Followers

Wednesday, April 20, 2011

ඩයනාව බලාගන්න සිය පියාට බැරි උන විත්තිය නොදැනද විලියම්, කේට්ගේ අතගන්නේ ?

පලමුව විලියම්- කේට් යුවලට සාර්ථක යුග දිවියකට ශුභ පැතුම්!









දෙවනුව අසමි, ...

කේට් මිඩ්ල්ටන් අභියෝගයට ලෑස්තිද?

ආච්චී ඉන් ලෝ, රැජිණක්,

මදර් ඉන් ලෝට බෝම කරදර කෙරුවලු.

ඔයාගෙ ෆාදර් ඉන් ලෝ පඹ--...??

ඩුප්ලිකේට් මදර් ඉන් ලෝ... කොයිවගේ කෙනෙක්ද අනේ මන්ද?

මස්සිනාකාරය ඔලමොල ගති ඇත්තෙක්.

විලියම් මේ වැඩේට අත ගැහුවෙ බරපතල කම නොදැන නොවේ.

තාත්තගෙම පුතාවන ඔහු තාත්තගෙ ව්‍යාපෘතිය එනම් සාමාන්‍යය ජීවිත ගත කළ කෙනෙකු හා විවාහ වීම, ඉදිරියට ගෙනයාමටයි අදිටන.

ඔහුගේ අධිෂ්ඨානටය ශුභ පතමු.

ඩයනා- චාල්ස් විවාහය 1980 ගනන්වල ( ලංකාවට ටී වී මුල්දවස්වල) නැරඹු කෝටි ගනන් ජනයාටත් ලංකාවෙ අපිත් එක්කහු

උනා. ඩයනාගේ කි මි එකක් විතර දිග වේල් එක වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ රතු පලසේ නොගෑවෙන සේ අල්ලගෙන ගියා

අද වගේ මතකයි. අන්තිමේදී උන දේ පැරිස්වලදී පැපරාසීන්ගෙන් බේරෙන්න වේගයෙන් ධාවනය කළ ඩයනා ගමන් ගත් වාහනය

අනතුරට ලක්වුනා.

ලංඩනයේ ක්‍රොකඩයිල් මහා ව්‍යාපාර හිමිකරු ඩොඩි අල් ෆයිඩ් තවම සිය පුතාට වූ දේ හොයනවා.

ඩයනාගේ අයියකාරය පදනමක් හදාගෙන පින් දහම් කරනව පැත්තක් අල්ලගෙන.

රාජකීය විදියට ඉන්න එකත් හැමෝටම කරන්න බැහැ.

ටැස්මේනියාවෙ දේපල වෙළඳ සමාගම් සේවිකාවක් වූ මේරි

තවමත් වැඬේ අල්ලගෙන යනවා. අනෙක් එක තමයි ඩෙන්මාක් කුමාරය නොනවත්වා නිෂ්පාදන කටයුතු කරගෙන යනවා.

ළගදී නිවුන්නු දෙන්නනෙක්ද ලැබුණා. චාල්ස් මහ කමිමැලියා. එක්කො රාජකීය දෛවඥය කියපු අනාවැකිය බොරුකරන්න බැරි නිසා

නිකං හිටිය. කෙල්ලෙක් හිටිය නම් ඩයනට තමන්ගේ හිත් අමාරු ගැන කියන්න දුවෙක් ඉන්නව.

ඒ නිසා මම කේට්-විලියම් යුවලට දෙන අවවාදය පුලුවන් තරම් ළමයි හදන්න.


-------------------------------

(මෑත ලංකාවෙද ප්‍රසිද්ධ පුද්ගලයින් වාහන අනතුරුවලට ලක්ව ජීවිතක්ෂයට පත්ව තියෙනවා.
මා දන්නව දෙන්නෙක්
1 සරත් මුත්තෙට්ටුවගම
2 මංගල සමරවීරගේ සගයා-දැන් එයාටවත් මතක නැතිව ඇති)

2 comments:

  1. අධිරාජ්‍යවාදයට බනිනා ලංකා වැසියන් අධිරාජ්‍යවාදයේ ලාංඡනය වූ බ්‍රිතාන්‍ය රජ පවුලේ ආවාහ විවාහ ගැන කතා කරන්නට මේ තරම් කාලය යොදන්නේ ඇයි? :)

    ReplyDelete
  2. Arunishapiro,
    Thanks for the valued comment, much appreciated; definitely I was not ignoring it.
    I was trying to fix Sinhala unicode converter, in my computer: but failed and compelled to reply in this way;

    I agree that English Royal family is a symbol of Imperialism, but they are not the only one; I have been writing about Obama as well.

    Naturally we are tempted to discuss topics that media is injecting to us;

    Dayal Bathee blog writer certainly has a political view, but he doesn't want to thrust that upon our wide range of readers who click the blog looking for something interesting to read.

    So I also thought that I should write an interesting aspect of Kate-William wedding.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්