Followers

Monday, December 20, 2010

කොවුර් මහතානෙනි, නැවත අප අතරට එන්න

තර්ස්ටන් විද්‍යාලයේ කලක් ඉගැන්වූ කොවුර් මහත්තය අපේ කාලයේ වීරයෙක්.

ගිනි පෑගීම ගැන තිබූ අවිද්‍යා විශ්වාසයට අභියෝග කලා.

(එකල සුලබ දෙයක් වූ වාර්ෂික සර්ව රාත‍්‍රික දෙවොල් මඩු නැතිනමි ගමි මඩු අවසානයේ- පසුවදා උදේ පැවැත්වෙන ගිනි ගොඩට මැර කොල්ලන් හොරෙන් යකඩ ඇණ දමා කපු මහත්තයාගේ දේව වරමිවලට අභියෝගකල අවස්ථාද දැක ඇත්තෙමි.)

ජලය මත ඇවිදීමට අභියෝග කලා. අභියෝගය කවුරුවත් භාරගත්තේ නැහැ.

මිථ්‍යයා විශ්වාස තවමත් රජ කරන, දුප්පත් ජනයා සූරාකන අවස්තා කොපමණද?

ඔිනෑවට වඩා හදහන්, යාග, හෙමිබිරිස්සාවටත් විශේසඥයින් හමුවට යාම ආදිය.

එ් වෙලාවට මට හිතෙනව තවමත් කොවුර් මහත්තය හිටිය නමි කියල.
http://arumugam.tripod.com
---------------------------------------
divaina article on challenging supestitous beliefs
වරම් මොටද ගිනිපිට ඇවිදන් යන්න....? 12/4/15

http://www.divaina.com/2012/04/15/feature02.html

Sunday, December 19, 2010

පොඩි හාමුදුරුවෝ සහ මෙලනි


ලගදි දිනක නිවෙස් පිරි වීදියක ඇවිදගෙන ගිය වෙලාවක ඇස ගැසුන මලින් පිරීගිය සුදු අරලිය මල් ගහක්. පලාතම සුවදයි. අරලිය මලුයි පන්සලයි බොහෝම කිට්ටුයි.
ඉතින් මට මතක් උනා අපේ ගමිපලාතෙ පන්සල.

ටිකක් ඒවට මේවට බර උපාධිධාරී, ටියුෂන් කඩ හිමි, හතර රියන් ලොකු හාමුදුරුවොයි සිල්වත් පැහැපත් ගෝල හාමුදුරුවන් වන සුමංගලයි බොහෝම හොදට හිටිය.(හිටිය වගේ පෙනුන. )

විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමත් සමගම මම ටිකක් පන්සලෙන් ඈත් උනා.
ඒ  දවස්වල පන්සල් ගිය දිනක  සුමංගල හාමුදුරුවො ඇහැව්ව ඇයි දයාල් දැන් පන්සල් එන්නෙ නැත්තෙ කියල. බොළද දේශපාලන ළදරු වලිප්පුව, ළදරු සර්වතෝභද්‍ර වාදය, ආදී රෝග වැළදී සිටි ඒ කාලෙ මම හිතට ආව දේ අවංකව කිවිව.

"වැරදි කර කර පන්සල් එන්න මම කැමති නැහැ." වැරදි යයි මා එදා අවංකව විශ්වාස කලේ ඉද හිට මද්‍යය පානයයි.

පන්සල් එන්නෙ වැරදි හදාගන්නටයි. සුමංගල පොඩි හාමුදුරුවෝ දේශනා කලා.

වැඩි කලක් ගතඋනේ නැහැ.

කොල්ලො ගොඩක් එක්ක යාලුවෙලා හිටිය අසිනි එක්ක සුමංගල නැවත ගිහිගෙට වන් සේක.

ලොකු හාමුදුරුවො තවමත් සාසනේ ඉන්නව.  ටියුෂන් කඩ නැහැ. දැන්නමි බොහෝම හොදයිලු.
අරලිය ගසුත් තවම තියෙනව. මමත් පන්සල් යනව. වැරදි තාමත් ඉදහිට වෙනව.
කෙස් බාගෙට බාගයකුත් පැහිල.

Saturday, December 11, 2010

දයා පතිරණ, රෝහණ රත්නායක

මම ඔය දෙන්නගෙම මලගෙවල්වල ගියා බයෙන් බයෙන්.

පතිරනගෙ මලගම තිබුනෙ මාතර  අපරැුක්කෙ. බාහු තමයි හිටිය එකම දේශපාලකයා කතාවක්වත් කරන්න.

පතිරණගෙ දස්කමි අතර මෙිස පන්දු ක‍්‍රීඩාව තමයි මගෙ හිත් ගත්තෙ. රෝහණගෙ මලගමට කුරුනෑගල ඉදලත්

මහ දුරක් ගියා. රෝහණට පුලුවන් ගෝනියක බහින්නෙ නැතුව ගෝනියක බැහැල වගේ නටන්න. දැක්කම

ඉල ඇදෙනකමි හිනාවෙන්න පුලුවන්. රෝහන නැතිවුනේ පොලිස් වෙඩිපහරින්. පතිරන නැතිවෙචිච හැටිත්

රටම දන්නව.

දෙන්නම බොහෝම සාමාන්‍යය පවුල්වලටයි අයිති.

අන්තිමෙි කල්පනා කරල බලනකොට වෙලා තියෙන්නෙ ඒ අසරණ පවුල් නගාහිටුවන්ට හිටිය කොල්ලො

නැතිවෙචිච එක විතරයි.


ශිෂ්‍යය සටන් නවක වද වැඩක් ඇති දේවල්ද කියල හිතෙනව. බොහෝ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පාර්ලිමෙින්තුවෙත්

ඉන්නව. ශිෂ්‍ය ක‍්‍රියා මඩින්නයි ඒ අය ක‍්‍රියාකරන්නෙ.අන්තිමෙිදී මෙිසෙ මෙහා පැත්තෙද එහා පැත්තෙද

ඉන්න තැන අනුවයි ප‍්‍රශ්නෙ දිහා බලන්නෙ. විහිලුවකුත් වගේ. එ්ත් ඇත්ත ඒකයි.

හැම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුටම වැඩපොල මටිටමෙි පුහුනුවක් ලැබීමට අවස්ථාවක් සැලසීම මෙි


අපගමනය වලක්වාගැනීමට එක් මගකි.

http://sannasa.sinhalajukebox.org/2008/Jan/2008Jan_page08.pdf

Friday, December 10, 2010

පබා, පබලු සහ පාර්ලිමෙින්තු යෑම?



පාර්ලිමෙින්තු යන කෙටි මගක් තමයි ජනප‍්‍රිය ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතයක් කිරීම.

පබා නාට්‍යයෙන් පබා ගියා, පබලු වලින් කවුරු යයිද?

දේශපාලන වෙිදිකාවෙදි අනාගත්තත් පබාට මිනිස්ස ුබැන්නත් පබා යමි තැනක කිවිව ප‍්‍රතිපත්ති කුමක්ද කියල මම කරදර වෙන්න යන්නෙ නැහැ මම බලන්නෙ පුද්ගලය හොදද නැද්ද කියල. ඒකෙත් ඇත්තක් නැත්තෙ නැහැ.


ටයිප් -2 ඩයබීටීස් Type 2 Diabetic

මෙි රෝග තත්වයට හිරු එලියේ  ශරීරඅභ්‍යාසවල යෙදීම හොද බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. විටමින් ඩී ඌනතාවය සහ ටයිප් -2 ඩයබීටීස් අතර
සෘජු සමිබන්ධයක් ඔප්පුකර තිබෙනවාලු.

ලංකාවෙි නමි ටෙලිනාට්‍යය ජනප‍්‍රියවීම සහ ටයිප් -2 ඩයබීටීස්  ඔප්පුකර නැති සෘජු සමිබන්ධයක් තිබෙනවාලු. ( පිටකොටුවෙ හාමුදුරුවන්ගෙ බණ බලන්න-

BANA DESHANAWA 2-ATHTHARAGAMA THERO-FORT 

TEMPLE

http://www.youtube.com/watch?v=_Pazhop1rOQ

Thursday, December 9, 2010

ගැහැනු සමග මිත‍්‍රවෙන්න බැරි පිරිමි විශ්වාස කරන්න එපා


මේ ලගකදි මං කියවපු දෙයක්.

ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට එයාගෙ අමිම  එහෙම කියල තියෙනව.

අමිම කියු ඒ දේ ජීවිතේට හරි ප‍්‍රයෝජනවත් උනා.

මමත් විශ්වාස කරන දෙයක් ඒක.

පිරිමි ගැහැනු ගැනත්, ගැහැනු පිරිමි ගැනත් අවබෝධය කුඩා අවධියේ සිටම ලැබිය යුතු දෙයක්.

(අපේ අම්ම ගැහැනියක්, අක්කා ගැහැනියක්, නංගි ගැහැනියක්.

බිරිඳත් ගැහැනියක්

ඔබ හිතනවාට වඩා ගැහැනු ප්‍රබලයි.ස්ත්‍රින්ට බලයක් නැත යයි සිතන්නේ බඳින්න නැතිනම් විවාහ වීමට පෙර

පමනි.)

උපාසක බලල්ලු හැදෙන්නෙ එහෙම නැති කොටයි.

උපාසක බලල්ලුන්ට මීයො ගොඩක් අල්ලන්න වෙන්නෙ එ්ක නිසා වෙන්න ඇති

ගැහැනු නැතිව කුමන ලස්සනක්ද?
----------------------
ඒ වාගේම මුදල් හසුරුවන විදියත් කුඩාකල සිටම අනිවාර්්‍යයෙන් දරුවන්ට හුරු කල යුතු දෙයක්

Wednesday, December 8, 2010

පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්වෙනවා' ????

"මනුස්සකම අඩු ‍කරගන්නකොට පෝසත් කම වැඩි වෙනව.
පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්වෙනවා.

ක්‍රස්තියානිවල කියන්නේම ඕක‍නෙ. දෙමාපියන් මහලුමඩමට කිසිම කරුණාවක් නෑ උන්ලග තමාගේ දියුණුව විතරයි.

ඔබත් අදම පෝසතෙක් වෙන්න. ඔන්න මම කිව්වා මග."


කියල   avani කමෙන්ටි එකක් දාලා තිබුනා.

මනුස්සකමි නැත්තේ පෝසතුන් අතර පමනක්ද

මුදල පිලිබද මිථ්‍යා මතත් දුප්පත් කමට හේතුවක් කියල මට හිතෙනව.


ඇත්ත, මුදල අපව වැඩවසමි බැමිවලින් යමි තරමකට මුදාගත්තත් එය මුලු සමාජයම තම අනසකට යටත් කරගෙන.
හැම ආගමකම කියනව වගේ සල්ලි සර්පයෙක්. නැත්නමි ගින්දර වාගෙ.

හැබැයි සුද්දගෙන් ආවා කියල ඉංග‍්‍රීසි භාෂාව එක්ක වගේ මූනත් එක්ක තරහවෙලා නහය කපා නොගත යුතුය. අපට ඉංග‍්‍රීසි උගන්නන්න දැන් ඉංදියාවෙන් ගෙන්න වෙලා. කාලෙකට පෙර ඉංදියානුවනුත් සවන් දී ඇත්තේ RADIO CEYLON එකටයි

මම අත්දැක ඇති දේවල්
1. ඉගෙන ගෙන ඇති පලේ කුමක්ද
2. සල්ලි හමිබ කරල ඉතුරු කරල ඇති පලේ මොකක්ද. යන කොට ගෙනියනවද
 ආදීවශයෙන් අනුන් මන්දෝත්සාහි කරන්නන් මෙවා කියන්නෙ හිතට එකගවද?

මුදලේ වාලෙක් වීම හා කෙනෙකු ඉන්නා තැනින් ගොඩඑ්මට උත්සහකිරීම එකක් නොවෙි නේද?

Tuesday, December 7, 2010

පෝසත් වෙන හැටි- break the debt cycle

සල්ලිබාගෙ හිගවීම නිසා, එනමි ආදායමට වඩා වියදම, ණය බර, අඩු ආදායම, ආදායමි මාර්ගයක් නැතිවීම, අඩුම තරමින් මූලික පහසුකමි ලබාගැනීමට අවශ්‍යය තරමට ආදායමක් නැති කම පෝසත් වෙන්න කෙසේ වෙතත් එදිනෙදා වැඩ කරගන්නත් බැරිව යනවා.

ණය බර,  විශේෂයෙන් වැඩ කරන තැන, ගමෙී, බජාර් එකේ පොලිකාරයගෙන් පොලියට ගැනීම නිසාද මෙි චක‍්‍රයෙන් ගැලවීගත නොහැකිව අමාරුවෙ වැටී ඇති සහොදර සහෝදරියන්ට මා ඇසූ දෙයක් කියන්නමි.

මෙි ණය එකවර ගෙවා දමා නිදහස් වෙනවා කියා සිතුවත් ඔබ කී වරක් මෙි ණය ගෙවා දමා ඇත්ද? නැවතත් ඊලග මාසයේ ණය වෙනවා. ඒ නිසා ඔබ මෙය අත්හදා බලන්න. ණය නොගෙවා  පොලිය පමණක්  ගෙවා ඒ මුදල් වෙනම පරිස්සමට තියල හදිස්සිවලට අවශ්‍යය මුදල් එතැනින ගන්න.

කියන්න ලේසියි කරන්න අමාරු වැඩක්.

අමාරු වැඩකට පොඩිඩක් අත ගහල බලමු.

මෙික කරන්න බැරිනමි ඔබට කොපමණ මුදලක් ලැබුනත් නැවතත් පරණ තැනටමයි. මුදල් නැතිකමට වඩා වියදමි කිරිමට ඇති පුරුදුත් දුප්පත් කමෙි චක‍්‍රයට හේතුවක්ලු.

Friday, December 3, 2010

2011 ලෝක කුසලාන ක‍්‍රිකටි තරගාවලිය වෙනුවෙන් බයිල බීටී එකට ගයන්න පුලුවන් සිංදුවක් හදාගන්න උදවිවෙන්න


 

පලමු අදහස
හෙල ජාතික අභිමානෙ
‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

වීර විකුමි පෑ පිතිකරුවෝ
ලෙදර් බෝල සමිබෝල කෙරුවෝ
ආදී වශයෙන් සීටීගෙ සිංදුවට වෙනත් වචන යොදා ගායනා කිරීම

දෙවන අදහස-ස්ව තන්ත‍්‍ර තනුවක් සෑදීම 


රැප් කරන්න
කාලයක් තිබුනා ලංකාවෙි
යුද්ධෙටත් සාමෙටත් ජාතිය එක් කිරීමට බැරි කාලයක්
එි කාලෙ ජාතිය එක් කලේ
කි‍්‍රකටි ක‍්‍රීඩාවයි

තාලෙට ගයන්න

රටම එක්කල කි‍්‍රකටි
මගේ ආගම කි‍්‍රකටි
96 කුසලානෙත ගෙනාවෝ
2011 කුසලානෙත ගේනවෝ

වැල්ලෙත් කැරකෙයි මුරලිගෙ ධුස්රා
සංගා මහේල නායකයො හරි සූරා

ඪිල් සකූප් හැන්දට කීපර් හරි වොරී
ඪිල්ෂාන් මල්ලි හොදට බෙදබන් කරී

අනංගයා වරෝ
මලිංග මල්ලී වරෝ
කකුලටම ඇරෝ
මැතිවි මල්ලි වරෝ
හයේ එකක් ඇරෝ

මෙි අපේ වාරයයි
ලංකාවෙි වාරයයි

සදාකාලික ඇඩු දනහට
සතුටු කදුලක්
දුන්නු සොයුරනි
අපේ ආගම ක‍්‍රිකටි ආගම

ඔසියන්ටත් ඇරෝ
ඉංදියන්ටත් ඇරෝ
පක්කන්ටත් ඇරෝ
කල්ලන්ටත් ඇරෝ
සුද්දන්ටත් ඇරෝ


මහනුවරින් හුරේ
මාතරිනුත් හුරෙ
යාපනෙනුත් හුරේ
කොලොමිතොටින් හුරේ
මඩකලපුවෙනුත් හුරේ

ලෝකෙ වටෙන් හුරේ


ලෝක ක‍්‍රිකටි කුසලානය වෙනුවෙන් අපේ සටන් පාට


ජාතික කොඩියේ සිංහයා අත ඇති කඩුව ක‍්‍රිකටි බැටි එකකින් ප‍්‍රතිස්ථාපනය කරවි!