Followers

Sunday, October 31, 2010

කුක්කු බබාලාගේ නැගීම හා ගුණදාස අමරසේකරගේ උත්තර සංවාදය-මෙය ලියුවේ 2010 ඔක් 31 දා

demerge1.jpg (400×285)
අසූවිය පිරෙන ගුණදාස අමරසේකර ශූරීන්ට දීර්ග ආයු පතමි.

විදේශීය ගුවන් විදුලියක යෙදුනු සංවාදයකදී  ඔහු 56න් පසුව හොද සාහිත්‍යය නිර්මාණ බිහිනොවූ බවත් ලාංකීය සාහිත්‍යය තුල උත්තර සංවාදය සිදුනොවූ බවත් පවසයි.

මාර්ටින් වික‍්‍රමසිංහ හා පියදාස සිරිසේන හොද නිර්මාන කල බවත් මිලාන් කුන්දේරා ආදීන්ගේ පශ්චාත් නූතනවාදි ජරාව අපට නෝබිනා බවත් සාහිත්‍යය සමිමානයෙන් පුදලද කන්දක් සේ මා හොද නිර්මාණ නොවන බවද කියයි.
සෝවියටි සාහිත්‍යයෙන් අප ආභාෂය ලද යුතුය. අමෙරිකානු සාහිත්‍යයෙන් ගන්නට දෙයක් නැත.

ඔහු මේ කතාකරන්නේ ඇත්ත පාගාගෙනය.
උත්තර සංවාදය නැගෙන්නට නොදී පාගා ගත්තේද ඔහු ඇතුලු ජාතිවාදී බලවේගය විසිනි. සෝවියටි සාහිත්‍යයෙ මැක්සිමි ගෝර්කිගේ අමිමා ආදී කෘතීන් පීඩිතයින්ගේ දුක්බර ජීවිතයත් උන් පිඩකයින් හා යෙදුනු අරගලයේ හරස් කඩක් කපා පෙන්වයි.
56න් පසුව පීඩකයින් පැත්තගෙන සිටි  ගුණදාස අමරසේකර ඇතුලු අප හැම සිටියේ පීඩිතයින්ට ප‍්‍රශ්න නැත, ඇත්තේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් පමණි යන ස්ථාවරයේය. පීඩිතයින්ගේ ප‍්‍රශ්න ගැන කථා කල අය ලියු අය ත‍්‍රස්තවාදීන් විය. ඉතින් කෙසේද උසස් නිර්මාන බිහිවන්නේ.
ලංකාව බුද්ධිමය සංවාදය අරහං සංස්කෘතික කාන්තාරයක් වීමට ජනයාගේ බුද්ධියට නිගාකරන ප්‍රේමදාස සමයේ සපත්තු සුප් බබාගේ වර්තමාන දිගුව වන රාජපක්ශ සමයේ කුක්කු බබාලාගේ නැගීමට හේතුකාරක වූ පුද්ගලයින් අතර අග‍්‍රයෙකු වන මොහු දැන්වත් සිහිඑලවා ගත යුතුය.

-------------------

සෙරෙප්පු සුප් බබා,  කුක්කු බබා යනුවෙන් හඳුන්වනුයේ කවුදැයි ඔබ දන්නවා ඇත..

Wednesday, October 20, 2010

සවුදි කුමරා සිය සේවකයා අමානුෂික අන්දමින් මරයි

සවුදි කුමරා (රජුගේ මුණුපුරෙකු වෙ) සිය සේවකයා අමානුෂික  අන්දමින් පහරදී මරයි.

පසුගියදා ලංඩනයේ හෝටලයකදී මෙය සිදුවි ඇත.

අවු 20ක සිර දඩුවමක් නියම වෙි.

කුමර- කුමර සමිබන්ධයක්ද තිබී ඇති අතර එය සවුදියේ මරණයට කාරණයකි.

නිදහස් වුවද ඔහුට එහි යාමට බැරිය.

ගෙදර ගියත් නසී.....

රජ පවුලේ උන් මිනි මරති.

පොඩිඋන් ඇණ ගසති.

......................................................

ඇමතිවරු රටවැසියන් ගස් බදිති.

පොඩිඋන් ගුරුවරුන්ට පොලු පහර දෙති.

මගෙ හිතේ තව ’අසපු’ මදි.. බණ කියනව මදි...

ජනපති බලතල මදි......

ජීවන වියදම හා ආතතිය වැනිදේ දැන් ප‍්‍රශ්න නොවෙයිනේ.

Tuesday, October 19, 2010

අපේ කෙල්ලන්ට චොයිස් එකක් A choice for Lankan girls

අධ්‍යාපන අමැති එස් බීගෙ කතාව තරමක් එකග වෙන්න පුලුවන්.

හැම දෙයකම විවිධත්වයක් තිබිය යුුතුයි.

ලංකාවෙම තිබුන විවිධත්වය ඈතට පලවා හැරල දැන් ආනයනය කරන්නයි සූදානම.

ඉහිරුන කිරට අඩල පල කිම?

 ඔස්ටෙ‍්‍රලියනුවන් සිතන්නේද තම සංස්කෘතිය තරමි ඉහල දෙයක් මෙි මිහිපිට

නැති බවකි. ඉංග‍්‍රීසිනුත් එසේමය. ඒත් මෙි දූපත් වාසී දෙගොල්ලන්ම විවිධත්වය

ආනයනය කරති.

තූත්තුකොඩි- මන්නාරමි නැවි සේවය වහා ඇරඹීමත් වහාම කළ යුතු දෙයක්.

 ලාභ ගුවන් සේවාවන් ඇතිකොට  අපේ දූපතද වහ වහ අවට ලෝකය හා

සමිබන්ධ කල යුතුය.

ෆ්‍රෙඩී සිල්වා- Freddie Silva, විජය කුමාරතුංග, පේ‍්‍රමකීර්ති, නිහාල් සිල්වා, ක්ලැරන්ස්, මිල්ටන් යුවල

freddy1.jpg (14258 bytes)
this photo is taken from the web

ෆ්‍රෙඩී සිල්වා (1938-2002) ලංකාවම හිනැස්සූවෙිය.


මිය ගියේ අන්ත අසරනයෙකු ලෙසිනි. අන්දරේද මිය ගියේ එලෙසය.


අන්දරේ ගස් යට මහ මගය. ෆ්‍රෙඩී සිල්වා අනුන්ගේ ගරාජයකය.


ෆ්‍රෙඩී සිල්වාගේ චරිතයට සාධාරණයක් ඔහුගේ විහිලුවට බඩ අල්ලාගෙන සිනාවූ අපෙන් ඉටු වූවාද?

ඔහු දේස පාලන වේදිකාවේ ගී ගැයූ බව සැබෑය. අනුන්ගේ ගරාජයක අසරනයෙකු ලෙසින් අවසාන කාලය ගෙවීමට තරම් පවක් ඔහු කලාද?

ඔහු මිය යන විට ලංකාවෙ නිපදවුනුු චිත‍්‍රපට සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවක ඔහු රගපා තිබුනි.

 ඔහුගේ නැගීම හා වැටීම ලාංකීය සමාජයෙ පරිහානිය හා සමපාත වන බැවින්  අධ්‍යයනය මහත්වූ

වටිනාකමකින් යුක්තය.

 විජය කුමාරතුංග, පේ‍්‍රමකීර්ති, නිහාල් සිල්වා, ක්ලැරන්ස්, මිල්ටන් යුවල, ආදීන්ගේ අකල් නික්මීම ඒ මහ

පරාභවයේ ගමන් මග සනිටුහන් නොකලේද?

ප්‍රසිද්ධ කලාකරුවනට දේශපාලනයෙන් ගැලවීම උගහටය, ෆ්‍රෙඩීටද ඔවුන්ගෙ ජයග්‍රහන වෙනුවෙන් සිය

කොටස ඉටුකරන්නට සිදුවිය.  ප්‍රේමකීර්ති වැන්නන්ට වූයේ එහි විරුද්ධ පැත්තය. බලය තිබෙන පැත්තට

හෙත්තුවීම නොවීමයයි අනුමාන කළ හැකිය.

එනමුත් ජාතික සමගිය වෙනුවෙන් ෆ්‍රෙඩී සිල්වාගෙන් ඉටු වූ සේවය නිසි ඇගයීමකට ලක්වූයේ නැත.

ඉතිහාසයේ සරදම නම් ඔහුගේ ඒ ජනප්‍රිය ගී බොහෝමයක් ලියා තිබුනේ විරුද්ධ කඳවුරේ සිටි ප්‍රේමකීර්ති වීමය.


ප්‍රෙමකීර්ති රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස චතුර ලෙස කතා කරනු අසා බලා ඉන්නට ආසා

නොවන කෙනෙකු නොවීය. එහෙත් එහෙම අය සිටි බව ඔහුගේ අකල් නික්මීම සාක්ශි දරයි.

සුදු ජාතික ඇඳුමෙන් සැරසුනු ප්‍රේමකීර්ති වරක් අප ඉරිද ඉස්කෝලෙ උත්සවයකට පැමිණ කවි ගායනා කලා මතකයි.



නිහාල් සිල්වා ඉතාම දක්ශ උපතින් දස්කම් උරුම කරගත් විකට නලුවෙක්. සාජන් නල්ල තම්බි වැනි බාල

ප්‍රහසන තුලින් ජනප්‍රිය වූ ඔහුගේ ඒ දස්කම් වලින් ප්‍රයෝජන ගත්තේ වෙන කවුරුවත්. ඔහුගේ හදිසි මරණය

සැක සහිත බව කියනු ලැබේ.

විජය ඇත්තටම ශරීර ප්‍රමාණයෙනුත් යෝදයෙක්, එක දවසක් වචනයක් දෙකක් කතා කරල තියෙනව.

තහනම් මැයි දිනේදී දැක්කා. ඊට පස්සේ දකින්න ලැබුනේ මල කඳ පමණයි. ඒ මල කඳෙනුත් ප්‍රයෝජන ලැබුනේ වෙන කාටවත්. ලාංකීය සිනමාවේ කඩා වැටීමට විජයගේ මරණය හේතු වු බව පැවසේ.

දසක තුනක් පුරා ලාංකික ගීතය නව මඟකට යොමු කල, සිංහල පොප් ගීතය හඳුන්වාදුන් සංගීතවේදියා අපෙන් සමුගත්තේ වයස පනස් තුනේදී, ජෝති පාලත් 53 දිමයි, මිල්ටන් මල්ලවාරච්චිත් 53දීය. මේ සියලු දෙනාම අප වෙනුවෙන් සිය ජීවිත ගත කල අය වුහ. උපයා ගත් මුදලක් තිබුනේ නැත. ඔහුගේ නිර්මාණ අමරනීයයි. අපගේ තරුන කාලය සනිටුහන් කල ඔහුගේ ගී ඇසෙන විට අප නැවත ඒ කාලයට අපව ගෙන යයි.

මත් පැන් ඔවුනට ඉක්මනින් මරණය කැන්දූ බව රහසක් නොවේ.
------------------------
Sanhidha did a program on Clarence on Nov 2010

( ෆ්‍රෙඩී ගැන වසන්ත කලුබන්ඩාරයන් 'රසකතා'වට ලියූ ලිපියක්)

http://youtu.be/kVDukhuGGBg, Sanhinda did a program on 2010, Dec 5, on Fredie's life, we must be thank full to Indrajith Suraweera  and his team for pioneering this project.


-----------------------------------

Tuesday, October 5, 2010

Extra Large ඇදුමක්ද? - 2018 පොදුරාජ්‍යය මණ්ඩල තරග හමිබන්තොටද ? Gold Coast ද?


CountryGoldSilverBronzeTotal
1.Australia910524
2.India54211
3.England26412
4.Malaysia2215
5.South Africa2114

රජයට මුදල් නැතැයි කියා රාජ්‍යය ආයතන විකුණන රොහල් වැඩිදියුණුවට මුදල් නැතැයි අඩන කුයීන්ස්ලන්ත ආණ්ඩුව ඩොලර් කෝටි දහසක් වැය වන  පොදුරාජ්‍යය මණ්ඩල තරග  පවත්වන්නේ කුමණ අරමුනකින්දැයි එහි ජනතාව ප‍්‍රශ්න කරයි.

පසුගිය දවසෙක තිබුණු රැස්වීමට නොගියත් ලංකාවෙ ලංසුව තවමත් බලපවතින බවත් චීනයේ සහයෝගය සහ ඔවුනගේ බලපෑම ඉතා බලවත් විය හැකි බව ඔවුහු පවසති.



The influence of China has also been noted by Gold Coast 2018 bid chief executive Mark Peters, who said he was taking Hambantota's bid very seriously.
"We're respecting their bid - there's always that question about what does that Chinese investment mean for the bid, but no-one has the answers to those questions," he said.
"This is not a lay down misere - you see what's happening in cricket at the moment, where suddenly there are different influences playing out.
"We're in a much more political world than we've ever been."
Mr Peters said 71 nations would cast their votes to determine the successful candidate city, which could play into Sri Lanka's hands.
"The fact is that's their vision is to recreate their country after the civil wars and the tsunami," he said.
"They have a very strong legacy argument that could go over strongly with some of the African and Caribbean countries."
Foreign policy expert Keith Suter said it was plausible China would seek to build on its sphere of influence by offering behind-the-scenes support to the Sri Lankan bid.
But Beijing would be careful not to be seen to work against Australia.


2018   පොදුරාජ්‍යය මණ්ඩල තරග ලංකාවෙි පැවැත්වීමට පෙර අප කළ යුතු අවධානය දැමිය යුතු වෙනත් සංවර්ධන වැඩ නැතිද? මෙි උපායමාර්ගය රටට වැඩ දායකද? තරගයේ තුන්වන දිනය වන අද වන තෙක් එකම පදක්කමක්වත් අප දිනා නැත. පොදුරාජ්‍යය මණ්ඩල තරග  ලංකාවෙ පැවැත්වීමට ක‍්‍රීඩාවෙි දියුණුවට පෙළඹවීමක් වෙිද?

කුඩා නගරයක් ලෙස පවතින හමිබන්තොටට සිය සිරවූ බිලිදූ ඇදුමි එකවරම උනා දමා  Extra Large  ඇදුමක් ඇන්දවිය හැකිද?මගේ අදහස නමි එසේ කිරීමට බැරිකමක් නැත යනුයි.
ඒත් මම කැමතිම දේ තමයි මෙන්න මේ ටික.
"The fact is that's their vision is to recreate their country after the civil wars and the tsunami," he said.
එ් අයගේ ඉදිරිදැක්ම තමයි සුනාමියෙන් යුද්ධයෙන් විනාශවුන රට නැවත ගොඩනැගීම

Monday, October 4, 2010

වාසු නිහඩතාවය බිදී

පරණ වම වැටි ඇති අමාරුව වාසුගේ Daily mirror, Hot seat        සම්මුඛ සාකච්ඡාෙවන් පෙනේ. සිංහල දෙමල සහ ඉංග‍්‍රීසි යන තෙබසින්ම චතුර කථිකයෙක් වන වාසුට අහන ප‍්‍රහ්නවලට උත්තර දීමට වචන සොය සොයා අමුන අමුණා කතාකිරීමට සිදුවිය.
අපේ පිල සහ ඔවුන්ගේ පිල වාසුගෙ අර්ථකතනයට අනුව අපේ පිලට කමිකරු, ගොවි සහ සුලු ව්‍යාපාරිකයන් අයත් වෙි, ඔවුන්ගේ පිල අධිරාජ්‍යය ගැති බලවෙිගයයි.
උන්ගේ පිල බලයට එ්ම වැලැක්වීම පිණිස, එයට අකමැති වුවත් 18 වැනි සංශෝධනයට එකගවීමට සිදුවිය.

My position is " I disapprove...."
but
political strategy- want to work with UPFA
political position- ....

This is a quantitative matter, not a qualitiative matter?

Friday, October 1, 2010

හැම දෙයටම මිලක් ගෙවිය යුතුව ඇත. KP ට තරමි සල්ලි ෆොන්සේකාට නැත

සරත් ෆොන්සේකාට ගෙවිය යුතුව ඇති මිල, ලොකයේ මහ බලවතුන්ගෙ බලයට සහ ලංකාවෙ දේශපාලන සාමිප‍්‍රදායික බලයටඅභියෝග කළ නායකනට සාපේක්ෂව ඉතාම සුලු මිලකි.
 මැන්ඩෙලා අවුරුදු 25ක් හිරේ හිටිය.
 සරත් ෆොන්සේකාට තුන්වැනි බලවෙිගය වාවාගැනීමෙි සහ රනිල්ව බෙිරාගැනීමෙිසමත්කමට ලද පොඩි පරිවාසික පුහුණු පාඨමාලාවකි.
ලංකාවෙ දේශපාලන සාමිප‍්‍රදායික බලයට අභියෝග කළ නායකයින ජීවිතයෙන් මිල ගෙවා ඇත.
බණ්ඩාරනායක, පේ‍්‍රමදාස, විජේ, විජේවීර, ප‍්‍රභා.........who is next?

ඔවුන් අත සමිමත රබර් මුද‍්‍රා තිබෙි. සමසමාජකාරයා, කොමිනිස්කාරයා,චෙිගුවෙිරාකාරයා JVP,  Naxalite,
LTTE.........
අනාගතයේ අලුත්ම ඒවා අතර බෙීබද්දා, පන්සල් විරෝධියා, හාමුදුරු විරෝධියා, බුද්ධාගමි විරෝධියා සල්ලාලයා එකතු නූනොත්ය පුදුමෙි

එම කාලය සරත් දැනුවත්ව පාවිචිචිකොට ඉක්මනටම ආණ්ඩුවෙි හෝ විරුද්ධ පක්ෂ ආණ්ඩුවෙි ඉහල තනතුරක් ගැනීමට මල්වතු අස්ගිරි පාර්ශ්වයේ ශ‍්‍රී ආශිර්වාදය ලබාගෙන  අධිෂ්ඨාන කොටගතමනාය, නැතුව කල් මැරීමෙන් ඉතිරිවන්නේ මහ භාණ්ඩාගාරයේ දංකූඩ පමණි.

කාඩ් ගැසීම, හංවඩු ගැසීම හා මරණය

කාඩ් ගැසීම තරමක් විනොදයට කරන වැඩකි. එහෙත් හංවඩු ගැසීම මරණයට කාරණාවක් වෙන්නට පුලුවනි.

මතක ඇති කාලයේ ලංකාවෙි හංවඩු ගැසීමි

83 සිට මෙි දක්වා- LTTEකාරයෝ
88-89- ජේවීපීකාරයෝ
77-ශ‍්‍රීලංකාකාරයෝ
71 චෙිගුවෙිරාකාරයො, ජේවීපීකාරයෝ

ඉංදියාව
1947, 1965, 1971
මුස්ලිමිවීම- හින්දුවීම

කාමිභෝජය
1976-79
කාමිබෝජය ’පිරිසිදුකිරීමට’
'අපිරිසිදු'
ජනගගණයෙන් සියයට 21 මරණයට යොමුකලේය

වියටිනාමය?

ඉංදුනීසියාව- ලක්ස 5ක් ජනතාව ඝාතනය විය

කොරියාව?

සොමාලියාව?

කියුබාව?

 ජර්මනිය?
1945 යුදෙවිවෙකු වීම- ලක්ෂ 60 යුදෙවිවන් මැස්සන් මෙන් මරා දමන ලදි

චීනය?

1917ට පෙර හා පසුව රුසියාව
කොමියුනිස්ටි වීම සහ පසුව නොවීම