Followers

Thursday, May 19, 2011

ගාමිනී හත්තොට්ටුව්ගම






















අලුත් නාට්යාගාරය එනම් ජෝන් ද් සිල්වා රඟහලට යාබදව ගොඩනගන


නව රඟ හලේ වැඩ තවම නිමවෙලා නෑ ම හිතන්නේ.


කලාකාරයන්ගෙ ෆොටෝ බිත්තිවල එල්ලනකොට අමතක නොකල යුතු කලාකාරයෙක්,


ඒ වගේම නාට්යවේදියක්,  සරල, අවංක, සල්ලි වලට ගන්න බැරි මිනිහෙක් ගාමිනී හත්තොට්ටුව්ගම,


ලංකාවේ වීදි නාට්ය කලාවේ පුරෝගාමියා කීවොත් නිවැරදියි.


 මුදල් හදල් තාන්න මාන්න බලාගෙන නොවෙයි ඔහුත් ඔහුගේ ගෝලයනුත් වැඩ කලේ,


දීපානි, ප්‍රසන්නජිත් ආදීන් එකතුව ඒ අඳුරු යුගයේ රට පුරා නාට්ය කලාව ජනයා අතරට ගෙනගියා. (ප්‍රසන්නජිත් තමන්ගෙ හොඳ රස්සාව අතහැරල තමයි නාට්‍ය කලාවට තම කාලය කැප කලේ.)


මේ ලඟදී දවසක හමු උනා කෙනෙක් එයා දන්නව ගාමිනීගෙ කලින් බිරින්ඳෑව, ඒ නෝනාගේ දෙවැනි මහත්තයත් නැතිවෙලා හුඟක්  කල්. ඉතින් මං ඇහවුව පොඩි ඕපා දූපයක්, ඇයි ගාමිනිගෙන් ඒ නෝන දික්කසාද උනේ කියල, පේන විදියට ගාමිනි පවුල ගැන කිසි සැලකිල්ලක් දක්වල නෑ. හැන්දෑවට යාලුවො නැත්නම් නාට්‍ය කාර මිත්‍රයො බුරුතු පිටින් ගෙදර එක්කගෙන විත් ඔක්කොතොට්ම කෑම හදන්න කියනවලු. ඒක් නිසාම රට ඇරල ගියාලු උසස් අධ්‍යාපනය කරන්න.


-------------------------


වෙසක් හඳ ඊයෙත් පායලා;
 ඉතින් කාලෙකට පෙර ලියපු කවියක් මතක් උනා


යොවුන් හද


ගැටය සන්දියේ 
ගමේ පන්සල අද්දරින්
 පෝය දාට
පායන තරම් අපූරුවට එලියට
 දැන් පායන් නැත්තේ ඇයිද 
ඔබ සඳ ?

2 comments:

  1. අපේ සම්පත් අපේ අයට අගේ නැහැ .......

    ReplyDelete
  2. ගාමිනි හත්ට්තොටුවෙගම පොරවල් අතරින් පොරක්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්