Followers

Friday, June 3, 2011

වාසුගෙන් විප්ලවය බලාපොරොත්තු වීම- මල් වඩම් අවශයයි!

This Photo of Vasu is taken from Web Resources

වාසුගෙන් විප්ලවයක් දැන් කවුරුවත් බලාපොරොත්තුවෙන්නේ නැත. දැන් විශ්‍රාම විරාමය සුවයෙන් ගෙවන කාලයයි.

අඩුම තරමින් සමසමාජ සම්ප්‍රදායන් ඉදිරියට ගෙනයාමවත් කෙරෙන්නේ නම් දුකක් නැත.


  • දමිල භාෂාවට සමතැන්
  • බලය විමද්යගත කිරීම
  • අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන්වල වර්දනයක්
  • ආගමේ මුවාවෙන් ලංකාවාසීන්  ගොනාට අන්දවන වයාපාරවලට, ජෝතිෂයට ඕනෑවට නැඹුරුව, හෙම්බිරිස්සාව කැස්ස ගසාගෙන කන සෞඛ්ය මාෆියාවට විරුද්ද වීමක්
  • කම්කරු අයිතීන් වල වර්දනයක්
  • තරුණ පරපුරේ ගටලුවලට රඩිකල් විසඳුම් ඉදිරිපත්කිරීම


වාසුගේ හොඳම කාලය එනම් මොහොත විදියට  මා දකින්නේ අසූවේ මහා වර්ජනයේදී ජේ ආර් ඇසුවා
වාසු රට බාරගන්න්වද කියලා.(දුර්වලම මොහොත කොලඹ නගර සභාවේ මැතිවරනයේදී  ත්‍රීවීල් සහෝදරයාට පැරදීමයි)

පල්ලෙහා ගමන ඇරඹුනා එතන් සිට.(තමන් සතුව තිබු හැම ආයුධයෙන්ම දමා ගසා අසූවේ වර්ජනයේ පරාජයෙන් පසුව)

එතනින් පස්සේ එනම් වෘත්තීය සමිති කඩාවැටී, අසූතුනේ ජූලි කලබලය සමගින් පක්ශ තහනමට ලක්වී ජාතිවාදයට විරුද්ද  වෙදිකාවේදී වෙඩි පහරට ලක්වී(වාසුට වෙඩි වැදුනේ නැත, වැදුනේ බාහුටය) වාසුගේ විප්ලවවාදී භූමිකාව ප්‍රගතිශීලි භූමිකාවට පරිවර්තනය වී ආන්ඩුවට  වමේ රබර් සීල් ගහන කාලයට පැමින බෝ කල්.

වාසුගේ ඇඟ හිරිගඩු පිපෙන, නලල්තලයට වැටෙන කෙහෙරැල් පස්සට විසිකරමින් කරන 'විප්ලවීය' ට්‍රොට්ස්කිගේ එක්සත් පෙරමුනු උපායන් ගැන කතා අහන්නට යු ඇන් පිය බලයට එන්නට ඕනෑය.
ඒ සඳහා තව අවුරුදු පනහක්වත් ඉන්නට වෙනවාය.

ඇන් ඇම් වරෙක කියල තියෙනව වාසු අතිධාවන කාරයෙක් නැත්නම් වලිප්පුව හැදිල වගේ කියලා හැත්තෑගනන්වල පාර්ලිමේන්තුවට මල්වඩන් ගෙනියපු වේලාවේ;

 ජේ වී පී එකේ කොල්ලො වෙනුවෙන් තමයි වාසු ඒ දේ කලේ.

දැන් වාසු කියනව අනිත් අයට අතිධාවනකාරයො කියලා.


රොශෙන්ගේ මරණය ගැන ඔබ කියන්නේ මොනවාද?
නැවත මල් වඩමක් ගෙන ආයුතු දෙයක් නේද මේ කටුනායක අහිංසක කොල්ලට සිද්ද උනේ?

2 comments:

  1. දේශපාලනය ගැන මා හට පරිනත දැනුමක් නැති මුත් ඒ කොල්ලා මරණයට පත්වනවාත් සමඟම මිනිසුන්ගේ සිතෙහි අමරණීයත්වයට පත් වූ බව පමණක් කිව හැකිය ...........

    ReplyDelete
  2. මං ගිය එක මගුලකට අත්සන් කලේ වාසුයි, සරත් මුත්තෙට්ටුවේගම යි.
    මගුල මාස තුනෙන් කැඩුණා.
    අහන්නත් දෙයක්ද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්