Followers

Friday, February 4, 2011

නොස්ට‍්‍රඩෑමුස් - Nostradamus

බොහෝමයක් දාර්ශනිකයින් විද්‍යාඥයින්

සිද්ධාර්ථ ගෞතම, චාල්ස් ඩාවින් , කාල් මාක්ස් , ආතර් සී ක්ලාක්

ඇතුලුව බොහෝ දෙනෙකු අනාගතය ගැන අදහස් අනාවැකි පල කරල තියෙනව. 

අනාවැකි කීමට නැතිනමි ජ්‍යොතිශය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට නැඹුරු වූ ප‍්‍රංශ ජාතික වෛද්‍යයවරයෙක් තමයි

නොස්ට‍්‍රඩෑමුස්. ඔහු ශ්ලෝක නැතිනමි චතුස්පද කාව්‍ය රාශියක් ලියා තියෙනව අනාගතය ගැන.
ඒව නොයෙක්

ආකාරය අර්ථ ගැන්වීමට පුලුවන්. සමහර ඒව ඇත්ත වෙලා තියෙනව. බොහොමයක් ඒව වෙලා නැහැ.

නොස්ට‍්‍රඩෑමුස් 2012 මහ විනාශයක් ගැන අගවල තියෙනවලු. අමෙරිකාවෙි සමහර ධනවතුන් හිතන්න

පුලුවන් හැම විනාශයකටම ඔරොත්තු දෙන බංකර් හදාගෙන යනවලු.

එහෙම නමි යාපනේ මිනිසුන් හරි වාසනාවන්තයි පසුගිය කාලෙ පාවිචිචි කරපු බංකර් තවමත් ඇති නිසා

අනෙක ලංකාවෙ හැදුන අපිට ඔය අනාවැකි මහ කජ්ජක්ද?

මුනිදාස කුමාරතුංග ශුරීන්ගෙ කිරිහාමි පොතේ හාමුදුරුවො කිවිව කිරිහාමිට අනාවැකියක්

කඹය ඇදෙයි
ගොනා දිවෙයි
කලය බිදෙයි
වැඩ ගොඩ වෙයි

---------
මුනිදාස කුමාරතුංග ශුරීන්  අද හිටිය නමි ලියයි

හෝ නිහාල් සිල්වා අද හිටිය නමි කියයි අපිලට

මල්ලී ඔිවත් වැඩද මල්ලී

මාත් දෙන්නනකෝ මල්ලී පැනිබෙිරෙන අනාවැකියක්

ජනගහනය වැඩිවෙයි
බඩ පුරවන්න බැරිවෙයි
බල තණ්හාව වැඩිවෙයි
වැඩ ගොඩ වෙයි

හැබැයි කාලෙ නරක්වෙිගෙන එන්නේ කියන එක කාටත් තේරෙනව.

 ලෝකය උණුසුමි වෙිගෙන යන්නේ එය වලක්වන්න පුලුවන් නූනොත් නොස්ට‍්‍රඩාමුස් මෙන්ම නිවුටන් සහ

සිද්ධාර්ථ ගෞතම දෙසු පරිදි සැම ක‍්‍රියාවකම පල විපාක තිබෙි යන්න අවබෝධ කරගන්න කවුරුත් මෙි

ලෝකෙ ඉතිරිවෙන්නෙ නැහැ

අනවශ්‍යය ලෙස ගසක කොලයක් නොකඩන් කියා බුදුන් දෙසු දහමි අමතකව කැලෑ පාලු කිරිමද කෙලවරක්

නැති වාහන භාවිතයද මෛත‍්‍රි බුදුන් වඩින ඊලග මහ භද‍්‍ර කල්පයට කල් යනු ඇත

2 comments:

  1. “ජනගහනය වැඩිවෙයි
    බඩ පුරවන්න බැරිවෙයි
    බල තණ්හාව වැඩිවෙයි
    වැඩ ගොඩ වෙයි“

    සහතික ඇත්ත .........

    ReplyDelete
  2. ස්තූතියි පන්සල් හංදිය!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්