Followers

Sunday, May 22, 2011

දයාබර නායකයනි සවන් දෙන්න Dear Leaders, Hear

සිංගප්පූරුවේ මැතිවරනය 18/5/11 පසුගියදා නිම විය.

5/5/11 දින මහජන රැලියක්දී ගැයුනු ගීයක්
---------------------------------------
දයාබර නායකයනි සවන් දෙන්න
-------------------------
මාත් එක්ක ටිකක් ඇවිදින්න යං

හිතමු අපි සාමාන්ය  පුද්ගලයන් දෙදෙනෙකු කියා

අපි දෙන්නම එක වගේය කියල

මං කැමතියි ප්‍රශ්න කීපයක් අහන්න, අපිට අවංකව කතා කරන්න පුලුවන්නම්,

මොනවද ඔබට හිතෙන්නේ පාරේ කෑ ගහල අඬන මිනිස්සුන්ගේ හඬ කාටත් නෑසෙනකොට

රාත්‍රියේ යාච්ඤා කරන්නේ කාටද නිදන ඔවුනට ඔබගේ දුක නොදැනෙන කල

  කැඩපතෙන් බලනවිට  මොනවද ඔබට හිතෙන්නේ ඔබ ගැනම?

ආඩම්බර වෙන්න පුලුවන්ද?

කොහොමද ඔබ නිදාගන්නේ අනෙක් අය හැමදෙනාම අඬනවිට?

කොහොමද ඔබ හීන දකින්නේ,

ඔබගේ සහෝදරයින්ට ජීවිතය ගොඩනගාගන්න බැරිවෙනකොට?

කොහොමද ඔබ ඇවිදෙන්නේ, හිස  කෙලින් තබාගෙන?

මගෙ මුහුන දිහා ඔබට කෙලින් බලන්න පුලුවන්ද?

කියන්න ඇයි කියලා?

ආදරනීය නායකයනි

කියන්න ඔබලා තනිවූ මිනිසුන්ද?
........
.........
..............



2 comments:

  1. ඕව කතා කරල වැඩක් නෑ.. දයාල් බතී. අමුතුවෙන් දේශපාලනය ඉගෙන ගන්න ඕන නෑ රටක් පාලනය කරන්න. ලංකාවෙ පත්තරවල යන කාටුන් දිහා, ඒ වගේම මේ බ්ලොග් වල ලියන එවුන් කියන දේවල් බැලුවමත් ඇති.
    රටක පාලකයෙක් ජනතාව රවටන්න දැන ගත යුතුය කියලා මැකියාවෙලි කියල තියෙනව. අපේ උන්ට ඕව කියවන්න ඕන නෑ උන්ගෙ ලේ වලම තියෙනව රැවටිල්ල.

    විමල් වීරවංශ බංකොලොත් වෙමින් තිබුන සෙලින්කෝ ෆිනෑන්ස් ආයතනය අර ගෙන. එයා ගිය සතියේ නිව්යෝර්ක් ඇවිත්.උන් දේශනා කල වැදි බණ අහල කොල්ලො කෙල්ලො ටයර් සෑ වල නිවන් ගියා.කොමියූනිස්ට් පක්ෂෙක නායකයෙකුට ඇමරිකාවට එන්න වීසා ලැබුන හැටිත් පුදුමයි. අනේ සකෝ බල ලෝ..

    ReplyDelete
  2. ඕක ලංකාවෙ නායකයින්ටත් කියලා දෙන්න පුලුවන් නම් කොච්චර හොඳද .......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්