Followers

Wednesday, June 8, 2011

ලිබියාව දෙකඩ වෙන ලකුනු?


Above photos are taken from web resources

ලිබියාවෙ කැරැල්ලේ සහ කමිටුවේ  නායක මුස්ටාෆා අබ්දුල් ජලිල් ව හමුවෙන්න, 


බෙන්ගාෂි වලට ගිහිල්ල තියෙනව ස්පාන්ඥ විදේශ අමැතිනි ට්‍රිනිඩෑඩ් ජිමෙනෙෂ්.


ලිබියාවේ බල මාරුවට අමෙරිකාවේ සහ බටහිර මැදිහත් වෙන්නේ අමුතු ක්‍රමයකටද?


ඉරාකයේ මෙන් නොව එනම් ගොනා වලන් කඩේට පැන්නාක් මෙන් දිගට හරහට  ගහගෙන යන්නේ නැත. 


ගුවන් බලය සීමිතව යොදගෙන ගඩාෆිගේ බලය අඩුකර එනම් කොටියගේ උල් දත් දෙක තුනක් ගලවා දමා  


අහිංසක සතුන්ට (අහින්සකද මන්ද?)
කොටියාව අල්ලාගන්නට පොඩි සප් එකක් දෙන බවකුයි පෙන්වන්නේ
http://blogs.aljazeera.net/liveblog/libya


(නෙටෝ එක තමයි දැන් පහර දෙන්නේ උඩින්)


අමෙරිකන් කොන්ග්‍රසය අහනව ඔබාමාගෙන් ලිබියන් ප්‍රතිපත්තිය පැහදිලි කරන්න කියල.
ලංකාවේ ජී එල්ගෙන් අහනව වගේ විපක්ෂය,


 ඉන්දියන් ගිවිසුම පැහැදිලි කරන්න කියල.


නිරායුද ස්වාභාවික ජන අරගලයක් ලෙස ආරම්බ වු මේ ජන නැගිටීම සන්නද්ධ කර 


දීර්ග කාලීන යුද්ධයකට මග පාදාගත්තා, දැන් අරගලය තමන්ට නතුකර ගත හැකියි, 


මුලු අප්‍රිකාවත් මැදපෙරදිගත් නටවන්න පුලුවන් තැනකයි ඔවුන් පයගහගත්තේ,


 වටේට තියෙන රටවල් තමයි, ඊජිප්තුව, ටියුනීසියාව(click the location below)


ගඩාෆි මුලදිම කිව්වේ දීර්ග සිවිල් යුද්දයකට සැරසෙන්න කියලා.


යන විදියට යන්න දීල හෙමිහිට තමන්ගේ වැඩේ කරගන්න වගේ තමයි බලවතුන්ගේ වයාපෘත්යිය?


(තව ටික කලක් යනකොට දෙපැත්තට සමාදාන කතාවලට එන්න කියයි?)


වෙන රටක් කෙසේ වෙතත්, හැබැයි මේ බටහිර ප්‍රචාර ඇත්තනම් ගඩාෆිට සහ පවුලට වැඩි ආයුශ නැත.
http://au.news.yahoo.com/world/a/-/world/9608798/gaddafi-ordered-sex-drugs-for-libya-rapes-prosecutor/
බටහිර බැංකුවල තැන්පත් කර ඇතැයි කියන ගඩාෆිගේ යුරෝ බිලියන් 38ට කෙල හල හල ඇති දැන්.
සදාම්ගේ බිලියන් ගනන් වලට වෙච්ච දෙයක් නැත. නූතන නිදන් හාරන්නේ මෙන්න මේ විදියටයි!
----------------
කැරලිකාර පක්ෂය කර්නල් ගඩාෆිට පක්ෂයි කියා සාමාන්ය වැසියන් හිරබාරයට ගන්නත් පටන් අරගෙන?
-සාමානය ජනතාවගේ ශුභ ස්ද්දියට යයි කියා ඔවුන්ගේම කරමතින් බලයට එන්නට තනන කැරලිකාරයො දැම්මම  ඔවුන්ට එරෙහිවෙලාද?


-----------------------------------------------

යේමනයේ බලය මාරු උනා ජනධිපති විදේශගතව සිටිද්දී.

ක්ලින්ටන් මැතිනිය පක්ෂයි වැඩේට.
--------------------------------------
බහරේනයේ ජනනැගිටීමේදී තුවාල කරුවන්ට ප්‍රතිකාර කල සෞඛය සේවකයන්ට රජාගෙන් පලිගැනීම්

1 comment:

  1. මිනිසාගේ බලයට ඇති කෑදරකම ඇති තුරා මෙම ක්‍රමය වෙනස් නොවේ .......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්