Followers

Sunday, May 1, 2011

මැයි දිනය බෑන්කී මූන්ට එරෙහිව ද?

සාදුකින් පෙලන උන් දැන් ඉතින් නැගිටියව්...........




මැයි දිනයේ අගය තේරෙන්නේ එය නැති උන විටය



මට මතක ඇති කාලයේ ජේ ආර් විසින් වරක් මැයි දිනය තහනම් කලා. ඒ තහනම් කඩාගෙන වාසු බාහු ආදීන් වාමාංශිකයින් පෙලපාලි ගියා.

ඉන්ග්‍රීසි ආන්ඩු කාලේත් එහෙම කලා කියල අහල තියෙනව.

අසූවෙ වර්ජන පරාජය පොදුවේ ලංකාව අගාධයට ඇද දැමූ බව රහසක් නොවේ.

කලු ජූලිය එහි ප්‍රතිපලයක් බව කියැවේ.

වැඩ කරන ජනයාගේ අයිතිවාසිකම් නැතිවෙනවා යනු පොදුවේ මහජනයාගේ අයිතිවාසිකම්ද නැතිවන බවට සලකුනකි.

වැඩ කරන ජනයා බෑන් කී මූන් පෙන්වා රැවටිය හැකිද?

සමහර යු එන් පී නායකයින් කියන්නේ ආන්ඩුව මූන් වාර්තාව කියවා නැති බවකි.

මැයි දිනය ලෝක කම්කරු දිනයයි. එය ලෙයින් කඳුලින් දිනා ගත් අයිතියකි.

මේ සටහන ඒ වෙනුවෙනි.

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. රතු ඇන්ද ගත් පමනින් හැමෝම වාමාංශිකයින් නොවේ.

විප්ලවයට ශෝට් කට් නොමැති බවද

(පාර්ලිමේන්තුවට නම් තිබේ.)

වාමංශිකයින් ජීවිතය අමාරුවන විට පාට මාරුකරන බවද නොරහසකි.


'විප්ලවකාරීන්', කී දෙනෙක්, මේ පර්ලිමේතුවේ සිටීද?

1 comment:

  1. ඕවා හිතුවා කියලා අපිට උත්තර නැහැනෙ ........ කියලා තියෙන්නෙ සහතික ඇත්ත.....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්