Followers

Wednesday, May 18, 2011

සබ්බ දානං බල විභෙ දානං ජිනාතී



බල විභේදනය අපට ඇසෙන්නේ අප පුන්චි එවුන් සන්දියේ සිටය. යුද්ධයක් ඇරඹීමද යුද්ධයක අවසානයද අපි දැක්කෙමු. ඒත් බල විභේදනය නමට පමණක් ලේඛනවලට පමණක් සීමා වී ඇත.


 මං වෙසක් රැයේ කතන්දර බ්ලොග් එකකට කොමෙන්ටුවක් වශයෙන් ලියු මේ කවිය බලන්න.
---------------------------------------
අහසේ මුදුන් වේය මුදු වෙසක් සඳ
කවි සිත් පීදේය වැද සුදු රැස් කන්ද
ගෙයි දොර කතන්දර වැසුවේ මන්ද
පොඩි තට්ටුවකින් කවි දොර ඇරගන්ද?

මාවිල් සොරොව්වයි යුද්ධය කනපිට හැරැව්වේ
පුදුමාතලන් වෙරලයි උන්හට මරු කැඳෙව්වේ
සිනා නොවෙන් පිස්සු හැදෙන සඳ නිසා නොවෙයි මෙය ලියැව්වේ
මළ උන්ය හෙළ රාජධානිය යලි මාගමටම පැටෙව්වේ

ලක් දෙස්පලු ප්‍රශ්න විසඳන ක්‍රම සහ විදි බෝ තිබේ
සංඝ,වෙද ගොවි කම්කරු කෑගැසිලිවලට බෙන්ෂ් කාර් එතෙර සවාරි ලැබේ
ජේ වී පී තොන්ඩමන් චම්පික වැනි අයට දැන් පාර්ලිමේන්තු අසුන් තිබේ
ඉන් එහා යන්නන් හට උණ්ඩයයි දිවිය ලෝකෙට වරම් ලැබේ

බලය බෙදීමත් පොඩි එකාව රවටනව මෙනී
ටොපියක් පෙන්වා ලඟටම ගෙන්වා ගනී
ලඟට ආවිට සඟවා සාක්කුවේ රුවා ගනී
ඉල්ලා ඇඬූවිට මරාදමයි බෙල්ල මිරිකමිනී
----------------------------------------------

බලය බෙදනව ඔන්න බෙද්නව මෙන්න බෙදනව කිව්වට බෙදපු කෙහෙල්මලක් නෑ. මොනව කිව්ව කලත් ජේ ආර් කරපු තරම්වත් වෙන කාටවත් තවම කරන්න බැරි උනා.

මේ දෙනව දෙනව කියන බලය නොදෙන්නේ බෙදා නොදෙන්නේ ඇයි?

වෙසක් සමයේ කිරීමට ඉටාගතයුතු වැද ගත් දෙයක්, එනම්

බලයට කෑදරව එහි එල්ලී නොසිට බලය දානය කිරීමයි .


ඩයස්පෝරකයින්ගේ රූකඩයක් වූ ප්‍රභාට ඔවුන්ගේ ඩොලර් වලට නැමෙන්නට සිදුවිය.
 කිසිම සන්හින්දියාවකට ඔවුන්ගෙන් ඉඩක් නොලැබුනි.

..සද්ධා සම්පන්න බෞද්ධ රාජ්යයේ යුතුකම නම් හැකි ඉක්මනටම බලය බෙදා අවසන් කිරීමයි................

......................

සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාතී
සබ්බ දානං බල විභේදානං ජිනාතී

4 comments:

  1. heading 1 change karahan machan.
    owa wihiluwata ganna epa ban....

    ReplyDelete
  2. ඔබේ කෙටි ලිපිය ඉතා ඉහලින් අගයමි. නමුත් බලය බෙදීම ගැන මගේ හැගීම ඉතා වෙනස්ය. එනම් ලෝකයේ කොහේවත් නැති තරම් අති බහුතරයක් ජාතියක් වශයෙන් සිංහලයන් ලකාවේ සිටියි. එනම් වෙනත් රටවල ප්‍රධාන ජාතිය අනෙක් ජාතීන්ට සාපෙක්ෂව ජීවත්වන ප්‍රතිශතයට වඩා සිංහලයින් ලංකාවේ වෙසෙති. මෙතන ඇත්තේ ජාති ප්‍රශ්නයක් නොව, වරප්‍රසාධ ප්‍රශ්නයකි. සිංහල අපට ඇති ප්‍රශ්නම ඒ ප්‍රමානයෙන්ම හෝ ඊටත් වඩා වැඩියෙන් අනෙකුත් ජාතීන්ටද ඇත. එනිසා විය යුත්තේ පාලනය විදිමත් වීමයි. එසේ නොවුනහොත් අපි අවස්ථා දෙකකදී මුහුන දුන් දකුනේ තත්වයට නැවත්ත මුහුන දීමට විය හැකිය. එනිසා යම් තරමකට බලය බෙදීමක් සහිත විධිමත් පාලන ක්‍රමයක් අපට අවශ්‍ය බව මමද පිළිගනිමි. මේ සඳහා පෙර අපේ රජවරු අනුගමනය කල ක්‍රමද අපි අධ්‍යනය කල යුතුය. නැතිව නෝර්වේ ක්‍රම අපට නොගැලපේ යැයි මම විශ්වාස කරමි.

    ReplyDelete
  3. ඇනෝනිමස් ඉල්ලීම අනුව හෙඩිම වෙනස් කලා.

    මහවෙදනා, ඔබ ලියන පරිද්දෙන්න්ම; බල විබේදනය ලියන තරම් ලේසි නෑ කරන්න ගියාම, ගිනි තියන අය, වෙඩි තියන අය, භූ ගාල සිල් ගන්න අය, එමටයි.
    තව කෙනෙක් කියන්න පුලුවන් මෙච්චර අමාරුවෙන් ගත්ත එක දෙන්න කියන්නේ අමුකැවිලද කියල.

    රජ කාලෙ වගෙ යුව රජෙක්වත් පත් කරන්න පුලුවන්නම් තරමක් වත් ඒ අයගේ අභිමානය ආරක්ශා වෙනවා.

    උන් මරාගෙන මැරුනේ ඒ අභිමානය ආරක්ශා කරගන්නයි.

    ReplyDelete
  4. කවුද කැමති බලය අත අරින්න ........ බෙදනවා කියන්නෙ ටිකක් හරි බලය අඩු වෙනවා කියන එකනෙ ......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්