Followers

Wednesday, February 16, 2011

විජේවීර සහ ප‍්‍රභා එකම ගමේ ( වගේ)

Prabhakaran's Child-Hood Home_4644b by The Psychedelic Illusionist

විජේවීරටයි ප‍්‍රභාටයි බලපෑවෙි එකම කාලගුණික තත්ත්වයදැයි කෙනෙකුට සැකයක් උපදී. ප‍්‍රභා වැල්වැටිතුරෙයි. විජේවීර හමිබන්තොට. එකක් උතුරු කෙළවර. අනෙක දකුණු කෙළවර. දෙපැත්තම කාෂ්ඨකයි. වියලියිි. මුහුදු හුළග. ප‍්‍රභාගෙ පියා රජයේ සේවකයෙක්. විජේවීරගෙ පවුලටත් රජයේ සම්බන්ධකම් තිබිය යුතුයි මන්ද රුසියාවෙ ශීෂ්‍යත්ව ලබා ඉගෙනීමට ලේසියෙන් යන්න බෑ, කොමිනිස්ටි පක්සෙ ඇදුනුමි කමක් නැතිව.

(ඒ අස්සෙන් මට තව කතාවක් මතක් උනා.
මම දන්න කොමිනිස් පක්ෂයේ කෙනෙකුට හදපු විහිලු කතාවක්.
එ සහෝදරය පොඩි පුතා දග කරනකොට බනින්නෙ මෙහෙමලු.
ලොකු එකා මම බල්ගේරියාවෙ යැවිව.
උඹ දගකලොත් යවනව මුල්ලේරියාවෙ කියල.)-මානසික රෝහල තිබෙන්නේ ඒ පලාතේය

ඉතින් කොහොම හරි ඒ දෙන්නම විජේ සහ ප‍්‍රභා තමන් දන්න සෙල්ලම් පෙන්වල යන්න ගියා.

මම කියන්නෙ මෙිකයි මෙි දෙපසම සමාන සංවර්ධනයකට ගෙන ආයුතුයි.

නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රෙමදාස වැනි තරුණ ලොකු

සමාජ තත්වයක් තිබෙන ඉහල සමිබන්ධකම් ඇති වැඩක් කළ හැකි (පක්ෂය කුමක් වූවත් කමක් නෑ )

නායකයින් සහ එඩිතර රූමත් උගත් කාන්තාවන්  යාපනයේ සංවර්ධනය සදහාද

යෙදවිය යුතුයි.

නැත්නමි කොළඹට කිරි ගමට කැකිරි සංවර්ධනය වගේ.

හම්බන්තොටට අලුත් එයා පෝට්. වරාය ක‍්‍රීඩාංගන.

යාපනේට මුකුත් නැහැ.

මතක තබා ගත යුතුයි වැල්වැටිතුරේට තාමත් මුහුදු හුළං හමනව. කාෂ්ඨකයි. උතුරු කෙළවර.

වැඩි දෙනාට සිංහල අණ්ඩරදෙමළ වගේ.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්