Followers

Monday, January 10, 2011

කාලෝ අයං තේ- (2011 Jan 10)



කාලෝ අයං තේ යනුවෙන් ග‍්‍රන්තයක් කලකට ඉහතදී කියවූවා මතකයි.

එම පාලි පාඨයේ තේරුම මට මතක ඇති පරිදි 'මේ ඔබගේ කාලය' යන්නයි

ම හිතන්නෙ ලියුවේ කේ ජයතිලක ශූරීන්.

ඒත් මේ සටහන එය ගැන නොවේ, කාලෝ පොන්සේකා ගැනය.

කාලෝ මට කිටිටුයි කාරණා කීපයක් නිසා.

පලමුව,
නවක වදය සමිබන්ධයෙන් ඔහු කී දෙයක් නිසා. ජ්‍යෙෂ්ට ශිෂ්‍යයන්ට නවක වදයට එපා නොකියා ග‍්‍රීක ප‍්‍රස්තා පිරුලක් ගෙන හැර පෑවා. එනමි කොල්ලෝ ගෙම්බන්ට ගල් ගසන්නේ විහිලුවටය. ඒත් ගෙමිබන්ට රිදෙන්නේ ඇත්තටමය, කියල.

දෙවනුව, තාරුණ්‍යය දෙස වැඩිහිටියෙකු ලෙස බලන යමි දෙයකට ආරාධනාවක් කලොත් මග හරින්න කරුණු සොයන කෙනෙකු නොවන නිසා.

තවද තමන් අදහන ජීවිතයේ මූලධර්ම අනුව ජීවත්වන දැහැමි මිනිසෙකු නිසා.

ලාංකික දේශපාලනයට සද්භාවය, මානුශික බව, එන්නත් කල,
අපට අමතකව යමින් ඇති දුර්දාන්ත කාලයේදී ලංකාවේ 'ජීවිතය' ජීවත් කරවීමට හේතුවක් දුන් මහ ප‍්‍රාඥයෙකු ලෙස හැදින්වියහැකි පුද්ගලයෙකු නිසාත්.

කාලෝ පොන්සේකාට දොස් පවරන්නට පෙර දෙවරක් නොව දහවරක් වත් සිතා බැලීම වටී.

තත්ත්ව පාලනයක් අවශ්‍යය තැන් පැමිණිවිට ඒ ගැන විවාදයක් ඇති කරිම කල යුත්තක්.

ඇදුම පැලදුම. කෑම බීම, ලිවීමි කියවීමි සහ කතා බහේද ශිෂ්ඨ භාවයක් සහ උසස් මිනුමි දඩුවලට සෑහෙන පරිදි  නැංවිමට වැඩ පිලිවෙලක අවශ්‍යයතාවයක් පැන නැගී ඇත්නමි එය ස්වේජ්චාවෙන් විය යුතු අතර ධනාත්මකව සලකා බැලීම වටී.

මාර්ටින් වික‍්‍රමසිංහ, සරත්චන්ද‍්‍ර ආදීන් ගවේෂණය කල ලාංකික ලකුණ මර්වින්කරණය කිරිම සැලකිල්ලට ගැනීමද එයට දරදිය ඇදීම හා කාලෝ පටලවා ගැනීම සිරස ආදිය සිරස හා සංස්කෘතිය සිදින ද්වේශ සහගත දැනුවත් වැඩපිලිවෙල අවබෝධකරගැනීම හංසයා මෙන් කිරි දියරෙන් වෙන් කර ගෙන කල යුතුය.

 අමරදේව පසක් කල 77 ජනග`ග ගලන දිශානතිය   අවබෝධකරගැනීමට එකල වාමාංශිකයින් දැක්වූ දුරවබොධය කට්ටිවාදය කල වින්නැහිය නොකිවමනාය. සරත්චන්ද‍්‍රට පහර දුන්නෙ ඇත්ත වශයෙන් ඔහු කවුරුදැයි දත්තවුන් විසින් නොවේ.
ප‍්‍රබුද්ධ සහ අප‍්‍රබුද්ධයන් අතරතිබූ පැල්ම මරියානා අගාධය තරමි වූ බවට එය සාක්ෂියකි.(එහෙත් අප‍්‍රබුද්ධ ලේබලය ඇලවුණු 77 දී යූ එන් පී වේදිකාවේ ගැයු ජෝති ව විසින් සදානුස්මරණීය කර ඇත.)

එමෙන්ම 'අප‍්‍රබුද්ධයන්' රජකරවූ 80 වර්ජනයද සතුරාගේ තරම නොදැන හෝ වැරදි ඇස්තමේන්තුවෙන් කල දෙයක්ද?
77 ගැනත් 80 ගැනත් ප‍්‍රාමානික අධ්‍යයනයක් කර තිබෙිද?

ඇදුමි විලාසිතාවලට නීති රීති දැමීම ආදියෙහි ඇති දේශපාලනික උවමනාවන් හා පුද්ගල අභිවාදනය අරමුණු කරගත් දේශ පාලන උප්පරවැට්ටිද, ඇදුමට ජාතික කොඩියට මුවා වීමට තැත් කිරීම එලිදරවිව හංසයා මෙන් කලොත්ය වටින්නේ.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්