Followers

Tuesday, April 5, 2011

සංඝා පියවරක් පසුපසට; " මඩ ගහන්න විදියක් හොයාපියව්”

posted on 4/5/11(ලෝක කුසලාන තරඟ වලින් පසුව ක්‍රිකට් නායක සංඝක්කාර තනතුරෙන් අයින් උනා සිය කැමැත්තෙන්; ලෝක කුසලානෙ අවසානෙ අපේ දේශපාලකයින්ට ඕන විදියටයි කටයුතු සිද්ද උනේ කියල මතයකුත් තියෙනව,මේ බ්ලොගය ලියවුනේ ඒ පසුබිමේය. )


සංඝාගේ සේවය ඉහල තලයකට යා යුතුයි,
සංඝා වැනි පුද්ගලයෙකුට ක‍්‍රිකට්පිටිය ඉඩ මදි,
වගේ දේවල් මම කියන්න යන්නෙ නැහැ.


කුමාර් සංඝක්කාර ඉතාම ඥාණවන්ත පුද්ගලයෙක්.
ඔහු සියලුම දේ සලකා බලා නිවැරදි තීරණයක් ගන්න ඇති.
කණ්ඩායමේ සහ සිය කීර්තිය උපරිමයේ තියෙද්දී මෙවැනි තීරණයක් ගැනීම පුද්ගලිකව ඔහුටත් කණ්ඩායමටත් ඉදිරි කටයුතු සැලසුම්කරගැනීමට විශාල උදව්වක්.
ඒ වගේම අප සමාජයට අප තරුණ ජනයාට මහත්මා ගුණයන් ආදර්ශයෙන්ම පෙන්වා තිබෙනවා.
පුද්ගලිකව මා ඔහු ගත් මේ කාලීන තීරණයට ශුභ පතනව.
තරුණ දක්ෂ නායකත්වයක් පත්කරගෙන අනාගතය සැලුම්කරගැනීමට ඉඩදීම තමාට පෙර රට ගැන කල්පනාකිරීමක් කියල මට හිතෙනව.


කෑදර දේශපාලකයන්ටත් සිය භූමිකාවන් ගැන සිතා බැලීමට මෙය උදව්වක් වෙයිද?
එ් අය කියනව ඇත්තේ ”ලොක්ක කොක්ක ගහල වගේ මිනිහට, ඊළඟ ඡන්දෙදි කාගෙ අමාත්‍යාංශයට කෙළවෙයිද දන්නෙ නැහැ,
මඩ ගහන්න විදියක් හොයාපියව්”
-------------
ඉතින් ඉහත බ්ලොගය පලවෙලා සෑහෙන කාලයක් යන්නට මත්තෙන්, සංඝා දීල තියෙනව නියම ටෝක්ස් එකක් එංගලන්තෙදී, ඇට්ටි හැලෙන්න.
http://www.espncricinfo.com/srilanka/content/story/521971.html


ඔහුගේ කතාවේ මම කැමතිම කෑල්ල නම්;


Kumar Sangakkara believes Sri Lanka's cricketers play a vital role in reconciliation after the country's civil war© PA Photos


හිතවතෙක් මට කිව්ව සංඝක්කාරත් ගෙදර ගිහිල්ල ඉවරයි කියල, මම කිව්ව එහෙම වෙන්නෙ නැහැ කියල, මොකද දැන් ක්‍රිකට් භාන්ඩාගාර ඔක්කොම හිස්, ඒව පුරවන්න, සංඝල නැතුව බැහැ.
-------------------
වයාග්රයි මත් කුඩුයි දෙනව නම් මැරෙන්නම්!
තමන්ට පක්ෂව යුද්ධ කරන පිරිමින්ට ගඩාෆි දෙනව කියන්නෙ ඩොලර්, වයාග්රයි සහ මත් කුඩු.
විරුද්ධ පාර්ශ්වය විසින් අල්ලගත්තු ගඩාෆිගෙ කුලි හමුදා බටයෙන් තමයි විස්තරේ කියල තියෙන්නෙ.
------------
”වයාග්ර” රොබින් විලියම් තරම් උපහාසයට නගන්නේ නෑ කවුරුවත්- හැබැයි වැඩි හිටියන්ට පමණයි
http://www.youtube.com/watch?v=uJrN2OLD9Uo



----------------------------------

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්