Followers

Monday, June 27, 2011

සංචාරක හොටල් රස්සාව, Triton Hotel අහුන්ගල්ල බලපිටිය, අම්බලන්ගොඩ

The photo is taken from
http://www.bing.com/images/search?q=turtles+in+sri+lanka&qpvt=turtles+in+sri+lanka&FORM=IGRE#x0y254

උසස් පෙල හමාරවෙලා ගෙදර ඉන්න කම්මැලි කමේ බැරිව, ගෙදර තිබුනු,

තාත්තගෙ පැත්තෙ ආච්චිගෙන් ලැබුනු ඇන්ටික් බිත්ති ඔරලෝසුව ගලවන්න ගිහිල්ල

 (මගේ පොඩි කාලෙ ඉඳලම තිබුනු ආශාවක්, මේ ඔරලොසුව වැඩකරන හැටි ගලවල බලන්න.)

ස්ප්‍රින්ග් කොයිල් එක, ඒ කියන්නේ දුන්න එකපාරටම ලිහිල් වෙලා,

කෑලි කෑලි වලට ගැලවිලා විසිවෙලා ගිහිල්ල,

ඒ කෑලි ටික නැවතත් පූට්ටු කරමින් සිටින අතරේ,

අනුර, මගේ උසස් පෙල පන්තියෙ මිත්‍රය ආව ගෙදර.

අනුර වැඩකලේ බේරුවල නෙප්චූන් Hotel එකේ,

මේ නෙප්චූන් අයිතිකාර කොම්පැනිය ඒ කියන්නේ Aiken Spence සමාගම

අලුත් සංචාරක හෝටලයක් හදමින් සිටිනවා අහුන්ගල්ලේ, නම Triton.

කැමති නම් රැකියාවකට ඉල්ලුම් පතක් දාන්න පුලුවන් කියල කිව්ව.

ඒ කාලෙ වෙච්ච සිදුවීම් ගැන කතා දුසිමක් උනත් ලියන්න,  හැකියි,

මේ එක කතාවක්.

Triton එකේ රැකියාව ලැබිල විශ්ව විද්යාලයට යනතුරු වසරක් පමණ එහි රැකියාව කලා,

ගොඩ නගන අවදියේ නිතරම ආව ගිය අඩි අටක් විතර උස ලෝක ප්‍රසිධ්ද

ගෘහ නිර්මාන ශිල්පී ජෙෆ්‍රි බාවා ද අඩි පහක් පමණ උස ඔහුගේ මිතුරියද,

චිත්‍ර අඳිමින්ද අතරතුර බටනලාවක් වයමින්ද සිටි ලෝක ප්‍රසිධ්ද චිත්‍ර ශිල්පී ලකි  සේනානායක එහිදී මා දුටු

ප්‍රසිධ්ද චරිත.  අවුරුදු 19 කොල්ලෙකුට වඳුරන්ට ඉනිමන් තැබීමක්  වගේත් ටිකක් එය.

ටිකක් ගොඩයන්ට මැජික් වගේ වැඩත් උනා.

තව අතුරු කතාවක් තියෙනවා මේ සම්බන්ධව.

මහචාර්ය සිරි ගුනසිංහගේ  සත්සමුදුර චිත්‍රපටය බැලු කාටද, එය හදවතට නොවදින්නේ, මතක නොසිටින්නේ,

මේ චිත්‍රපටය (සහ තවත් එවැනි නව කතාවක්) බැලූදා සිට, මුහුදට වෙරලට, මුහුදේ

http://en.wikipedia.org/wiki/Sath_Samudura
දියඹට ගොස් දිවා රෑ වෙහෙස වන මසුන් මරන්නන් ගැන ලැදියාවක් මා තුල තවමත් තිබේ,

 ඉතින් මේ ආසාව නිසා ඉඩක් ලද විගස මා දැල් අදිනා බලන්නට යන සිරිතක් මා සතුව තවමත් ඇත.

එක් දිනක් උදේ මා ගියා දැල් අදිනවා බලන්න, කිරල ආදී කඩොලාන ශාඛයන්ගෙන් ගහන

වූ අහුන්ගල්ල වෙර්ල තීරයටඑදා අදින අය බෝම උද්යොගයෙන්,

වෙනදට වැඩියෙ කෑ ගැහිල්ලෙ සතුටක් තිබුන, කිට්ටුකරල අහල බලනකොට තේරුනා.

අද මඩිය බරයි වගේ කියල!

දැකල ඇතිනේ මාලු දැල අදින හැටි, සෑහෙන වෙලාවක් ගතවෙනව වැඩේට,

 ගොඩට එන දැල නව නව පැටලෙන්නෙ නැති විදියට දෙපැත්තක ගොඩගසමින්

උදේ රැයින් ඈත දියඹට ගොස් වටකර එලූ දැල

දැල හෙමිහිට ඇද ඇද ගන්නව. ඉතින් සෑහෙන වෙලාවකට

පසුව මඩිය බොහෝම ලඟින් පේන්න ගත්ත,

එදා මඩිය පේන්න ගත්ත විතරයි,

මිනිසුන්ගේ මූනු නරක් උනා, මුවෙන් නොසෑහෙන්න කුණු වචන විසිවෙන්න ගත්ත.

හිතා ගන්න පුලුවන්නෙ බරට දැනුනෙ මක් නිසාද කියලා උඩ තියෙන පින්තූරෙන්.

වැලි කියුබ් එකක් කැස්බෑවෙකුගෙ හැඩයට හැදුව වගේ තරමේ එකෙක් !

කොල්ලො උගෙ පිට උඩ නැග්ග, අනේ ඌට හිංසාවක් කලේ නැහැ,

කොල්ලො ඌව නැවතත් මූදටම තල්ලු කරල දැම්ම.

කොල්ලන්ගෙ පංගුව විදියට එදා හම්බවුනේ කැස්බෑවගෙ පිට උඩ යන්න විතරයි!

6 comments:

  1. බාවාස් ගාඩ්න් මාත් ගිහින් තියෙනෙවා.හරි සුන්දර තැනක් නේද?
    හිඟන කොල්ලා චිත්‍රපටයේද රූගත කිරීම් එහි කර තිබුනා.ඔබනම් පින් කරල තියෙනව එතුමාව දැකගන්න.

    කැස්බාවා හරිම අහින්සක සතෙක්..

    ReplyDelete
  2. "කොල්ලන්ගෙ පංගුව විදියට එදා හම්බවුනේ කැස්බෑවගෙ පිට උඩ යන්න විතරයි!"

    ඉතිං නරකද කවද කැස්බෑවෙක්ගෙ පිටේ යන්නද?

    ReplyDelete
  3. ඔයාට පොඩ්ඩක් වැරදිල තියෙනවා...චිත්‍ර ඇන්දේ ලකී සේනනායක..සේනක සේනනායක නෙවේ....ලකී තමයි ජෙෆ්‍රි බාවා කරපු ගොඩක් නිර්මාන වල චිත්‍ර වලින් සම්මාදම් උනේ.....

    ReplyDelete
  4. ගිම්හානි, බාවාස් ගාර්ඩ්න් කිව්වෙ අලුත්ගමින් හැරිල මතුගම පාරෙ තියෙන ගේ වෙන්න ඕනේ, මමත් ගිහින් තියෙනවා එය ජෙෆ්‍රිගෙ සහෝදරයගෙ-බෙවිස්ගෙ

    ජෙෆ්‍රිගෙ නිවස තිබුනෙ ඩුප්ලිකේසන් පාරෙ-බම්බලපිටියෙ, (මගේ වරදක් ඇතොත් පෙන්වන්න)

    ReplyDelete
  5. කල්හාර, පව්! ඒවුනාට කොල්ලන්ගෙ බඩ පිරුනෙ නැහැනේ, දැල ඇදල හම්බවෙන පන්ගුව විකුනල තමයි තුට්ටු දෙකක් හොයාගන්නෙ!

    ReplyDelete
  6. ලකී වෙනුවට සේනක යෙදීමේ වරද පෙන්නාදුන්නට anonymous mithrayaata ට තුති!
    දැන් මට මතකයි, සරම පමනක් අඳින, හැමවිට උඩුකය නිරාවරනයවු, සිය ඇබිත්තයා සමග කුඩා රෙදිකඩක වාඩිවී බටනලාව වයන රැවුල වවාගත් පුද්ගලයා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්