Followers

Wednesday, March 23, 2011

සත්‍යෝදය -1- ඔබ බුද්ධ පූජාවට විරුද්ධලු?

1933-1934 කාලයේ මහචාර්්‍යය වල්පොල රාහුල හිමියන් විසින් ලියන ලද ලිපිපෙලක් ඇසුරෙන් සකස්වෙන බිලොග් පෙලක පලමුවැන්න.

ප‍්‍රශ්ණය- ඔබ බුද්ධ පූජාවට විරුද්ධලු?

පිලිතුර - මම බුද්ධ පූජාවට කිසිසේත් විරුද්ධ නොවෙමි. යලි, මම එය කිරීමට බලවත් ලෙස අවවාද කරමි. ආමිස ප‍්‍රතිපත්ති යන ද්විවිධ පූජාවටම තථාගතයන් වහන්සේ තරමි සුදුස්සෙක් නැත. අද බෞද්ධයෝ සුදුසු බුද්ධ පූජා නොපවත්වති.
බුද්ධ පූජා යන ලේබලය පිටතින් අලවා නොයෙක් විකාර කරති. ප‍්‍රතිමාවක් ඉදිරියේ ආහාරපාන වර්ග තැබීමත්, තවත් අනේක ප‍්‍රකාර විකාර කිරීමත් බුද්ධ පූජා ලෙස සලකති.


ප‍්‍රශ්ණය- බුද්ධ පූජා යන වචනයෙන් අදහස්කලේ බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි. මෙය පරමිපරාගතව එන චාරිත‍්‍රයකි. ඔබ ඊට විරුද්ධ ද?

පිලිතුර- විරුද්ධකම කෙසේවෙතත් ඒ පිලිබඳ මගේ අදහස් අද රටෙි පිලිගත් අදහසට වෙනස් බව නමි ඇත්තකි.

ප‍්‍රශ්ණය- ඒ කුමක්ද?

පිලිතුර- ඒ බුද්ධ පූජාවක් නොවෙි යනුයි

ප‍්‍රශ්ණය-ඔබගේ අදහස භයානකයි. අන්තරාදායකයි. එය මිථ්‍යාදෘෂ්ඨියකි.

පිලිතුර- ප‍්‍රිය මිත‍්‍රය, කලබල නොවනුමැනවි, නොකිපෙනු මැනවි, යමි කිසි කරුණක් පිලිබඳව, තමාට නුපුරුදු අලුත් මතයක් පිලිබඳව සාකචිඡුාකරන විට ඉවසිල්ලෙන්් මෛත‍්‍රියෙන් සහ සමාදනෙයෙන් යුතුව ශිෂ්ඨ ධර්මයන් නො ඉක්මවා කළ හැකිනමි, මා සිතන හැටියට එය බුද්ධ පූජාවක් වෙයි. එනිසා නොකිපෙනු මැනවි. මා කියන දෙය ඉවසිල්ලෙන් අසා නුවණින් සිතා බලන්න.

අපේ යමිකිසි ඥාතියෙක් මළවිට, ඔහු වෙනුවෙන් ආහාරයක් වෙන්කොට තැබුව හොත් එය ඥාති පේ‍්‍රතයාට බිලිවශයෙනැය මිනිස්සු කල්පනාකරති. මළගියවුනට ආහාර පිදීමෙි අදහස එයයි. අපේ ජාතික වීරයෙකුගේ ප‍්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ගයන් තැබුවහොත් එය කෙබඳු දර්ශනයක් වෙිදැයි බලන්න.
බෞද්ධයෝ ප‍්‍රතිමාවක් ඉදිරියේ කෑම බීම තබා, විහාර කාමරයෙහි දොර වසා, බුදුරජාණන්වහන්සේගේ ආත්මයට නැතහොත් අවතාරයට අවුත් එය ඉඳුල් කරන්නට ඉඩ දෙන්නාක්මෙන් පිටතට වි ස්වල්ප වෙිලාවක් බලා සිටිති.
සමහර තැන්වල බෞද්ධයෝ ආසනයක් පනවා එහි වැඩ සිටින ලෙස ප‍්‍රතිමාවට ආරාධනා කරති. ඊට පසුව මුව දොවන්ට පැන්ද, අනෙක් ආහාර පානද දැහැත්ද, පඩක්කන්ද, පිලියෙල කොට තබති. මෙය කොතරමි සිනහ උපදවන බොලඳ වැඩ පිළිවෙලක්දැයි සිතා බලනුමැනවි.
ආහාරපාන ආදී බාහිර දේවල් උසස් හැටියට හැගෙන්නේ අභ්‍යන්තර දියුණුව අඩු පමණටය. තිරිසනාට සියල්ලටම වඩා උතුමිදෙය ආහාරයයි. ඥානයෙන් සහ ගුනයෙන් දියුණු නොවුනු කල්හි වැඩුණු මනුෂ්‍යයා තුලද එ් අදහස එසේමය.
ශීල සමාධී, ප‍්‍රඥවෙන්ගෙන් අගතැන්පත් බුදුරජාණන්වහන්සේ වැනි උතුමකුට, උන්වහන්සේ පිරිනිවන්පා අවුරුදු දෙදහස්පන්සියයකට පසුත්, ආහාරපාන වර්ගවලින් ගරු කරන්නට සිතීම අපේ අභ්‍යන්තර දියුණුවෙි අඩුකම විදහා පෑමකි.
ශීල සමාධි ප‍්‍රඥාවන්ගෙන් අග තැන්පත් බුදුරජාණන්වහන්සේ වැනි උතුමකුට, උන්වහන්සේ පිරිනිවන්පා අවුරුදු දෙදහස්පන්සියයකටත් පසුත් ආහාරපාන වර්ගවලින් ගරුකරන්නට සිතීම අපේ අභ්‍යන්තර ගුණ දහමි දියුණුවෙ අඩුකම විදහා පෑමකි. බාහිර දෙයකින් උන්වහන්සේට සෑහෙන ගෞවරයක් කරන්නට අපට පුලුවන්කමක් නැත. තමන්වහන්සේට ගෞරවය ප‍්‍රතිපත්ති පූජාව බව තථාගතයන් වහන්සේ විසින් බලවත් ලෙස දේශනා කරන ලදි.

ප‍්‍රශ්ණය- එතකොට බාහිර වශයෙන් දානමානාදියෙන් තථාගතයන් වහන්සේට ගරුකිරීම නූවූමනාද?

පිලිතුර- නැතඃ එය එසේ නොවෙි. බුදුරජාණන්වහන්සේට ආහාරපානයකින් සංග‍්‍රහ කරන්නට යමෙකුට ඉඩක් ලැබෙතොත් සැබැවින්ම එය වාසනාවකි. උන්වහන්සේගේ ශරීරයටද, අනෙත් සත්වයනගේ ශරීරයට මෙන් කෑමි බීමි ඉඳුමි හිටුමිවලින් ප‍්‍රයෝජනය ලැබෙි. ඒ ජීවමානව සිටියදීය.

5 comments:

  1. Excellent and I love this.
    His answer to the last question is perfectly in line with the Brahmajala Sutta in the Digha Nikaya.
    He was the VC of Vidyodaya Uni in late 1960s and tried to modernise it in the line of other reputed institutions of learning in the world at that time. I recall his inviting a German Professor for a Guest Lecture in 1969 and to our surprise, the lecturer addressing us in perfect impeccable Sinhalese.
    Pl continue this, Dayal Bathi, whoever who you are.

    ReplyDelete
  2. appreciate your comment, dear citizen!

    ReplyDelete
  3. Dear Mr/Ms. Dhayal Bathi, I am the pupil of Ven. Walpola Rahula. I am so glad to see people who understand and appreciate what my loku hamuduruwo tried to say during his life time. I want to make contacts with such people. I want to make contacts with Mr/Ms TheCitizen too who has commented above.
    This I am http://www.kln.ac.lk/social/hist/person/dhammananda.htm. Please write to the email address given in that link.
    Regards,
    Dhammananda

    ReplyDelete
  4. රාහුල හාමුදුරුවෝ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය දරු සමයේ (1968 වසරේදී)එහි ශිෂ්‍යයෙකු ලෙස සිටීමේ භාග්‍ය මටත් ලැබුනා.උන්වහන්සේ උපකුලපති තනතුර භාරගැනීමට ආවේ ප්‍රංශයේ සෝර්බෝන් විශ්ව විද්‍යායේ සිටයි.උන්වහන්සේට පමණක් විශේෂවූ අනන්‍යතාවක් තිබුනා.එය ක්‍රියාවෙන්ද ඔප්පුකර සිටියා.ඒකාලයේ අපි පන්ති වර්ජනයක් කළා (හේතුව මතක් නැත) පන්ති වර්ජනය නවතා දේශණ වලට පැමිණෙන ලෙස එක් වරක් අපට දනුම් දුන්නා. අපි ගණන් ගත්තේ නැහැ.ඉන් පසුව අවසාන නිවේදනයක් එව්වා දිනයක් දාල එදින සවස 8.ට පෙර පන්ති වර්ජනය අවසන් කර දේශණ වලට සහභාගී වන බවට නම සහ ශිෂ්‍ය අංකය ලියා අත්සන් කරන ලෙසත් එසේ අත්සන් නොකරන අය පසුදාම විශ්ව විද්‍යාලයෙන් අස් කරන බවත්. අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.උන් වහන්සේ යමක් කිව්වොත් එය එලෙසම කරන බව එකල අප දැනගෙන සිටියා.ඉන්පසු උන්වහන්සේ සිටින තුරු විශ්ව විද්‍යාලයේ පන්ති වර්ජන ඇති උනේ නැහැ. වර්ජනය මෙහෙයවූවා කියල කාගෙන්වත් පලි ගත්තෙත් නැහැ.
    සමරසේකර

    ReplyDelete
  5. සමරසේකර
    ස්තූතියි ඔබ මේ තොරතුරු අප සමග බෙදාගත්තාට,
    සමාවෙන්න පිලිතුරු දෙන්න පමා වුවාට

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්