Followers

Friday, June 3, 2011

මොහාන්, ක්‍රිකට්, තාප්ප කැඩීම, පොලිස්පති බාලසූරිය,දොස්තර අණින් ගස්බැඳි ලෙඩාගෙ ස්වාමි පුරුෂයා මිය යාම


කවදත් සමබරව  අදහස් දක්වන මොහාන් සමරනායකට රූපවාහිනිය ගොඩගන්න ලැබේවායි පතමු.
රූපවාහිනිය කියන්නේ ඔක්කොම ජාතියෙ ගේම් කාරයෝ ඉන්න තැනක්. දන්නවනේ ප්‍රේමකීර්ති ආදීන්ට මොකද උනේ කියල පරිස්සමින් මහත්තයෝ, තමුන්නාන්සේ වගේ පුද්ගලයින්ගේ සේවය මඟ පෙන්වීම මඟ වැරදී ඇති කලාවට අත්යවශ්ය කාලය.
------------------------------------------
දොස්තර අණින් ගස්බැඳි  ලෙඩාගෙ ස්වාමි පුරුෂයා මිය යයි
(මේක මේ ලඟදී, උතුරු පලාතෙ වෙච්ච වැඩක්, පත්තරේක පලවෙලා තිබුන.)


මිනිහ පොඩි ඩ්‍රින්ක් දාලා වැඩිවෙලා ඉඳලා, තියෙන්නේ,  ඉස්පිරිතාලෙ නවත්තපු තම බිරින්දැව බලන්න ඇවිල්ල වෙරි මරගාතෙන්, දොස්තර කියල සේවකයෙකුට මේකව ගහක බඳින්න කියලා, කොහෝම බැන්දාද මන්දා, පස්සෙ බලන කොට මනුස්සය මැරිල.

අපේ දොස්තරලත් රටේ නායකයන් අනුගමනය කරමින් අහින්සකයින්ව ගස් බැඳීම ආරම්බ කිරීම, මිනි මැරීමට වක්‍රව සම්මාදම් වීම පොදුවේ මානසික සෞඛ්ය්‍ය ප්‍රශ්නයක්ද?





රොශේන්  සහ බාලසූරිය


වෙලඳ කලාපයේ යොජිත පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට විරුද්ධව උද්ඝොශනයට වෙඩි තැබීමේදී මියගිය  රොශේන්ගේ සිද්දියට සම්බන්දව ඉල්ලා අස්වූ පොලිස්පති බාලසූරියට හොඳක් කියන පුද්ගලයෙක් සොයාගැනීම උගහටය. මේතාක් කාලයක් මේවැනි ජාතික ආයතනයක සේවය කල පුද්ගලයෙකුට උසස් තනතුරක් හෙබවූ පුද්ගලයෙකුට ලැබෙන නම්බු නාම පුදුම සහගතය.
ආයෝජන කලාපයේදී ආණ්ඩුව බෝම සීරියස්, පිටරට කොම්පැනි ටික ශේප් කරගැනීම කම්කරුවෙකුගේ ජීවිතයට වඩා බලව්තුන්ට වැදගත්ය. ඒකට හෙට අනිද්දා පෙන්ශන් යන බාලසුරිය වැන්නෙක් කඩේ යැවීම ආන්ඩුවට ටොයිස් වැඩ්ය.
රොශේන් නම සෝමපාල ආදී සැබෑ කම්කරු වීරයන්ගේ  ලැයිස්තුවට එක්වෙනු ඇත.




තාප්ප කැඩීම

තාප්ප ගසා මුඩුක්කු පෙනුමක් පෙනුමක් දෙන, ඔබට මෙහි එන්නට වරම් නැත යන හැඟීමක් දෙන රජයේ කාර්යාල වටා ඇති තාප්ප පමණක් නොව සිර කඳවුරු වටකරනාවක් මෙන් අමානුශික පෙනුමක් ඇති, තුවාල සිදුවෙන කටුකම්බි වැටවල් ද ඉවත් කල යුතුය, සාමාන්‍ය තැන්වල පාවිච්චිය තහනම් කළ යුතුය.





ක්‍රිකට් 
This photo is from web resources

 -  තවම ඩිල්ශාන්ගේ හනිමූන් කාලයයි, මූන්(බෑන් කී) ලා ලංකාවට අරහං වුවත් පොඩ්ඩක් චාන්ස් එකක් ඩිල්ශාන්ට දෙන්නම ඕනෙ. 


පිත්තෙන්, බෝලෙන්, පන්දු රැකීමෙන් වැඩ පෙන්නුවට නායක්ත්වය කියන්නේ වෙනම බනිස් ගෙඩියක්?!*


අද ඊලඟ තරඟය ලෝඩ්ස්වල. Good Luck !

3 comments:

  1. හොඳ අදහස් ටිකක්.ස්තූතියි

    ReplyDelete
  2. මම මේ ලිපි වලට කැමති කෙටියි පැහැදිලියි ......
    සරලයි ......
    වැදගත් ලිපි සෙට් එකක් .......

    ReplyDelete
  3. ගිම්හානිටත්, කල්හාරටත් මගේ ස්තූතිය

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්