Followers

Tuesday, June 14, 2011

විවෘත ආපන ශාලවේ හැන්දෑවක්-ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුනසිංහ ඇවිද ගෙන ගිය හැටි


තිසරනී එකල (මං හිතන්නේ තාමත් ) ප්‍රසිද්ද චරිතයකි,

විවෘත ආපන ශාලාව පසුකර යන ඈයට කොල්ලෝ විහිලුකරන්නේ මාලු කියාය,

ඒ අව්වුවෙන් බේරීමට ලොකු පන් තොප්පියක් පලඳින නිසාය,

ඉන්පසුව  ක්ලැරන්ස් මෙන් බොකුටු

කොන්ඩය ඇති උස ජැක්සන් සිය පෙම්වතිය සමග කලා පීටය පැත්තට ඇවිදගෙන යයි.

පතිරන පැමින සිගරට් එකක් පත්තුකරගනියි,

ඒයි දයල් උඹ මට බැන්න කියන්නේ ඇත්තද?

ඔව් මම කියමි,

ඇයි ?

ඇයි කියන්නේ ශ්‍රි ලංකා ශිශ්ය නායකයට උඹ ගැහැව්වෙ මොකද එදා රැස්වීම වෙලාවේ,

එතකොට උඹ්  කියන්නේ යු එන් පී එකාටත් කතා කරන්න දෙන්න ඕනද?

 ඔව්, ඔව් ඌත් ශිෂ්යෙක් නේ

පලයන් යන්න මට උඹ එක්ක කතාවක් නෑ,
(මුගෙන්-(මූ කීවේ හිතවත්කමටය) ගුටි නොකා බේරුනා ඇතිය)

ආචාර්ය නලින් සුපුරුදු සෙරප්පු කකුලෙන්ම විත් ප්ලේන්ටියක් බොයි,

ගෙවිඳු විත් නලින් සමග කතාවට වැටෙයි.

ලංකාපුර විත් සමසමාජ ශිස්ය සංගමය  කරන්නට යන ලලිත්ගෙ අධ්‍යාපන සංශෝධන පනතට

එරෙහි විරෝදතාවය ගැන කියයි.

ඇත්තද මචං විග්නය මාර්ක්ස් දෙන්නෙ උත්තරය අඩිකෝදුවෙන් මැනල කියන්නේ?

රොහාන් අසයි?

ඒක තව හොඳයි, ෆොන්සේකා බලන්නේ මූණ විතරයි!

කාගෙද, ?

දන්නවනේ!

පීච බඩුවක් දාගෙනලු නේද මේ පාර නැවෙන්,

ඔවු අර පොඩි සුදුකෑල්ල, පලයන් යන්න බොරු නොකිය,

බොරු නෙමෙයි යකෝ, ටීටී ගහන්න ගියාම මම උඹට පෙන්නන්නම්.

දුමක් දාමුද?

මහපොලත් හම්බ උනානේ අද?

ලලිත්ගේ මහපොලෙන් සිගරට් එකකුත් පත්තුකරගෙන ජිම් එක පැත්තට යමින් සිටියෙමු,

 වසන්තත් අකරැල්ලෙත් මේ පැත්තට එමින් සිටී,

බාහු, ලලිත් එක්ක ලලිත්ගෙ අධ්‍යාපන සංශෝධන පනතට ගැන ඩිබේට් එකට දිනයක් දාගෙනලු,

දෙන්නම කේම්බ්‍රිජ්නේ.

ජැක්සන් සිය පෙම්වතිය කුමාරි සමග නවකලාගාරය අසල සල් ගසක් යට පෙම්බස් දොඩමින් සිටී.
ඊට ටිකක් එහායින් සල් ගහක් යට බංකුවක වඩාත් ජ්‍යෙශ්ඨ උත්තමයෙක් වූ අශෝක සේරසිංහ යෙහෙලියක් සමග ලොකු කතාවකි.

කොබා සිය පෙම්වතිය සමග විවෘත ආපන ශාලාව පැත්තට එයි.

කොල්ලන්ගේ 'හතුරන්' වන කොතලාවල ඇකඩමියේ හැන්ඩ්සම් පොරවල් ටිකක්

ලෝ ෆැකල්ටියේ පොශ් කෙල්ලෝ ටික දෙනෙක් සමග ටෙනිස් ගහන්න යන්න වගේ.

------------------
26/10/12



ඊයේ රාත්‍රියේ පටිගත කරන ලද , පසුගිය දිනෙක පැවැත්වුනු දෙරණ ලක්ස් සිනමා අභිනන්දන උලෙල බලමින් සිටියදී මා දුටුවා ඉහත කතාවේ සිටිය ප්‍රධාන චරිත දෙකක්.

නීතිවේදී, නාට්‍යවේදී, අශෝක සේරසිංහ චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙසත් ජැක්සන් ඇන්තනී ඉතා දක්ශ කලාකරුවෙකු ලෙසත්, චිත්‍රපට කරුවෙකු හා කෝටි පතියෙක් ලෙසත් දැන් ජීවිත රඟ මඬලේ රඟති.



16 comments:

  1. ජෑකා + කුමාරි ලව ගැන දැනගත්තා
    ඉතින් දෑන්කියමු බලන්න ..
    දයාල් + ????? ලව ගැනත්

    ReplyDelete
  2. ගිම්හානි
    මම ඒ සම්බන්ධයෙන් ආපු ඊතලවලට අසංවේදී චරිතයක් විදියට තමයි හිටියෙ, 50% ඒව කීපයක් තිබුන, 99% එකක් තිබුන, අවසානයෙ ලොකු වැඩේ ගෙදරට භාරදුන්න.

    ReplyDelete
  3. මේ කොයි කාලෙද?හරිම සතුටුයි මේක කියවන්න ලැබුන එක ගැන.මම වර්තමාන නීති ශිෂ්‍යයෙක් කොලඹ.තාම අපේ පීඨයේ පොෂ් කෑලි ඉන්නව හැබැයි කැම්පස් එකේ දේශපාලනය නම් පජාතයි. ඒක දැන් තහනම් වචනයක්.කැම්පස් එකත් සංස්කෘතික කාන්තාරයක්

    - ලලිත්

    ReplyDelete
  4. ලලිත්, බෝම තුති, වචන ටිකට, මේ 1984/85 කාලේ මගේ මතකයේ හැටියට.

    දුක්බර කොටස නම් මේ කතාවේ ඉන්න චරිත කීපයක් ඔබ කියන සංස්කෘතික කාන්තාරයේ නිර්මානයට දායක වු කොටස් කරුවන් ව්සින් ගිලගෙන ඇත, නැතිනම් සමහර අය රට හැර ගොස් ඇත

    ReplyDelete
  5. දයාල් කියන්නෙ මාර චරිතයක්නෙ බැලුවාම ....
    ප්‍රසිද්ධ චරිත රැසක් එක්ක ඉඳලා තියනවා ....

    ReplyDelete
  6. කල්හාර, ඒක වෙන්නේ මෙහෙමයි, ටිකක් වයසට යනකොට, තමන්ගෙ පලාතෙ, තමන් ගිය පාසලේ, උසස් අධ්යාපන ආයතනවල, වැඩකරපු තැන්වල හිටපු අය ප්‍රසිධ්ද පුද්ගලයින් වෙලා, හොඳට හෝ නරකට; ඒ වගේම තමන් පසුකළ කාලයේ දේශපාලන පරිසරයත් බලපානව එවැනි වර්ධනයන්ට, කෙනෙකුට කියන්න පුලුවන්, අපිත් එක්ක පාගමන් ගිය මහින්ද නේද දැන් ජනාධිපති කියල, ඒ වගේමයි කෙනෙකුට කියන්න පුලුවන් මේ අපිත් එක්ක නාරාහේන්පිට පොලිසියෙ හිටපු නඩේසන් නේද කොටි පොලිස්පති උනේ කියල.

    ReplyDelete
  7. මුල දවස් වල මම කැම්පස් එකට එන්නේ ආර්ට් ෆැකල්ටිය පැත්තෙන් තියන ගේට්ටුවෙන්. ඒ දවස් වල ICT එකට අලුතෙන් කෑල්ලක් හදනවා. එකේ වැඩ කරන මේසන් බාස්ලව පේනවා.

    උදේ පාන්දරම යන්නේ open එකට. කට්ටියත් එක්ක කයියක් ගහගෙන මොනවා හරි කොටාබාන ගමන් කවුදෝ වයසක මනුස්සයෙක් කැන්ටිමේ පෝලිමේ.

    කලිසමේ එක කකුලක් අඩියක් එකහමාරක් විතර උඩට නමාගෙන. ෂර්ට් එකේ එක පැත්තක් යට කරලා අනිත් පැත්ත උඩින් වැටිලා. අතේ පොඩි වෙච්ච සිලි මල්ලක මොනවදෝ තියනවා. කවුන්ටරේට සල්ලි දුන්නහම කැෂියර් කොලුවා දෙනවා පොඩි සිලි උර දෙකක්. එකක එළවලු රොටියක්, අනිකේ ප්ලේන් ටී එකක්.

    "අලුතෙන් හදන බිල්ඩිමේ වැඩ කරන මනුස්සයෙක් වෙන්න ඇති..."

    මට එහෙම හිතුන විතරක් නෙමෙයි කියවුණා.

    "පිස්සුද යකෝ; ඒ අපේ අබේසිංහ සර් නේ!"

    මගේ මිතුරෙක් කියනවා...

    කවදාවත් ඉගෙනගෙන නැති උනත්, open කැන්ටිම මතක් වෙන හැම පාරකම ඔබතුමාවත් මතක් වෙනවා සර්... සිය දහසකට ගණිතය විතරක් නෙමෙයි ජීවිතය ගැනත් පාඩම් කියාදුන් ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඇත්ත කතාවක්!

      Delete
  8. පාර දිගේ - Paara Dige
    ස්තූතියි සහෝ, මා සඳහන් නොකල සර් ගැන කීවාට. අබේසිංහ සර් ගැන කතා නොකොට කොළඹ විද්‍යා පීටය ගැන කතා අසම්පූර්නය.

    අබේසිංහ සර් මිය ගියා අන්තිම අහිංසකයෙකු ලෙස මීට වසර දෙකකට පමන පෙර. මට මතකයි බුලර්ස් පාරේ බස් නැවතුම පලේ මිටි කොන්ක්‍රීට් කනුව මත වාඩිවී බසය එනතුරු බිම බලා සිටිනා අබේසිංහ සර්. මාත් පසෙක මගේ බසය එනතුරු .

    ReplyDelete
  9. aniwa අබේසිංහ සර් අමතක කරන්න බෑ. ඔහු නැතිවෙන්නට පෙර කෝච්චියක හැපී අතකුත් අහිමි උනා.
    මමත් තවමත් ඒ අතීතයට ආසයි. කාලය ඉගිල ගොසිනි.

    ReplyDelete
  10. දූපත් වැසියා, සමහර වෙලාවක අතීතය මතක් වන විට විශාල පාලුවක් වගේ දෙයක් දැනෙනවා. ඒත් එය කාටත් පොදු දහමක්. හැමෝම ඒ යතාර්තයට මුහුන දිය යුතුයි කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. අබේසිංහ සර් නැතිවුනාද?

      ජාතියටම අල්පේච්ඡතාව කියල දෙන්ඩ යන උන්ට වඩා ලක්සවාරයක් වටින අවංක මිනිස්සු.

      Delete
  11. http://www.facebook.com/groups/uocbloggers/

    මේකට එන්න. කැම්පස් එකේ බ්ලොග්කරුවන්ගේ සෙට් එක

    ReplyDelete
  12. මේ සමූහයට මාත් එකතුවෙන්න කැමතියි.

    http://www.facebook.com/groups/uocbloggers/

    මං ඉගෙන ගත්තේ Faculty of Graduate Studies එකේ.

    ReplyDelete
  13. JACKSON ANTHONY + KUMARI MUNASINGHA MEKATA DAN PISSULU NOVEDA? MUN DENNAGE LOVE EKA PATAN GATHTHE GALAHITIYAWE CENTRAL COLLEGE EKE INNA KALENE.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්