Followers

Thursday, February 3, 2011

සාරිය ඔසරිය රෙද්ද හැට්ටය සෘංගාරය දනවන ඇදුම් ද? Is the Saree a lovable dress?


මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්.

 විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.

මුලු ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ හිතක් ඔලුවක් නැති මලමිනි.

 ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.

දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔබෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා.

 ඇත්තටම ඔබෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප‍්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්.

කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි.

සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්.

 ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්‍යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද?

ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි!

ඇඟ ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ.

මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල.

පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි.

කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස්ත්‍රිය ලස්සනයි!. ආදරනීයයි!. උනුසුම්!

ගවුම්, කලිසම් අඳින ලඳුන් මා සමග අමනාප නොවේවා, සාරිය අඳින්න කැමති වූවත් ලේසියෙන් ඉක්මනට

අඳින්න පුලුවන් ඇඳුමක් නොවේ.

 හැම රටකටම, හැම දේශගුනේකටම, හැම අවස්තාවකටම, සංස්කෘතියකටම ගැලපෙන්නෙත් නෑ

කොහෙවත් මම සාරී ශොප් එක්කක් ඇරල නම් නෑ ඔන්න. එහෙම අරින්න අදහසකුත් නෑ.
සාරි ව්‍යාපාරෙක ශෙයාර්ස් - shares අරගෙනත් නෑ.
----------------------------

සාරි ගැන හොඳ විස්තරයක් තියෙනව ඉන්ගිරිසියෙන්, click කරන්න.
http://en.wikipedia.org/wiki/Sari

 පුලුවන් වෙලාවට පරිවර්තනය කර පලකරන්නම්

18 comments:

  1. ගැහැණු කෙනෙකුගේ සුන්දරත්වය ඉතා හොඳින් විඳින්න ඕන නම් ඇය සාරියකින් ඔසරියකින් හැඩ වී ඉන්න වෙලාවක බලන්න. අත්දැකීමෙන් කියන්නෙ. අපේ කැම්පස්‍ එකේ උත්සවයකට ගැහැණු ළමයින්ට ඔසරිය ඇඳගෙන එන්න කිව්වා දවසක්. සමහරුන්ගෙ නියම ලස්සන පේන්නෙ එතකොට.

    මේ ඩෙනිම් කලිසම් ඇඳල ෂර්ට් ඇන්දම කිසිම ලස්සනක් නෑ. සාය හැට්ටය උනත් සැබෑ ලස්සන පෙන්වන ඇඳුම්. ඒත් අද කෙල්ලන් අඳින්නෙම තෙල් ගාල බස්සන ඩෙනිම්.

    Can you please remove word verification

    ReplyDelete
  2. විශ්ව විද්‍යාලයෙ දෙවන වසරෙ කියන්නෙ බොහෝම සුන්දර අවදියක් එය පසුකරමින් සිටින ඔබට ලස්සන ගැන කියාදෙන්න අවශ්‍යය නැහැ කියලයි හිතෙන්නෙ

    ReplyDelete
  3. මම හිතන්නේ මෙහෙම නෙවෙයි. ගැහැණුන්ගේ හැටි ඔහොම තමයි. එයාලා කැමති ඇඟ පේන්න අඳින්න. මොනව බොරුවට කිව්වත් ඇත්ත ඒකයි. ඉතිං අපිට තියෙන්නේ ඉවසා වදාරාගෙන ඒවා බල බල ඉන්න එක..

    ReplyDelete
  4. Nadun
    අනේ බවලතුන්ට දොස් පරොස් කියනවට මං නං මනාපයක් නෑ, මොකද මං අර කලින් කිව්ව වගේ, ජිප්සීස් එකේ සුනිල් කියනව වගේ ස්ත්‍රී පක්සෙට තමයි චන්දය.
    අම්ම, බිරිඳ, ආච්චිල, අක්කල නංගිල, නැන්දල, පුංචිල, මේ ඔක්කොම ස්ත්‍රී පක්ශෙ.
    රැවටෙන්නෙ නැතුව ආදරෙ කරන්න ඉගෙනීමත් කලාවක්.

    ReplyDelete
  5. කිටිකිටියේ ජීන්ස් එකක් බස්සලා ඉන්නකොට දැනෙන අපූරුව පාරි පටලවං ඉන්නකොට දැනෙනවද? මට නං සාරි අරහං උනේ වෙඩිමෙන් පස්සෙ හනිමූන් ගියහම... ලණු ගැටගහලා, කටු ගහලා, හුක් දමලා, යට සායවල් ඇඳලා.. මළ විකාරයයි... සාරිය ඇඳං ඉඳලා හරිම අමාරුයි කියලා ගෑණි නිදා ගත්තේ නැද්ද... අම්මපා එදා ඉඳලා කොට සාය තමයි මගේ ප්‍රියතම ඇඳුම... ඕං ඕං ඉතින් මගේ කිව්වට, මම ඕක අඳින්නේ නෑ. ගෑණිට අන්දනවා මිසක්... අනික ඔය කිටි කිටි ජීන්ස්... ඉරිසියාවට අපි තෙල් ගාලද බැස්සුවෙ කියලා ඇහුවට, ඕවා ඇදෙනසුලුයි... අම්මපා ඇද්ද ගමන් සුටුස් ගාල ගැලවෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. // සාරිය ඇඳං ඉඳලා හරිම අමාරුයි කියලා ගෑණි නිදා ගත්තේ නැද්ද... අම්මපා එදා ඉඳලා කොට සාය තමයි මගේ ප්‍රියතම ඇඳුම..//ප්‍රශ්නෙ තේරුනා.
      නෝනා මහත්තයා එදා සිටම ඉවසීම පුරුදු ඔබට කරලා වගේ?

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔක්කෝම එළියේ දැන් යන ගෑනුන්ට වඩා සැටියක් ඇන්ද කෙන්ක්ගේ අමුතු සුන්දරත්වයක් තියෙනවා.

    ReplyDelete
  8. ඒකනේ මං අපේ සාරිය අඳින නංගිලව අක්කලව අගය කරන්නේ!

    ReplyDelete
  9. මම නම් හිතන්නේ තමන්ට ගැලපෙන විදිහට ලස්සනට අදිනවනම් පිලිවෙලට අදිනවනම් කොයි ඇදුමත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  10. මන් අදමයි මේ පැත්තේ ආවේ . මේ පරණ ලිපි ටික කියවන ගමන් . සාරිය ඔසරිය මැදින් බඩ පෙනුනට එහි වරදක් දකින්නේ නැත්තේ කාලයක් තිස්සේ අපට හුරුවූ නිසා . අම්මල ආච්චිලා වගේ තමන් ගරු කරන ස්ත්‍රී පරානත් ඕවා අඳිනවා දැකල දැකල පොඩි කාලේ ඉඳන් සාමාන්‍ය කරණය වෙලා නිසා.
    කොට හැබැයි වෙන ඇඳුමකින් බඩ පෙනුනොත් ඒක අසංවර ලෙස දකින්නේ අපට නුහුරු නිසා . ඇඟට හැඩට සාරිය ඇන්දම ලස්සනයි . හැබැයි ඉතින් ටයර් දෙක තුනක් එන්න කලින් . ඒ ඒ කලට තමන්ගේ ඇඟට සහ තැනට ගැලපෙන්න ඇඳීම තමයි හොඳ .

    කොච්චර අමාරු වුනත් ජාතිය නියෝජනය කරන තැනකදී නම් මමත් ඔසරිය අඳිනවාමයි.

    ReplyDelete
  11. //හැබැයි ඉතින් ටයර් දෙක තුනක් එන්න කලින් .// සාරිය අඳින්න ඔනෙ නම් ඇඟ ලස්සනට තියාගන්න අවශ්‍යයි ඒකත් motivation එකක් නේ. ස්තූතියි ආවාට, නැවත එන්න

    ReplyDelete
  12. මමනම් හිතන්නෙ එක එක අයට ලස්සන එක එක ඇදුම. සමහරුන්ට සාරි වගේන තමයි සමහරුන්ගෙ ඇගේ හැඩේට ගැලපෙන්නෙ ජීන්ස්, නැත්නම් සායවල්. හැබැයි ආසියාතිකයො බොහොමයක්ගෙ ඇග සාරියට තමයි ගැලපෙන්නෙ, බටහිරයන්ගෙ නම් කලිසමට.

    ReplyDelete
  13. එකඟයි, නොදන්න
    කමයි අනුන් කරන දේ කොපි කරන්න යෑමයි නිසා තමයි අපේ ලඳුන් විහින් කැත වෙන්නෙ!

    ReplyDelete
  14. මගෙත් අදහසනම් කාන්තාවකගේ නියම ලස්සන පෙන්නේ සාරිය, ඔසරිය, රෙද්ද හැට්ටය ඇන්දාම කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යෝජනාව ස්ථිර කිරීම ගැන

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්