Followers

Sunday, March 27, 2011

ඩෙස්මන්ඞ් ද සිල්වා, අමරදේව සහ සුනිල් ශාන්ත










ඩෙස්මන්ඩ් ද සිල්වා , අමරදේව සහ සුනිල් ශාන්ත
http://www.youtube.com/watch?v=N0j1Ttfhy9Y


නිම් හිම් සෙව්වා මා සසරේ සහ when did I meet you! ඩෙස්මන්ඩ් ද සිල්වා, සහ අමරදේව 2009 ජූනි මාසයේදී ගැයූ යුග ගීය (සංගීතය නිමල් මෙන්ඩිස්- ) ලාංකීය ගීතයේ සංධිස්තානයක් තියල මට හිතුන කාලෙකට ඉහතදී.මෙි ලගදී තිබුන ප‍්‍රසංගයකදී කියවුනා  ඩෙස්මන්ඩ් ගේ මුවින්ම ඔහු සුනිල් ශාන්ත මැතිණියගෙන් අවසර ඉල්ලා සිටියා ඕලු නෙලාලා ගීතය ගයන්නට නමුත් එයට ඉඩ ලැබුනේ නැති නිසා ඔහුට සිදු උනා ඊට සමාන ගීතයක් නිර්මාණය කර ගයන්නට කියා. ඒ ප‍්‍රසංගයේම තව තැනක ජිප්සීස් සුනිල් පෙරේරා සැමුවෙල් ඇනස්ලි- බර්ටි වර්ගයේ නැතිනම් අමාරිස් වර්ගයේ විහිලුකෑලි දානව. මට හිතුන මෙහෙම. දේශීය සංගීතයක් අනන්‍යතාවයක් මතු කර ගැනීමට ආනන්ද සමරකෝන්. සුනිල් ශාන්ත, අමරදේව ආදීන් ප‍්‍රබල ලෙස ගෙන ගිය සටන දිනා ඇති බවක්.
ඬෙ`ග ඬෙ`ග පරි රඹුට කැකිරි සුකිරි බටිල්ලා ආදිය දැන් ඇසෙන විට වායේ අර්ථ ශූණ්‍ය, රස ශූණ්‍ය, හිස් බව, නොගැඹුරු ප‍්‍රලාප කෙනෙකු තුල සිනාමතු කරයි. ( ඒ වැනි ගීත හා සංගීතයෙන් වූ විනෝදාත්මක සේවය මා අමතක කරනවා නොවෙ.  එමෙන්ම එකල එවැනි බටහිරට නැවුණු වේග රිද්ම ගායනා- නූතන වේග රිද්මයන් හා සසඳන කළ දැන් ඒවා වැටෙන්නේ මන්දගාමී කොටසටය- අත්දැකීම් අඩු සිංහල සමාජයට දිරවාගන්නට හැකිවන තරම් සංගීත ශරීරයට පුලුලු හදවතක් නොතිබිණ.) ඒ වගේමයි අමාරිස් අයියලාගේ විහිලුවල තිබූ අව්‍යාජත්වය අනන්‍යයතාවයට සමකල හැකි සර්වකාලීන නිරමාණයන් ඔවුන් තුලින් බිහිනොවීමත් එය ඔවුන් විසින් අවබෝධකරගැනීමත් අගේ කළ යුතුයි.


අමරදේව ප්‍රනාම දොරමඬලාව Jul 4 2011





No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්