Followers

Saturday, May 14, 2011

වෙසක්















දයාරත්න බේකරියේ අනුග්‍රහයෙන් ලැබෙන හීල් දානය වලඳල,

පංසලේ දායක සභාවේ අනුග්‍රහයෙන් පිදෙන දවල් දානය වලඳල,

මගේ ආසම කොටස, ධර්ම සාකච්චාවට සහභාගි වෙලා

ඉරිද ඉස්කෝලේ මගින් සංවිදානය කරන වෙසක් සිල්වැඩසටහනේ

අවසන් මොහොත එනකම් බලාගෙන ඉන්නේ කොච්චර අශාවෙන්ද?

සිල් පවාරනය කරල,

කිරිමන්ඩලේ අනුග්‍රහයෙන් ලැබුනු බුදුසරණ පත්තරෙත් අතේ රොල් කරගෙන,

 අඳුර වැටෙනවාත් සමගින්

ගෙදර ඇවිල්ල තාත්ත හෝ පහුවෙන කොට මා විසින් හදපු කූඩු,

අටපට්ටම් හෝ ඉටිපන්දම් පත්තු කරල බකට් එල්ලන්න.

ඉන්පසුව කොලු රෑනත් එක්ක ගම වටේ අනෙක් අයගේ කූඩු බල බල ඇවිදින්න,

හන්දියෙ සරුවත් දන්සැලෙන් සරුවත් බොන්න,

කිරිකෝපි දන්සැලෙන් කිරිකෝපි බොන්න,

බත් දන්සැලෙන් පෝලිමේ ගිහිල්ල බත් කන්න

තොටලඟ තොරන බලන්න.

මම මේ ලියුවේ අවුරුදු 30කට 35කට උඩදී මගේ වෙසක් දවස ගෙවෙන හැටියි.

4 comments:

  1. අදටත් ඔය ටික බැරි නැහැ...ඒත් ටිකක් වෙහෙසක් දැනෙයි...විශේෂයෙන් හවස් වරුව ගැන..ඒත් කරන්න පුළුවන් දෙයක් වෙනසකටත් එක්ක...ලැබෙන දේ කෙසේ වෙතත් අඩුම ගානේ මතකයක් එක්ක නැවත ජීවත්වීමත් හොඳ සැනසුමක් ජීවිතේට...

    ReplyDelete
  2. තොරන් බලලා වෙසක් කූඩුත් බලලා මැරිගෝ රවුමේ ගිහිල්ලා . මාරක ලිඳත් බලලා . සර්කස් සහ සැන්ඩෝ බලන්න තමයි මගේ සමහර යාළුවෝ වෙසක් ලබනකන් බලං ඉන්නේ ...ඉතින් වෙසක් කියන්නෙත් සැනකෙලියක් විතරක්ම වෙලා. මේ වතාවේවත් ඒක වෙනස් වෙනවානම් ..

    ReplyDelete
  3. මාරයා; පව පින පස්සෙන් එනව කියන්නේ එක විදියකට කරපු හොඳ නොහොඳ නිතරම මතක් වෙන නිසා, වෙන්නත් ඇතිනේද?

    හිස් අහස, මට හිතෙනව සංවේදී තරුන පරපුර රටේ සිදුවන බොරුව කුහකත්වය දැන් ඈති කියලා හිතනවා. බුදුහාමුදුරුවෝ බොහෝම උපෙක්ශාවෙන් ජීවත් උන උත්තමයෙක්. අහිංසක සතුටක් ලැබීමට විරුද්ද් වෙන්නේ තරුන අවදිය පසුනොකරපු උදවිය. දහම්, පහන් හැඟුම්, අහිංසක ජනයාගේ අහිංසකතවය ධර්මයෙ නාමයෙන් ගසා කෑමයි එය දෙශපාලන වාසි තකා පාවිච්චි කිරීමයි මගෙ පිලිකුල; වෙළඳපොලෙන් ගැලවෙන්න බුදුදහමටත් බැහැ කියන අදහස පසුබිමේ තබාගෙන තමයි අපි සිදුවන දේ ගැන බැලිය යුත්තේ කියලයි මට හිතෙන්නේ!?

    ReplyDelete
  4. ඇයි අපිට එදා කල දේවල් වයසට යනකොට කරන්න බැරි ........ මොකක්ද ඒකේ තියන වැරැද්ද .......... හිතන පතන විදිහෙද .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්