Followers

Wednesday, June 22, 2011

උපාලි ෆියට් සහ මයික්‍රො කාර්

 ලංකාවෙදි මට ප්‍රථම වතාවට වාහනයක් එලවන්න උනේ මම වැඩකරපු ආයතනයෙන් මට දීපු

නිල්පාට ටොයොටා කොරොල්ල වැගන් එක නිසා.

.රුපියල් හයදාහක පෙට්‍රොලුත් දුන්නා, වැඩට එන්න යන්නයි පොඩි රවුමක් දෙකක් ගහන්නන්යි

 හොඳටම ඇති.(සිකුර හතේ හිටපු කාලේ,)

(ඊට පස්සෙ තමයි සෙනසුරා කඩන්පාත් උනේ )

ඒ රැකියාවෙන් අයින් වෙලා ඊට පස්සේ පොඩි කාලයක් මගේම වයාපාරයක් කරගෙන යනකොට

 ගන්න උනා  ඩැට්සන් ඩබල් කබ් එකක්.(කබලක්)

එයින් පස්සෙ පිටරට යන්න උනා.

 ඇවිත් ගත්තෙ උපාලි ෆියට් එකක්, ඇත්තටම ඒක ගත්තේ ලංකාවේ හදපු පලවෙනි කාර් එක යන තේරුමෙන්.

ඉතින් මේ විදියට මං පටන් ගත්තෙ උපාලි විජෙවර්ධන සහ ආචාර්ය ලෝරන්ස් පෙරේරා ගැන කියන්න.

උපාලි පසුව රජයේ අනුග්‍රහය ඇතිව දියුනු උනයි කියල කිව්ව්  උනත්

මුලින්ම ඩෙල්ටා ටොෆීයෙන් වායාපාරය පටන් ගත්ත කෙනෙක්.

තර්ස්ටන් පාරෙ උපාලිගෙ ගේ උඩට හෙලිකොප්ටර් බානව මතකයි,

 අසල්වැසියො විරුද්ද්වෙල එය නවත්තල දැම්ම.

යුනික් රේඩියෝ එක, ක්‍රිස්ටල් සබන්,  මතකයි.

මං හිතන්නේ ඔහුට දෙපැත්තේම ඒ කියන්නේ යු එන් පී යෙත් ශ්‍රි ලංකා එකේත් සම්බන්ධ්කම් තිබුන.

අලුත් වාහන ආනයනය ට 300%ක් බදු ගෙවීමටත්, වාහන කොටස්වලට 100% වීමත්  නිසා ඔහු කලේ

 වාහන කොටස් ඉතාලි ෆියට් සමාගමෙන් ගෙන්වා මෙහි එකලස් කිරීමයි.

ඒ අනුව තමයි උපාලි ෆියට් කාරය මැෂ්ඩා කාර් එකත් කරලියට ආවේ.

උපාලි ෆියට් කාරය  ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වර්ගයේ එකක්.

අචාර්ය ලෝරන්ස් පෙරේරා නායකත්වය දෙන  මයික්‍රො කාර් සමාගම ගැනත් මට ආඩම්බරයක් ඇතිඋනා.

අපේම කාර් හදන ආයතනයක්. මේ ලඟදී නේපාලයට ප්‍රතම කාර් තොගය අපනයනය කලා.

දැන් ඒ අය දුම්රිය හදන්නත් ලෑස්ති වෙනව.

ඉන්දියාවේ ටාටා නැනෝ හදනව ඒක් තමයි ලෝකෙම අඩුම වියදමින් ගන්න පුලුවන් වාහනේ.

ලංකාවේ එය  මිලවැඩි රජයේ බදු නිසා,

අපේම කාර් එකක් අඩුම මිලට ලංකාවේ ජනතාවට ගන්න පුලුවන් වෙන දවස කවදද?
----------------------



පුතාට මේ දවස්වල රියදුරු පුහුනුව දෙනව,

පහුගිය දවසක, මම ලංකාවේ රියදුරු බලපත්‍රය ගත්ත හැට් කිව්ව.

මගෙ ඩ්‍රයිවින් ටෙස්ට් එකේදී -නාරහේන් පිට හරියේ-දකුනට හරවන්න කිව්වම මම හැරව්වේ වමට

( දකුනට මං කැමති නැති නිසා වෙන්න ඇති) ඒත් මං ටෙස්ට් එකෙන් පාස්.

දන්නවනේ ලංකාවේ වැඩකෙරෙන විදිය?
----------------------------
මගෙත් තියෙනව හීන කීපයක්,

කවදද දකුනු දිග අදිවේගී මාර්ගය විවෘත වෙන්නේ?

අලුත් දකුනු දිග මහ මාර්ගයේ සීයට පාගල යන දවස එනකම් මං බලාගෙන ඉන්නේ.

ඒ වගේමයි කෝච්චියෙන් කතරගම යන්න, මාරයගෙ කතාවෙ කිව්ව් වගේ භාරයක් ඔප්පු කරන්න.

 සුද්දගෙන්  පස්සෙ අඩියක්වත් ඉස්සරහට නොගිය රේල් පාරේ

ආඩම්බරෙන් කතරගං යන්න කවද ලැබේවිද?
---------------------------------
ගඩාෆි, ප්‍රතම වරට කැරලිකාරයන්ට කතාකරයි
http://www.telegraph.co.uk/news/worldnews/africaandindianocean/libya/8580710/Libya-Gaddafi-regime-in-direct-contact-with-rebels-for-first-time.html
--------------------------------
ඔබාමා අෆ්ගනිස්තානයෙන් අමෙරිකන් හමුදාව ඉවත්කරයි
http://www.guardian.co.uk/world/2011/jun/23/afghanistan-withdrawal-barack-obama-troops




උපාලි විජේවර්ධන ජීවතුන් අතර පුවත යට ගැසීමට මාධ්‍ය මෙහෙයුමක්

JULY 9, 2012 10:17 PM 3 COMMENTSVIEWS:

Share this Article

Author:

අප සැමදා පලකරන පුවත් පළකරනුයේ පරීක්ෂාවකින් පසු වගකිමකින්ය. අපවෙත පුවත් සපයන සහ අසාධාරණයට ලක්වුවන් වෙනුවෙන් හඞනැගීමත් අප සියලුදෙනාගේ ඒකායන අරමුණු වන්නේය. අපගේ සහෝදර මාධ්‍ය කරුවාට උපාලි මහතා මුණගැසෙන්නේ අහම්බෙනි. එතුමා ලංකාවට ඒමට දැරූ උත්සහ සියල්ල ව්‍යර්ථ කලේ කවුරුන්ද? බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් පිස්සෙකු ලෙස කමිසයෙන් ඇද දැමු ඒ මහලු මිනිසාට පිහිට වුයේ අප සිහිනෙන් පවා විශ්වාස නොකරන තැනැත්තියකි. එනම් එංගලන්තයේ රැජින විසිනි. උපාලි මහතා මිට වසර ගණනාවකට පෙර රැජින හමු වී තිබිමේ වාසනාව තුල එතුමා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස Raphael Karoo යන නමින් ජීවත් වීමේ වාසනාව උරුම වී තිබෙනවා. එතුමා තමාගේ අතීත අශ්වයට තැබූ නම වන වෙරෝන් යන නම අමතර භාවිතයට ගෙන තිබෙන්නේ ජීවිතයත් සුදුවක් බව අවබෝධයෙන් බව අප හා පැවසුවා. එතුමා කැළණි පන්සලට දුන් mazda 5 ශ්‍රී රථය  තවම තිබෙදැයි අතීත මතකයෙන් නිතර අසයි. තම බිරිදට තමන්ගෙන් වුනු අසාධාරනය පිළිබද කණගාටු වන එතුමා තමන් ඇගෙන් වෙන්වීමට හේතුවුයේ බිරිදට දරුවන් නොසිටි බැවින් හැර වෙන හේතුවකින් නොවන බවත් බිරිද නැවත විවාහයක් කර ගැනීම සාධාරන බවත් තමන් ලංකාවට පැමිණියත් බිරිදට යමක් ඉතිරි කරන බවත් පැවසිය.
mexico නම  අප ගෙතුවක් ද ඇත්තක්ද ?
Rafael Caro -  රාෆායල් කරෝ
Raphael Karoo – රාෆායල් කරෝ
දෙදෙනාගෙන් කවුද උපාලි?
ඉහත නම් දෙකම ලංකාවේ අපට එක ලෙස ශබ්ද කල හැක නමුත් දෙදෙනෙකි. අපට සිදුවූ අතපසුවිමනම් ඉංග්‍රීසියෙන් නම දැමීමට අමතක වීමයී. එම අඩුවෙන් ප්‍රයෝජන ගෙන මානසිකව සතුටුවුවෝ කොතෙක්ද කියා අප දුටුවෙමු. Raphael Karoo – රාෆායල් කරෝ ලෙස අප උපාලි මහතාගේ සැගවුණු චරිතය මෙසේ හරියාකාරව ඉදිරිපත්කරමු. වැරදි රාෆායල් තවම වයස 56 කී. (උදාහරණයකට ලංකාවේ නාමල් රාජපක්ෂලා දෙදෙනෙක් සිටි දෙදෙනාම නීති වේදීන් ලෙස කටයුතු කරයි. නමුත් කෙනෙක් ජනාධිපතිගේ පුත්‍රයාය අනෙකා වයස 42 ක වැඩිමහල් පුද්ගලයෙකි )  උපාලි මහතාගේ ජන්ම පත්‍රය අනුව එතුමා තවමත් ජීවතුන් අතර බව පසුගිය සතියේ ඉරිදා රන්දිව පුවත් පතේ ජ්‍යෝතිෂවේදි කාංචන ගීත මනමේන්ද්‍ර මහතා තර්කානුකුලව ඔප්පු කොට ඇත. උපාලි මහතා මියයාම හෝ ජීවතුන් අතර නොසිටීම කිහිප දෙනෙකුට අත්‍යවශ්‍යමය. ප්‍රධාන පුද්ගලයා වෙල්ගම මහතාය. එතුමා බුක්තිවිදින සැප සම්පත් උපාලි මහතාගේය, බිරිද පවා උපාලි මහතාගේය.
අපට දැන ගන්නට ලැබුණු පරිදි උපාලි සමුහ ව්‍යාපාරය කොටස් වෙළද පොලට තකහනියේ යැවීමට සුදානම් වන්නේද උපාලි මහතාගේ මුදල් උරුමය නැතිකිරිමටය. ලංකාවේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන රටේ නාමල් රාජපක්ෂ මුදලට ගෙන පාලනය වන  www.gossiplankanews.com අපූරුවට වෙල්ගම මහතාගෙන් මුදලට රෙදි සේදීම සිදුකලේය. අප බෞද්ධ වීරෝදී හෝ මුදලට පුවත් පල කරන්නේ නැත. අප වෙබ් අඩවියට ගොසිප් ලංකා මෙන් මාසයකට ලක්ෂ හය හතක දැන්වීම්ද නැත. රෙදිසේදිමෙන් අමතර සන්තොසම්ද නැත. නෙත් fm මගින් පුවත් සපයන්නේද නැත. ගොස්සිප්ලංකා මෙන් පලකල නොහැකි පුවත් වලට පාතාලයේ වෙබ් අඩවිද නැත. පුවත් ගලවන විට මුදල්ද නැත. එබැවින් විදුරු ගෙවල් වල සිට ගල් ගැසීමෙන් වලකින්න නැතහොත් සියලු ලිපිලේකන සමග වැඩිදුර තොරතුරු පළකරන්නෙමු.
උපාලි මහතා ලංකාවට පැමිණීම තවමත් ප්‍රමාද කරන්නේ එතුමා මෙම දිනවල ඉන්දුනීසියාවේ සංචාරය කරමින් තම පුත්‍රයා සහ බිරිද සොයන බැවිනි. බොහෝදුරට වසර අගදී ලංකාවට පැමිණීමට අදහස් කරගෙන සිටින එතුමා ඊට පෙර අප මාර්ගයෙන් skype සම්මුඛ සාකච්ඡාවක් ලංකාවේ සියත මාධ්‍ය වෙත ලබා දීමටත් බලාපොරොත්තුවෙන් සිටි. දැනට කැළණි විහාරයේ බික්ෂුන් වහන්සේලා සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටි. ලංකාවට පැමිණි කලක තමා සතු දැනුම මතුපරපුරට දිමටත් එතුමා බලාපොරොත්තු වේ. සියලු දේ සදහා එතුමාගේ පුත්‍රයා සහ බිරිද පිළිබද තොරතුරු සොයාගැනීම අංක එකේ මුලිකත්වය ගෙන ඇති අතර එය ඉක්මනින් සිදු වූ වහාම ලංකාවට එතුමා එනු ඇත. එතෙක් සත්‍ය හෝ අසත්‍ය කියමින් තම කැමැත්ත මත මානසික සතුට ලබා ගත හැක.

3 COMMENTS




උපාලි විජේවර්දන ජීවතුන් අතර මෙක්ෂිකො සිරගෙදර වසර 27 ක් ගතකරලා (lankaleaks වසරේ පුවත)

http://www.lankaleaks.com/2012/07/01/%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A/

10 comments:

  1. "අපේම කාර් එකක් අඩුම මිලට ලංකාවේ ජනතාවට ගන්න පුලුවන් වෙන දවස කවදද?"

    ඉතාම ඉක්මනින් උදාවිය යුතු දවසක් තමයි මේ

    ReplyDelete
  2. අපේ සම්පත් අපි ලග තියගෙන ..නැවෙන් බඩු එනකම් බලගෙන ඉන්නවා.

    ReplyDelete
  3. ඔය වගේ හීන මටත් තියනවා.
    1. දක්ෂින අධිවේගී මර්ගයේ 100 වැඩියෙන් යන්න.
    2. අපේම රටේ හදාපු 100% කාර් එකක් එලවන්න.
    3. අපේ රටේ පෙට්‍රල් වලින් වාහනයක් එලවන්න.
    කවදා ලැබෙයිද?

    ReplyDelete
  4. බුවා,රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවානම් එය කල හැකි යයි මා හිතනවා

    ගිම්හානි, අපේ දේට ගරහන පුරුද්ද තමයි, මුල

    වෙදගෙදර මහ වෙදනාගේ සිහිනය නම් සැබෑවෙන්න එතරම් කලක් යන එකක් නැහැ

    ReplyDelete
  5. සියල්ල ඉෂ්ට කරගන්න හැකි දවස එන්නෙ එදා ඉඳන් අද දක්වා එන එන රාජ්‍යයන් තමන් අනුග්‍රහය දක්වන ටික දෙනාගෙන් ඒ දක්වන අනුග්‍රහයන් ඉවත් කරලා ඕනෑම කෙනෙකුට නීතියට අනුව කරත හැකි තරඟ බිමක් දුන්න දවසට!!

    පත්තර වලින් කියවන්නෙ: රාජ්‍ය අනුග්‍රහය තියන 100 ට යන අය ජනාධිපති වාහනයත් පහු කරගෙනම යන බවයි!!

    ReplyDelete
  6. අරුනි,
    ඔබේ කියු දේට එකඟයි ගැබැයි එකක් ඇර, සම තරඟ බිම - level playing field කියන එකට, ප්‍රශ්නාර්තයක් තියෙනවා, ආරක්ශනය කියන එකත් අවශ්යයි නේද? ලංකාවෙ නං ඒ දෙකම නැහැ, ඔබ කිව්ව වගේ තියෙන්නෙ හෙන්චයියාරක්ශනවාදයයි!

    ReplyDelete
  7. ඇත්තටම උපාලි මහත්තයට මොකද උනේ ....

    ReplyDelete
  8. කල්හාර,
    ලංකාවේ එකල සිටිය හොඳම ගුවන් නියමුවා විසින් පදවන ලද සිය ලියර් ජෙට් යානයෙන් ආසියානු රටකට පියාසර කරමින් සිටියදී කඩාවැටීමෙන් මියගිය බවයි කියන්නේ.
    රටේ බොහෝ දෙනා දන්නේ ඒ විදියටයි?

    ReplyDelete
  9. api mehea aewith widhinna oena dhuk okkama widhagena dheyak mehen igena ganne laංkaawata aewith laංkaawea dheyak loeketa dhenna thamayi.ea hinaya waedi aethaka neweyi onna.

    ReplyDelete
  10. මයික්‍රෝ දැන් වාහන ලංකාවේ හදන්නේ නෑ. ඇසෙම්බ්ලින් විතරයි..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්