Followers

Thursday, June 9, 2011

ම්ලේච්ඡ ගව ඝාතන, සහ සෞදි අරාබියෙ අත්දැකීමක්











තව සිංහල බ්ලොග් කරුවෙකුත් මේ ගැන ලියල තිබුන.

රුපියල් මිලියන 120x800ක් වටින සහ 13000කගේ

රැකියා අහිමිවන තත්වයක් තිබියදීත් පන පිටින්

ගවයන් ඉන්දුනීසියාවට යැවීමේ කර්මාන්තය

අවධානමට ලක් කරමින් ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාවට ගවයන් මසට යැවීම පාලනය කිරීමට සැරසෙයි.

ඔස්ට්‍රේලියානු abc රූපවාහිනි සේවයේ පෙන්වු වැඩ සටහනකට පසුව නැගුනු ප්‍රබල මහජන විරෝධය හේතු

කොටගෙනයි මෙය සිදුවූයේ.

ඉන්දුනීසියාවේ අචාරධර්මීය නොවන අකාරයට ගවයන් මැරීමට පෙර උන්ගේ ඇස් අන්ද කර වධ දී (අසූ තුනේ 

ජූලියේ වැලිකඩ හිරේ උන් දෙමල  '....කුට්ටුමනිගෙ....ඇස් ගැලෙව්ව වගේ) මරන ආකාරය පෙන්නුම් කෙරෙන

රූපවාහිනි වැඩ සටහන බැලූ සමහරුන් හඬාවැලපුනු බවද  මස් වෙලඳාම විශාල වශයෙන් පහත වැටුනු බවද

මාධ්‍යෙන් දුටුවා. කලකට් ඉහතදී ලංකාවේ සිරස නාලිකාවේද මෙවැනි වැඩ සටහනක් බැලූ ලොකු කුඩා

බොහොමයක් ගව මස් කෑම අත් හැරියා, මා දන්නා  එකල හය හත් අවුරුදු කුඩා දරුවෙකු වු දියනියක් එය

බලා මස් කෑම අතහැරියා, ඇය එන අවුරුද්දේ මොරටුවේ ඉන්ජිනේරු පීටයෙන් උපාධිලබනවා

ම්ලේච්ඡම දර්ශනය මාදැක තිබෙන්නේ දෙමටගොඩ මස්වත්තේ(මසට සතුන් මරණ රජයේ අනුමත කොළඹ

නගරයේ ස්ථානයකි.) නොව සවුදි අරාබියේ වැඩකරන කාලයේ දමාම් නගරයේ බුස්බේට් සමගමේ සේවක

නිවාසයේදීය. ආගමික උත්සව දිනයකදී අප සිංහල, දමිල, මුස්ලිම් ඉන්දියානුවන්, පිලිපීන ආදීන් එකතුව

ක්‍රිකට් සෙල්ලම් කරන අතරතුරදී බන්ග්ලදේශ ජාතික සේවකයින් එකතුව එලුවකු පහරදී මරා මස් සහ ලේ

ටික බෙදාගන්නට රණ්ඩු කරපු හැටි තාමත් මතකයෙන් ගිලිහී ගොස් නැත.

සතුන්ට හෝ මිනිසුන්ට වදදෙන අයට ඒවාට වන්දි ගෙවන්න වන බව මගේ ජීවිත කාලයෙන් අත් දැක තිබේ.

මගෙත් දැන් මස් කැමේ ආශාවට ටික ටික තිත තැබීමේ අශාවක් මෝදුවෙයි!



10 comments:

  1. මම නම් මස් කන්නේ නෑ අවුරුදු 13/14 ඉදලා

    ReplyDelete
  2. මස් නොබුදීමේ ශාන්තිය ඔබ අත්විඳිනවා ඇති ඔබ නොදැනුවත්වම උනත්!

    ReplyDelete
  3. කතාව පිලි ගන්නවා ........
    බොරු කියන්නෙ මොටද මම නම් මස් කනවා ....

    ReplyDelete
  4. මාත් මස් කෑම අත් හෑරලා. මෝස්තරයකට නෙමෙ මටම හිතිලා. කෑවම අපහසු නිසා.

    ReplyDelete
  5. පෙර අඟනක් එක් එළ දෙනක හිස සිඳා
    ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා

    ReplyDelete
  6. ගිම්හානි, කල්හාර, කෙනෙකු කැමැත්තෙන් බුදින මස් කන්න එපයි කියල පව් පුරෝගන්න මට බැහැ

    ReplyDelete
  7. කතන්දර සුරී,
    ඒ පලාතෙ අය කියල තියෙන්නෙ වෙනම කතාවක්,

    එලදෙන කිව්වෙ එක ගෙයි කෑ අන් අඟන
    කලදෙය මහ පව්ය පල දෙන්නටමයි ඕන

    ReplyDelete
  8. මස්, චිකන් කන්ඩ කැම්ති හැබැයි උන්ට හින්සා කරල මරන එක වැරදි. මාන්ස බොජනය සත්ව ලොකයට අවෂ්ය දෙයක් නොවැ... අද ලෝකයේ සත්තු මරනවට වැඩිය අන්ත විදියට මිනිස්සු මරනව.. සිගරට්, ඇල්කොහොල් පෙන්නන්ඩ බෑ..හැබැයි අපේ ඕනෑම උත්සවයක මේක තියනව.

    ReplyDelete
  9. කුහකත්වය හෙවත් hypocracy අප හැමෝම සාමාන්ය තත්වයක් ලෙස පිලිගෙන තිබේ.
    උදේ හවා පන්සිල් ගැනීමෙන් ම එය පිලිගෙන ඇත.

    ReplyDelete
  10. මස් නොකෑම සහ ශාන්තිය අතර කිසිම සම්බන්දයක් නැහැ. මේවා තනිකර දෘෂ්ටින්. දැන් ලංකාවේ බෞද්ධයින්ගේ ලොකුම "ෆැෂන්" එක තමයි ඕක. මමත් බෞද්ධයෙක්. මම නං මස් කනවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්