Followers

Tuesday, April 19, 2011

දිල්ශාන්, දිලෙන තරුව


නව නායකට ශූභ පැතුම්!


දිල්ශාන් ලංකාව වෙනුවෙන් සිය යුතුකම් සිය උපරිමයෙන් ඉටුකළ පුද්ගලයෙක්.

සුනිල් ශාන්ත, අමරදේව ආදීන් මෙන් තම කලාව රට වෙනුවෙන් සිය දෙමව්පියන් දුන් නමත් වෙනස් කළ

පුද්ගලයෙක්.ලෝක කුසලාන නෙමෙයි ඕනම කුසලානයක් දිනන්න පුලුවන් කම ඇති නිර්භීත හිතැති කලබල

ජරමරබරකරත්ත අස්සේ පැයට කිලොමීටර 140 ට එන පන්දුව විකට් රකින්නාගේ හිසට උඩින් යවන්න

පුලුවන් පුද්ගලයෙක්,

අන්තර් ජාතික තරගවලදී එය සාර්ථකව කළ ලෝකයේ පලමුවැන්නා දිල්ශාන්

ඒකයි ඒ පහරට Dilscoop කියල නම දැම්මේ!

මහේල හා සංඝා විසින් ඉතා නිවැරදිව අනුගමනය කළ රාජ්‍යය තාන්ත‍්‍රික යුගය නිමා කොට අතීත ලංකා

ක‍්‍රිකට් විරුවන් විසින් ගොඩනැගූ ක‍්‍රිකට් ශ‍්‍රී විභූතිය මත අනාගත පරපුරටත් රටටත් එයින් සේවය කිරීමට නව

සටන් කිරීමේ ඉසව්වකට ගෙන යාමට අනිවාර්‍යෙන් නව නායක දිල්ශාන් ක‍්‍රියා කරනු ඇත.

ජාතික සමගිය ඇතිකිරීමට යුද්ධෙටවත් සාමෙටවත් බැරි වූ කාලයේදීත් යමි එකතුවක් ඇතිකිරීමට මෙි ක‍්‍රීඩාවට පුලුවන්

උනා ( යුද්ධෙන් සමිපූර්ණ සාමය ඇතිවූවා යයි අදහස් නොවේ. ජනරාල් තුමාවත් එය පිලිනොගනී )

මුරලි, රසල් ආනෝල්ඩ් ආදීන් විසින් කරගෙන ආ ඒ කාර්්‍යය දිල්ශාන් ඉදිරියට ගෙන යනු ඇත.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්