Followers

Wednesday, June 15, 2011

තමිල්නාඩුවේ මහ ඇමතිනි, ජය ලලිතා ලංකාවට එරෙහි ආර්ථික සම්භාදක පනවන්න යයි මහ ආන්ඩුවෙන් ඉල්ලයි- පුවතක්





                                                                               this photo is taken from web resources


ලංකාවට ගිය කල;

දැන් කාලෙකට ඉස්සෙල්ල, 


ඒ කියන්නෙ අර කාලකන්නි  අපේ තරුණ ජීවිත කාල දාපු 


යුද්දේ පටන් ගන්න පෙර 


 කොලඹ කොටුවේ දුම්රිය පොලෙන් ටිකට් එකක් ඉන්දියාවට මිලදීගෙන 


ලංකාවෙන් ඉන්දියාවට ගිය අය,


 වියදම් හොය ගන්න ගෙනගියේ මොනවද දන්නවද?


පොල්තෙල් බෝතල කීපයකුයි, ලක්ස් සබන් කෑලි කීපයකුයි!


තව ඔය ඉන්දියාවෙ නැති බඩු මුට්ටු කීපයක්;
(ඔබ කලින් අහලත් ඇති, ඉන්දීය සාම  සාධක හමුදාව  ආපු කාලෙ, මං හිතන්නේ 1987 කාලෙ හරියෙ, ඉන්දීය හමුදා බටයො පොල් තෙල්වලට කොච්චර ආසද කියනවනම් යාපනේදි පොල් තෙල් බෝතල් ගනන් බිව්වය කියල)


දකුනු ඉන්දියාවෙන් මිනිස්සු ආවා,


 මුහුදෙන් පීනගෙන ජීවිතේ අවදානම නොතකා 


බෝතල් පත්තර හරි ව්කුනල ජීවත්වෙන්න(ඔවුන්ට අගෞරවයක් නොවේවා- ඒ අයට කිව්වේ කල්ලතෝනි කියලා)


එහෙම ආපු අයගෙන් ප්‍රසිද්ද පුද්ගල්යෙක් තමයි ඥානම්- සෙන්ට් 


ඇන්තනීස් අයිතිකාරය,  මහ කොම්පැනි අයිතිකාරයා.



එහෙම රටේ අපට ආර්තික සම්භාධක දාල අපිව පාගන්න ලෑස්තිවීම 


විහිලුවක්ද, නැත්නම් අපි වැටී ඇති අගාධයෙ ගැඹුරුද මේ පෙන්වන්නේ.


කටු කම්බි වැටවල් වලින් වටවෙලා ඉන්න යුද්ද අනාතනයන්ට ලැබෙන 


බනිස් ගෙඩියටත් කෙලවෙන වැඩක් නේද මේ පිස්සු ඉල්ලීම.


ඉන්දියාවෙ මහා ආන්ඩුවෙ ලොක්කෙක් කියල තියෙනව


 ඊට පිලිතුරක් විදියට ගෙදර ඇතුලෙ එනම් තමිල්නාඩුවෙ ප්‍රශ්න


ඉස්සෙල්ල විසඳල ඉන්න කියල. !


පව් ජයා!
-----------------
                                          this photo is from web
පහු ගිය දවසක, අර ඉන්දීය මසුන් මරන්නන් කීපදෙනක් මැරුන වෙලාවේ  විජය කියල නලු බට්ටෙක්  පොර ටෝක් එකක් දීල තිබුන; මං කියවල බැලුව, අයියො මිනිහ විජෙගෙ නමටත් ලැජ්ජයි, තෙල් බෙහෙත් කාරයෙක් වගේ, ලන්කාවට බැනල බැනල අන්තිමට කියනව මගේ චිත්‍රපට කීපයක් ලඟදී එනව කියල, මිනිහ ගැන කරදර වෙන්න දෙයක් නැහැ.
------------------------------------------
ඉන්දියා ලංකා නැව් සේවය


http://youtu.be/4s2ES0dZ9dc


අවුරුදු තිහකට පස්සෙ මේ නැව් සේවය නැවතත් ඈරඹිලා, 

ගාන ටිකක් වැඩි උනත් පස්සෙ අඩුවේවි;

මම මේ ගැන කලිනුත් ලියා තියෙනව ,

මේ පුන්චි  රටේ හිරවෙලා ඉන්නෙ නැතුව 

ලෝකය ගවේශන්ය කරන්න නව රැකියා අවස්තා, වායාපාර අවස්තා ,

අධ්යාපන අවස්තා, තරුණ බාල වැඩිහිටි හැමට  තිබේ නම්

 රටේ ප්‍රශ්න අඩුවීමට උදව්වක්.



අර මා කලින් ලියුවා වගේ ලක්ස් සබන්, පොල්තෙල් නමැති 

සූට් කේස් ආර්තිකය නැවත ඇතිකිරීම

 මේ නැව් සේවයෙ ඇතිකිරීමෙදී දෙරටටම පොදු  අරමුනක්,

ජයා තවත් පව්!
-------------
ලාබ ගුවන් නාවික සේවා ඇතිකොට අප දූපත

 අවට රටවල් හා වහ වහ සම්බන්ධකොට කොට 

රැකියා සහ ගවෙශ්ක අවස්තා සැමට ලබා දීම නොපමාව සිදුකොට 

රැකියා අවස්තා සුලබ කොට 

මැද පෙරදිග දුක්විඳින අප සහෝදර සහෝදරියන්ද

 ඒ දුකින් ගලවා ගත් යුතුය.



3 comments:

  1. ෂහ් ලස්සනට කියල තියනව. අපිත් දැන්නැති කරුණු කාරණා ගොඩයි. ඒව කිව්වටත් එක්කම ස්තූතියි.

    කරුණානිදියයි මේ මෝඩ අම්මන්ඩියි සැරින් සැරේ ඔය තමිල්නාඩු කාරයින්ව රවට්ටගෙන පුටුවට එන එකමයි වැඩේ.

    ‍එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි!

    ReplyDelete
  2. ස්තූතියි රුවන්, එමෙන්ම මගේ අදහස නම් අපි දකුනු ඉන්දියානු රජයන් සමග සමබන්ධකම් වඩා වර්ධනය කරගත යුතුයි කියලයි,නෑදෑයො වගේ / නැතුවත් බෑරි අය; මම මේ සිරා දේවල් කියනව නෙමෙයි, මෙවැනි දේ අපේ පාඩම් පොත්වල උගැන්විය යුතු මුලික දේවල් කියලයි මම විස්වාස කරන්නේ, දෙමල භාෂාව, තෙලිඟු, මලයාලම්, හින්දි ආදී භාෂාවන් ඉගෙන ගැනීමට පහසුකම් වඩා වර්ධනය කල යුතුය.
    මිලියනයකට අධික ජනකායක් මැදපෙරදිග දුක්විඳ රටසල්ලි එවනව, අඩුම තරමින් අරාබි භාෂාවවත් උගන්වනවද හරියට?

    ReplyDelete
  3. අසල්වැසි රට විදියට ඉන්දියාවත් එක්ක ඇති වන සම්බන්දකම් වැඩි වෙන තරමට ලංකාවේ දියුණුවත් වැඩි වෙයි කියලා හිතෙනවා, හැබැයි ඉතිං අහිතකර ප්‍රථ්ඵල නැති වෙයි කියලත් හරියටම කියන්න බැහැ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්