Followers

Tuesday, April 26, 2011

සත්‍යය සායි බාබා


සත්‍යය සායි බාබා අභවප්‍රාප්ත වේ.

මිලියන පනහකට අධික අනුගාමිකයන්ද ඩොලර් බිලියන අටකට අධික ධනස්කන්ධයද අතහැර දමා ඔහු විසින් දේශනා කර තිබු පරිදි

ඔහුගේ අවුරුදු 96ක ආයුකාලය ජීවත් වීම අවුරුදු 12 කින් කෙටි කොට අවුරුදු අටකින් නැවත, උපදින බලපොරොත්තුවෙන් ඔහුගේම

රොහලෙන්ම මේ ලෝකයෙන් නික්මී ඇත.

ඉන්දියන් අනුගාමිකයෙක් කීවේ සායි තුමාගෙ මීලඟ අවතාරය දැනටම ලංකාවේ ඉපදීම සිදු කර ඇති බවය.

(ලංකාවේ සායි මහ අසපුවක් කොළඹ හතේ තිබුනා මතකයි, ඉපදීම සිදුව ඇත්තේ එහිද නොදනිමි )

තව ෆිජි ඉන්දියානු අනුගාමිකයෙක් කීවේ එය අසත්ය බවය.

ඔහු ගැන කවුරු කෙසේ කීවත් මම දකින්නේ මිනිසුනට හෙට දවස ගැන අහිංසක බලාපොරොත්තුවක් දුන් ඉතා දක්ශ මිනිසෙකු තව එවැනි

කෙනෙකුට ඉඩක් තබා මෙලොවින් ඉවත්ව ගිය බවක්.

(ලංකවෙද ඉන්දියාවෙද දේශපාලකයන්ගේ ද දනවතුන්ගේද ප්‍රසිධ්ද පුද්ගලයින්ගේ 'අහිංසක', 'දුප්පත්'බලපොරොත්තු ඉටුකරගැනීමටද සායි තුමා හමු වු හමුවන අවස්තා රහසක් නොවේ.)

දුක් විඳින කෙල කෝටියක් ජනයා වෙසෙන ඉන්දියාව වැනි රටවලටද ලංකාව වැනි රටවල්වල වෙසෙන ජනයාටද කෝටිපති අසපුවලින්

ගෙනෙන සුවය තවදුරටත් අනවශ්්යය කියලා කියන්න පුලුවන්ද?

සායි තුමා කිසිම ආගමක් හෝ ආගම් අදහන පුද්ගලයෙකු තරහ කර නොගැනීමට තරම් දක්ශ වුයේය.

දලයි ලාමා තුමාද ලෝකයෙ නායකයන්ද ශෝකප්‍රකශ කර තිබේ.


සායි තුමා ගැන මා දන්නා පුද්ගලයෙකු කී කතාවක්.

මොහු ඔස්ට්‍රේලියානුවෙක්

විවාහ වී සිට්න්න්නේ පිලිපීනජාතික කාන්තවක් සමගය. ඇය පල්ලියට යනවාට වඩා ප්‍රිය කරන්න්නේ ක්ලබ් එකට ගොස් පෝකර් මේශීන් එකේ සූදු කෙලින්නටය යයි කියා මා සමග කියා ඇත. ඉතින් ඔහු පුරුද්දක් වශයෙන් පූතර්පත්ති සහ උතුරේ සායි ආශ්‍රමයට ගොස් මාසයක් හමාරක් ගත කරනවා. ඒ ගිය වාරයකදී සායි තුමා ඉදිරියේ සිටිද්දී, සායි තුමා එක්වරම ඔහු ලඟට කැඳවා මෙසේ කියා තිබේ.

wife means w-worries, i-inflicted, f-for e- ever

(But in contrast to that, I believe without wife no life)

ඔහුගේ දෑසින් කඳුලු කඩා හැලුනාලු.

3 comments:

  1. මේ ලෝකෙන් එක රැවටිලි කාරයෙක් යනකොට තව රැවටිලි කාරයෝ දාහක් උපදියි.. ඒ හින්ද පුදුම වෙන්න ඕන නැහැ.. එත් එක හොඳ මිනිහෙක්වත් ගියාම ආයිත් එන්නේ නැනේ ! සත්‍යය යට ගිහින් අසත්‍යය උද එන මේ කාලේ හරියටම බුද්දෝත්පාදක කාලේ වගේ රැවටිලි කාරයින්ගෙන් පිරිලා.

    ReplyDelete
  2. හොරුන්ට ගිය කල !

    ReplyDelete
  3. මම මොකුත් කියන්නෙ නැත

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්