Followers

Thursday, May 26, 2011

(විශ්ව වීද්යාල ශිෂයන්ගේ නොව) එස් බී ගේ සිත තුටින් බර වේවා!

විශ්ව විද්යාල ශිෂ්යන්ට හමුදා කඳවුරු නේවාසික පුහුනුවක්




විශ්ව විද්‍යල ශිෂ්‍යයන්ගෙ බිය සැක නැති කිරිමටලු
යුද්දය අවසාන වී අවුරුදු දෙකක් ගත වී ඇතත් සෞක්ය ඇමති විසින් මතුනොකල  කාරනවකි එස් බී මතුකරන්නේ. කාරණය ඉතාම කාලීනයි.

 මතුපිටින් පේනවාට වඩා බරපතලව ගත යුතු සෞක්ය ප්රශ්නයක් මට හිතෙන්නේ,
යුද්දය නිසා වසාගෙන  තද කරගෙන සිටි දශක හතරක් පුරා පිලිකාවක් ලෙස උඩු දුවා ලාංකීය සමාජ දේහය පුරා පැතිරුනු භය සැකය සහ අනාගතය පිලිබඳ අස්තීරත්වය නමැති  පිලිබඳ භයානක හොල්මන් කතා පොතේ  මුල්පිට පෙරලුවාක් වගේ කියලායි.


 පසුගිය අවුරුදු තිහක් හතලිහක් පුරා රටක ජනතාවක් ජීවත් වුයේ මරණ භයෙන්, විශ්ව විද්යාල ශිෂ්යන් පමණක් නොවේ.

දියුනු රටවල පොඩි වාහන අනතුරකදී පවා විද්යානුකූල මානසික උපදෙස් දෙනු ලැබේ.
මේ වැනි කම්පන ජීවිතයට ඇතිකරන්නේ පුදුමකාර රින බලපෑමක්.

71 සිට පසුගිය 2009 දක්වා ලංකාවේ සිදුවූ ජනඝාතන භිය වැද්දීම්, කෲරත්වය, අමානුශික වදහිංසා පිලිබඳ තොරතුරු වයස සීමාවක් නැතිව අසන්නට ලැබුනි. දියුනු රටවල අවුරුදු දාසයෙන් පහල ළමයින්ට   අපරාධ පෙන්වන දර්ශන  ඇති චිත්‍රපට බැලීම පවා නීතියෙන් තහනම්ය.

හිතන්න උදේ සිට නින්දට යන මොහොත දක්වා ඇසෙන්නේ දකින්නේ මේවැනි දේය කියා;
-----------------------------------------------------------------------------------------------
විශ්ව විද්යාලයන්හි උගන්වන ශුධ්ද් විද්යා කලා(වෛද්ය, ඉන්ජිනේරු ඇරුනුවිටවිෂයන් අඩංගු  පාඨ්මාලාවල ප්රායෝගික අංශය දුර්වල නිසා රැකියා වෙළඳපලේදී අපේ උපාධිධාරීන් අසරණ වන බව එයින් බැට කෑ අපි දනිමු.

පාඨ්මාලවන්වල ගුනාත්මක තත්වය ඉහල දැමීම, චරිතවර්ධනය, සන්නිවේදන හැකියාවන්, ආත්ම විශ්වාෂය වර්දනය කල යුතුය යන්න ගැන විවාදයක් නැත.

දියුනු රටවල කසල ශෝදකයින්ද අප රටේ උගතුන් යයි කියාගන්නා අයට වඩා හොඳින් වචන හසුරුවන බව කෙනෙකු කියනු මා අසා ඇත.

ඕනෑම විශ්ව විද්යාලයක ආපන ශාලාවට යන්න, මෙතරම් කෑම බීම තියෙන රටේ කන්න තිබෙන්නේ මොනවාද, තේ බොන කෝප්පයේ අඬු තිබෙනවාද?

ළෝකය කොතරම්  ඉස්සරහට ගියත් අපේ විශ්ව විද්යාල එකතැන පල්වු බවට සාදකයකි.

ඉතින් ආත්ම විශ්වාසයක්, පැහැදිලි සන්නිවේදන හැකියාවන් වර්දනය වන්නේ කෙසේද?

ඒත් මේ කරන්න යන වැඩේ ප්රශ්නය වැරදි කොනෙන් අල්ලා ගැනීමක්ද?

කම්කරු පරිපාලනයට හමුදා විනය හා නයකත්ව පුහුනුව යොදාගැනීමට වඩා  සමබන්ධ්කම් හරහා හමුදාබලය යොදාගැනීමද අරමුණ.?

දේශපාලකයන් විසින්  දූශිත කරන ලද රටේ, ඉදිරියේදී ගලා එතියි සිතන විදේශ ආයෝජන වලින් දුවන  වැඩපොලේ කම්කරුබර විශ්ව විද්යාල ශිෂ්යන් ලවා අද්ද්වා ගැනීමද?

ඇයි මෙය කරන්න මෙතරම් පමා වූයේ,  සාමාන්ය පන්තියේ මිනිසුන්ගේ දූ දරුවන්ට,  නිකන් හම්බවෙන අධයාපනය අරගෙන ලැබෙන රස්සාවක් කරගෙන ඉන්න එය හොඳටම ඇතිවුන කාලෙ ගියා. (ඉහල පෑලෑන්තියෙ අයගෙ ළමයින් පිටරට යවල ඉන්ග්‍රීසි උගන්වල ඉහල තනතුරු ටික, වයාපාර ටික බාර දෙන්න වෑඩ කටයුතු කරල තියෙන්නෙ.)


දැන් විදේශ ආයෝජන එන්න පටන් ගන්නව, එතකොට මේව බලා කියාගන්න පිටරටින් උගතුන් ගෙන්නන්න ගත්තොත් වියදම් වැඩියි. ඒනිසා මේ තියෙන කේක් ගෙඩියටම පොඩි අයිසින් පාරක් දාලා ගමු.




එක ගලෙන් කුරුල්ලො තුන් හතර දෙනෙකුට ගහන්නත් පුලුවන්. ඒ කියන්නේ ජේ වී පී එකෙන් කොක්ක ගහ ගත්ත ගම් වලින් ආපු තරුනයන්ගේ හඬත් නිහඬ කරන්න පුලුවනි.


පොඩ්ඩක් පපුව ඉස්සරහට දාලා යන්න පුලුවන් ගතියක් කොල්ලන්ට කෙල්ලන්ට දෙන්නත් පුලුවන්.
මොනව හරි කලා කියල ඈඟ බේරගන්නත් පුලුවන් ලොක්කගෙන්, කොම්පෑනි කාරයන්ගෙන්.

ඉතිහාසයේ සරදමක් බඳු වු මේ සිදුවීම 1982/83 කාලයේ කොළඹ විශ්ව විද්යාලයේ විද්යාපීටයට  කොතලාවල ඇකඩමියේ ශිෂ්යන් හොරපාරෙන් ගමනට විරුද්ධ වූ ශිෂ්ය පරම්පරාවේ වර්තමාන පරපුරට හමුදා කඳවුරුවලට යාමට සිදුවීමය.
------------------------------------------------------------

5 comments:

  1. ගිය එවුන් නම් හොඳයි කියලා කියනවා.....සමහර එවුන් බූස්ස එහෙම ගිය එවුන් පූල් ටේබලුත් තියෙනවාලු, උදේට ඔනේ තරං ෆිෂ් රෝල්ස් එහෙමත් තියෙනවාලු...ඇඹිලිපිටිය ගිය එකෙක් බාස්කට් බෝල් ගහන්ඩ තියෙනවා කියලා උඩින් පියාඹනවා....මට නම් හිතෙන්නේ අපූරු වෙනසක් තියෙනව කියලා....හැබැයි මුල් වටේට යන කට්ටිය තෝරපු විදිය නම් හරි මදි.. ඉහළම ලකුනු ගත්තු අය ගත්තා නම් තමා වැඩිය හොඳ..කමක් නැහැ ජූනි 15 අපිට පටන් ගන්නවාලු... ජෙප්පෝ පෙත්සන් ගහලා වැඩේ වන කලොත් තමා කෙලිය...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලකුනු, පක්ෂ, ප්‍රදේශ, ලින්ග, ජාති ආදී එකී නොකී බේද නොසලකා සෑම විශ්ව විද්යාලයකම තිබිය යුතු පහසුකම්.

    පමා වී හො වෑරදි ක්‍රමයට හො මේවෑනි පහසුකම් සරසවි ශිෂ්යන්ට ලෑබීම හොඳයි.

    ReplyDelete
  4. මම හිතන විදියට මේ පුහුණුව මීට කලින් ඒ කියන්නෙ පාසල් කාලය ඉවර වෙනවාත් එක්කම දුන්නනම් තවත් හොඳයි ........

    ReplyDelete
  5. ඔබ කියන පරිදි ඇත්තටම උසස් පෙල අවසාන වු විගසම කාලය අපතේ නොයවා විබාග ප්‍රතිපල නිකුත් කර යම් පුහුනුවකට ඒ අතරමෑදි කාලය යොදා ගෑනීම තමයි වඩා හොඳ විදිය කියල මටත් හිතෙනව.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්