Followers

Thursday, February 10, 2011

ලෝකෙටම සිල් අපනයනය කරමු - Let's Stop Work Monthly!




අවුරුදු දහස් ගනනක් පුරා වැඩුනු මිනිස් ශිෂ්ඨාචාරය විනාශය කරා යන ගමන ඇරඹිලා.

පසු ගිය අවුරුදු දෙසිය තුලයි එය ඇරඹුනේ

මහ කාලගුණ විපර්යාස දැන් ඇතිවෙමින් යනවා.

අති විනාශකාරී න්‍යෂ්ඨික අවි ගොඩගැහිලා.

නිශ්ශබ්ද මිනිමරුවා කාබන්ඩයොක්සයිඩ් වායුවයි. වැඩ කරන්න කරන්න මේ වායුව නිපදවෙනවා.

ඉතින් මම මේ කියන්න යන්නේ අර වායුව නවතන ක‍්‍රම කීපයක්.

විහිලුවක් උනත් අන්තිමට කරන්න වෙන්නෙ මේකයි.

1. වැඩ නොකර ඉන්න එක- වැඩ වර්ජන-( උත්ප‍්‍රාසය නම් විශ්ව විද්‍යාලවලින් පිටවන්නන්ට මේ පිලිබඳව මනා ප‍්‍රායෝගික පුහුනුවක් ලැබීමයි)

2. සිල් සමාදන් වීම

(උත්ප‍්‍රාසය නම් ලංකාවෙ තරම් පරිසරහිතකාමී නිවාඩුවැඩ පිලිවෙලක් ඇත්තේ කොහිද සහ වැඩ නොකර සිටින්නා පරිසර හිතකාමියෙකු වීමයි සහ මෙතුවක් කල් මහන්සිවී නොයෙක් විද්‍යාත්මක සොයාගැනීමි කළ මිනිසුන් මිනිස් සංහතියේ සතුරන් ලෙස පෙනීමයි )

කෙසේ වුවද මේ සංකල්ප විකිණිය හැකි සංකල්ප බව මගේ විශ්වාසයයි.

හොඳ ඉංග‍්‍රීසි නමක් දාලා ලොකු කොම්පැනියක නමත් ගහල බැලුවොත් විකුනගන්න බැරිවෙන එකක් නැහැ

..............................

2 comments:

  1. එල අයිඩියා එක. හික්ස්
    ඇයි තව අයිස් කඳු වගේ වැඩ කරන්න පිට රට යට ට්‍රේනින් එකක් දෙන්න පුළුවන් අපේ ආණ්ඩුවේ කන්තෝරු වලට

    එතකොට කට්ටිය එක තැන වාඩි වෙලා කන්නේ බොන්නේ නැතුව කිසිම හැල හොල්මනක් නැතුව රූප පෙට්ටියට අනිමිස ලෝචනේ කරන්න ඔය 'පබා පබළු පුර්නිමා ප්‍රවීනා ඕලු නෙලුම් මානෙල්' වගේ ගැණු ළමයෙක්ගේ නමක් තියෙන ටෙලි නාට්‍යත් විකුණමු ඇමරිකාවට හෙම.

    අනේ ඇත්තට අපේ රටේ වගකිව යුතු ඇයො මේවගේ වටින අදහස් ක්‍රියාත්මක කරන්නේ නැනේ.

    ReplyDelete
  2. ඔබගේ ප‍්‍රතිචාර තව තව මෙවැනි අතිවිශිෂ්ඨ අයිඩියා දමන්න ධෛර්්‍යයකි ස්තූතියි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්