Followers

Monday, May 9, 2011

බුදු සමය ලංකාවට පලමුව ගෙන ආවේ මහින්ද නොවේ !
















නිසල අඳුරු කුටිය තුල
දල්වා පහනක්
පුදමින් සුවඳ මලක්
එකත් පස්ව ඉඳ
බුදු සාදු ඉදිරියේ
මොහොතක්...

ඒ පින් බලයෙන්
යස ඉසුරු
භව භෝග සම්පත්
දිව සැප
මරනින් මතු
නොපතමි අශා වඩවන

යහපත් දිවියකට අතවැසි
උවමනා පමනක් ගෙන;
අශාවන්,
තරඟයෙන් ආවේශ වූ,
වෙන් කර ඉවතලන්නට
වීරිය කරමි

මලක මහිමය නම්
කෙටි වුවත් දිවිය
සුවඳයි පියකරුයි
කුඩා වුවත් මැටි පහන දුරලයි අඳුර හැකි පමන
පහනේ ගුනයත් ගෙන
මලක් මෙන් දිවිගෙවන්නයි ම පැතුම

--------------------------------------


කම්බුරුපිට්යේ ආරියවතී


බුදු සමය ලංකාවට පලමුව ගෙන ආවේ මහින්ද නොවේ චූලෝදර මහෝදරා ගෝරිය බේරන්නට වැඩි බුදුහිමියන් විසින්මය.


වසර පන්සියයකට පමණ පසුව මිහිඳු හිමියන් දහම් පනිවුඩය ගෙන වැඩියා.

ඉන් පසුව වරින් වර බුරුමයෙන්, තායිලන්තයෙන් සහ වෙනත් රටවල්වලින් සාසනය නගා සිටුවා තියෙනවා.

කොහොම කොහොම හරි දැන් තිබෙන "උසස්" තත්වයට පැමිණ තියෙනවා.

ලංකාවට තිබෙන වටිනාම භාණ්ඩය නම් දන්ත දාතුවයි.

සංචාරකයන් එන්නේ වැඩියෙන්ම එය බලන්නටය. කාලයක් ඔවුන් ආවේ දරුවන් ලාබෙට උස්සන් යන්නටය, හෝ ...

එයට පසුව වටිනාම දෙය නම් අපේ සහෝදරියන්ය,

ඒ අය පිටරට වාල්කමට යවාලයි ලංකාව ජීවත් වන්නේ,

උන්ට වන දුක් ගැහැට බලන්නට කෙනෙක් නැත.

පවු කරපු අය කියා අතහෝද ගන්නා තත්වයට අප වැටී නැද්ද?

බුදුදහමේ සැබෑ අරුත් ගැන සෙවීමට අස්වැසිල්ලක් හොඳින් හෝ නරකින් ලැබී තියෙන මොහොතේ එය හොඳින් යොදා ගැනීම

සත්පුරුශයන්ගේ වගකීමකි.

(ලංකාවේ ඉතිහාසය ගැන බලද්දී, කොයි වේලේ බල අරගලය මතුවී කුලල් කාගෙන, එකිනෙකා මරාගනීවිද දන්නේ නැත.

මෙපමණ කල් සිදුවූයේද එයයි මතුවට වෙන්නේද එයයි. "සාසනයට භාර කටයුත්ත" දිනන පැත්ත ගැන යන පැත්ත ගැන සැලකිල්ලෙන්

සිටීමයි??. )

යුද්දයෙන් ගන්වතුරෙන් සුනාමියෙන් අනාත වූ දහස් සංඛ්යාත ජනයාට සෙතක් සැලසීමද වෙසක් සමයෙ පැතුමක් විය යුතු නොවෙද?
---------------------------------
අරාබිකරයේ යන අපේ සහෝදරියන්ගේ ඉරනම-තවත් මිනිමැරුමක්

http://arabnews.com/saudiarabia/article469256.ece

3 comments:

  1. බහු ජන හිතාය, බහු ජන සුඛාය - ඒව පරණ කතා!

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක් ... සහතික ඇත්ත කියලා තියෙන්නෙ .........

    ReplyDelete
  3. ස්තූතියි! කතන්දරටත්, කල්හාරටත්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්