Followers

Monday, April 25, 2011

ජීවිතය සහ මරනය අතර සටනක් - whats the meaning of life?

At work place I have a customer-friend known to me for years;
he is a funny little middle aged man similar to me, when ever we meet, first thing pops up from his mouth is " what is the meaning of life?"

he expects the usual answer from me " look up in the dictionary mate" we both laugh.



ජීවිතයේ තේරුම ශබ්දකෝශයෙන් බලාගන්න පුලුවන්ද?

එය වි(න්)දීමෙන් හා වි(න්)දවීමෙන් පසක් කල යුතුය. මෑරෙන මොහොත දක්වා තේරුම් ගැනීමට අමාරු දෙයක් බව කියවේ.

මේ ටික ලිව්වෙ අද දවසෙ කතාවට ආරම්භයක් ලෙස.

පසු ගිය දවස් ටිකේ පාස්කු නිවාඩුව නිසා විවෙකයක් ලැබුනා ඩී වී ඩී ගතකරන ලද ටෙලිනාටය්ය කීපයක් බලන්න එක දිගට.

පලමු එක බිමල් ජයකොඩි සහ ඩිල්ශාන්ගෙ බිරිද ආදීන් රගපාන උඩුවියන්.

දෙවැන්න, පාලිත සිල්වා ආදින් රගන 'හිමිනැති හදකට'. මම කැමති එක 'උඩුවියන්', මොකද එකෙ තේමාවට මම කැමතියි.

කෙසේ උවත් ඒ නාට්ය දෙකම කම්මැලි නැතිව බලන්න පුලුවන්.

ඉතින් ඒ නාට්ය බලන අතරේ මට තේරුනු දෙයක් තමයි, උඩුවියන් නාට්යෙ හැම වචන දහයකට පහලොවකටම වරක් 'ජීවිතය' කියන වචනය ඇහෙනව.

හිමිනැති හදකට නාට්යෙ හැම වචන දහයකට පහලොවකටම වරක් 'මරනව' කියන වචනය ඇහෙනව.

මේ වචන දෙමාපියන් ලෙස රගන ප්‍රසිද්ඩ නලු නිලියන් ලවා පුනරුච්චරනය කිරීමෙන් වෙන්නේ පිලිකාවක් කතාව පුරා විහිදී යාමක් නොවේද?



ටෙලිනාට්ය ලියන්නන්ටත් ඒ මරන යුගයෙන් ගැලවෙන්න බැරිවු හැටි ඒ කතාවලින් හොදට පෙනේ.

ලන්කාව යාන්තන් මරන යුගයෙන් ගොඩ ගියා.

දැන් ඊට වඩා තත්වයෙන් උසස් නාට්ය බලාපොරොත්තු විය හැක.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්