙලා
කි‍්‍රකටි කණ්ඩායමෙ තුන්දෙනෙක්ගෙ තවමත්  ඔප්පු නොවූ වරදකට (in the western media )මහ විශාල ඝෝෂාවක් ඇයි?


තවත් කාරණාවක් අමතක වෙන්න පලමුව.
ඉන්දියානු සීරිස්  එක දිනල දුන්නු ගමන්ම ඩිල්ශාන්ගෙ වැරදි හොයනව මට මතක් වෙනව ශේන් වෝන්ටත්  කරපු දේ ඒ වගේ ගේමක්ද මෙකත්?

Edward De Bono

එඩිවඩි ඩී බොනෝ කියනව වසර 2400 කට  පසුව එනමි ඇරිස්ටෝටල් ප්ලේටෝ සහ සොක‍්‍රටීස්ගෙන් පස්සෙ චින්තනය ගැන වැඩිම අවධානයක් යොමුකල තැනැත්තා ඔහුය කියල ඇත්තද කථාව?

Thursday, September 2, 2010

Yonni Barrios- one of the 33 Chilean Trapped miners

පොලව ඇතුලෙ හිටියත් නසී ගොඩට ආවත් නසී

පතලක් කඩා වැටීමෙන් කි මී භාගයක් යට මහ කලු ගලකට සිරවී යටවී කවදා පොලව මතු පිටට එ ගත හැකිවෙදැයි නොදැන මහත්වූ අභාග්‍යයකට මානසික හා ශාරිරික පීඩනයකට මැදිව ඉන්නාවූ පතල් කමිකරුවන් 33 දෙනෙක් අතර සිටින යොන්නි බැරියෝස් මුහුණ දී ඇත්තේ පොලව ඇතුලෙ හිටියත් නසී ගොඩට ආවත් නසී තත්වයකටය පොලව ඇතුලේ අපායක සිරවී සිටින තම සැමියා වෙනුවෙන් පතල අසල කෙරෙන පින්කමි බඳු වැඩකදී බැරියෝස් නමි තම පෙමිවතා වෙනුවෙන් වෙනුවෙන් වැලපෙන තවත් ගැහැණියක් ඇයට හමුවිය මෙය බැරියොස් දැනගත් විට ඔහු ගොඩට එන්න කැමති වෙවිද

පින් සාප්පුව

ඊයෙ රැ අපේ ගෙදරට ආ හිතවතෙක් කිවිව ලාංකීය භික්ෂුව පොදුවෙ සීලයෙන් ගුණයෙන් පිරිහිලා කියලා-සැප් 2010. මට මතක් උනා වල්පොල රාහුල හිමියන්ගෙ සත්‍යෝදය ලිපියක තිබුන කියමණක්-1933 දී ලියන ලද. ගිහියන් සිතා සිටින්නේ තමන් කොපමණ දුස්සීලව හැසුරුණත් පන්සලට ගොස් රැගෙන ඒම සඳහා භික්ෂුව විසින් පින්රැස්කොට තබාගතයුතු බවකි, කියල. තවත් සමාන තේරුමි දෙන කතාවක් කියල තිබුන මගේ ගරුත්වය හිමිවන කලාකරුවෙක් වන ධර්මසිරි බණ්ඩාරනායක, එනමි ලාංකික සමාජයේ මුග්ධ භාවයට යමින් පවතින බවට සාක්ෂියක් නමි නාට්‍යාගාර හිස්වෙනවා පන්සල් පිරෙනවා සහ මිනිස්සු එන්න එන්නම නපුරුවෙනවා කියලා.