Followers

Sunday, April 17, 2011

අපොන්සුගේ පරාවර්තනය, සාමයට ‘තටු’ ඇවිත් සහ සැබෑ ආදරය

(හැබැයි හොඳම කෑල්ල තමයි අපොන්සු මැතිණිය ඔලුව අවුලු නොකරගෙන එක හිතින්ම සිය ආදරණීයයා වෙනුවෙන් අවුරුදු 30ක් බලාසිටීම)

අවුරුදු 30කට පස්සෙ අපොන්සු නැවතත් සිය බිරිය ජයන්ති හා එක්වෙයි.

අති සංවේදී කලාකරුවකු වූ ජයසේකර අපොන්සුගේ වෙන්වීම හා එක්වීම ගැන මට හිතෙන්නෙ මෙහෙමයි.

අවුරුදු 30කට පෙර යනු 1981 කාලයයි. (ඒ කාලෙ මට මතකයි නිතරම රේඩියෝවෙ වෙළඳ සේවයේ යනව අපොන්සුගෙ නාට්‍යයවල ඇඞ් කෑලි.)

1977- යූ එන් පිය බලයට පැමිණීම

1980 වර්ජන පරාජය

1983 කලු ජූලිය

මේ කාල පරිච්ජේදයේදී සංවේදී මිනිසකුගේ ඔලුව අවුල් නොවවූවා නම් තමයි පුදුම.

2009- යුද්ධයේ නිමාව

2011- පැරණි නාට්‍යය කලා නිර්මාණවලට ඉල්ලුමක් සහ කලා ක්ෂේත‍්‍රයේ යම් පුනරුදයක් ඇතිවීම

උදාවූ සාමය (අඩු තරමින් භාග සාමය) අපොන්සුගේ ජීවිතයටද සාමය ගෙනැවිත්.

අපි හැමෝටම බෝම සතුටු ආරංචියක්.

හැබැයි කතාවෙ හොඳම කොටස තමයි අපොන්සු මැතිණිය ඔලුව අවුලු නොකරගෙන එක හිතින්ම සිය ආදරණීයයා වෙනුවෙන් අවුරුදු 30ක් බලාසිටීම.

(තටු ඇවිල්ල පරෙවියෙක් වගේ සක්වල ගල සතර වටෙි කරක් ගැහැවිවත් මම දැනගෙන හිටිය ඔබ මා ළගට එන විත්තිය.පරෙවියො කොහෙ ගියත් ආපහු කූඩුවට එනව.)


-----------------------------------

ඉදිිරි කාලයේදී බලාපොරොත්තුවිය හැකි සමාන අභාග සාමයේ ප‍්‍රතිපල.

යුද්ධය කාලයේදී උපන් උතුරේ දරුවන්-එනම් යුද්ධයේ දරුවන් සහ සුනාමි දරුවන් ඉතාම කලහකාරී තත්ත්වයන්ට යොමුවීම.

මංමාවත් වැනි අනාගතයට අවශ්‍යය දෑ හදනවා වගේම මේවැනි මානසික සෞඛ්‍යය ගැටලුවලටද සූදානම් වීම අවශ්‍යය කාරණයක් ලෙස

දැනුමැත්තෝ හඳුනාගෙන ඇත.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්