Followers

Sunday, March 13, 2011

ප‍්‍රභා මහගු අවස්ථා මගහැරියා වගේ මහින්දත් මග හැරයයිද?



මම මෑතකදී දැක්ක හිටපු ජනපති චන්ද‍්‍රිකා විස්සෝප වෙනව මගහැරී ගිය අවස්ථාගැන.

 විසඳන්නට තිබූ ජාතික ප‍්‍රශ්නය ඇය මග හැරියා.

 1994 ලද සියයට 64 ජනවරමෙන් ලද එකම හොඳ ප‍්‍රතිපලය මා දකින විදියට මලසොහොන් පිටියක්ව තිබූ ස්වභාවය තාවකාලිකව අකාමකා යාම පමණය  (හාල්පොතට සමුර්ධිය යන නම ලැබීමද සිද්ධ උනා)

ප‍්‍රභාටද රජෙක් මෙන්ද දෙමළ ජනයාට යමි තරමක හෝ සැනසිල්ලේ ඉන්නට තිබූ අවස්තා ගනනාවක් ඔහු මගයැරියා හෝ දෙමළ ඩයස්පෝරාවෙි බලපෑම පිට ඔහුට එහෙම කරන්න සිද්ධ උනා.

 ජනපති මහින්දටද අවස්තා දෙකක් ජනතාව දුන්නා

1. හොඳින් හෝ නරකින් යුද්ධය ඉවරයකට ගෙන එ්ම- ඒක කොහොම හරි එතුමා ඉස්ට කලා
2. ලංකාව ආසියාවෙි ආශ්චර්්‍යය බවට පත් කිරීම- එය කිරීමට සැබෑ උවමනාවක් සහ අවශ්‍යය සමිපත් එතුමා සතුව තිබෙිද

විනාශයට පත් රටවල් ඒවා නැවත ගොඩනැගීමට එයම ශක්තියක් කරගෙන ඇති අවස්ථා ඉතිහාසයේ විරල නොවෙි. අමෙරිකාව ජර්මනිය ජපානය පලමු හා දෙවන ලෝක යුද්ධ විනාශයන් දියුණුවීමට ශක්තියක් කරගත්හ.


දේශපේ‍්‍රමය මුල්කොටගෙනය ඒ පෙළඹවීමි ඇතිකොට ඇත්තේ.
ලංකාවෙි එවැනි පෙළඹවීමක්වත් පෙනෙන්ට තිබෙිද

(සමහර දේශපාලකයින් දරුවන්ගේ විවාහ මගුල්වලට කරන වියදමි ආදිය නමි දේශපේ‍්‍රමය ඇතිකරවන්නක් නොවෙි)

ජයවර්ධන පුරයට එදිරිව රාජපක්ෂ පුරයක් ගොඩනැගීමෙන් සංවර්දනය රට පුරා සමව බෙදේවිද?



එළඹ ඇති ඓතිහාසික අවස්තාවන් ලංකාවෙන් ගිලිහීයාමට ඉඩදී එංගලන්තයේ පැරණි ඇන්ඩෘ මාලිගයට වී හෝ අමෙරිකාවෙි ඈත ගොවිපලකට වී හෝ අඩියක් ගසා පරණ මෝඩකමි ගැන විස්සෝප වීමට හෝ ලිබියාවෙි ඊජිප්තුවෙි මෙන් ජනතාව පාරට බසින තෙක් නොසිට ජාතික ප‍්‍රශ්නය විසදීම පලමුවෙනි අවශ්‍යයතාවය ගෙන නිසිලෙස සමිපත් ආයෝජනය කළ මැනවි.

2 comments:

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්