Followers

Friday, July 8, 2011

'කොටි' මාලදීපෙ අල්ලා ගනිති-මාලදිවයිනේ කතාවක්- Maldvian experience

Maldives Reosrt

මාලදීපෙ අය ලංකාවේ ප්‍රසිද්ඩ වෙල සිටියෙ ඒ අයගෙ උම්බලකඩ හා කරවල නිසාත් 

විශේශ රසකැවිල්ලක් වූ 'බොන්ඩි අලුවා' ලෙස එකල අපේ වැඩිහිටියන් හැඳින්වූ

කෙසෙල් කොලවල එතූ පොඩි අග්ගලා වැනි වැල් විකිනීමට ලංකාවට පැමින 

පාරේ ඇවිද යමින් කැගසමින් විකුනූ නිසාය.

මාලේ ගිහින් ඇති අය දන්නව මාලේ ගුවන් තොටුපල තියෙන්නේ මාලේ නගරයට කිට්ටුව ඇති කුඩා දූපතක,

ඒ දූපතේ තියෙන්නේ එයාර් පෝර්ට් එක විතරයි, හැම මගියෙක්ම ඉන්පසුව අනිවාර්යයෙන්ම

බෝට්ටුවෙන්ම(එහි බාසාවෙන් කියන්නේ දෝනි කියාය) යා යුතුයි.  මාලේ නගරයත් පැය බාගෙන් මුලු වට

රවුම යන්න පුලුවන් පොඩි දූපතක්. එහි ප්‍රදාන ආදයම කරවල සහ සංචාරක කර්මාන්තය.

මම වැඩ කලේ මාලේ ඉඳල සාමනය දෝනියකින් යන්නේ නම් පැය දෙකක් දුරකිනි, දූපතේ නම තුලුශ්දූ .

 Speed boat එකෙන් යන්නේ නම් පැය භාගයකි.

මා වැඩ කල දිනවල එහි ජනපති අබ්දුල් ගයූම්, වරක් දෙකක් ඇවිත් තියෙනව අප වැඩ කල ආයතනයට මට හරි

සතුටුයි, අතට අත දෙනකොට තේරුනා මම විතරක් නෙමේ ලෝකේ ඉන්න මිටිම මිනිහ කියල.

අලි මනිකු (ඇත්තටම මිනිහ අලිය වගේ ලොකුයි)

ගැන කතා නොකර මාලදීපේ ගැන කතා කල නොහැකිය, මන්ද ඒ නම ඒ තරමම් ප්‍රසිද්ද බැවිනි.

 යම් මගඩියක් නිසා ලංකාවට පැමිනීම සිරිමාවො මැතිනිය විසින් තහනම් කර තිබුනත් නැව් සිය ගනනක් ඇති

මහාපරිමාන වයාපරිකයෙකි. මනිකු පවුල මාලදීපේ ධනවත්ම බලවත්ම පවුල් කීපයෙන් එකකි.

කුරුම්ඹා වැනි ප්‍රධාන  සන්චාරක හෝටල් රාශියක හිමිකාරිත්වය ඇත්තේ ඒ පවුලටයි.

මම සේවය කරපු ආයතනයත් අයත් ඒ පවුලේ එක් සාමජිකයෙක් වන ආචර්ය ඊබ්‍රහිම් මනිකුටයි, බොහෝම

නිවිච්ච මනුස්සය.


ඒ පවුලේ අයත්, අබ්ධූල් ගයූම් ආදීනුත් අධ්යාපනය ලබා ඇත්තේ කොලඹ හා නුවර පාසල්වලය, St Peters, Trinity,ආදී පාසල්වල.

සමහර හොඳ කාර්මිකයින් පුහුනුව ලබා ඇත්තේ එකල සරු තැන් ලෙස බැබලුනු Walkers, Browns 

සමාගම්වල වන අතර ලාංකිකයනට ඔවුන් තුල ලොකු ගවුරවයක් ඇත.


මාලු අයින්

මලදීපේ වගේ මාලු දැකල නැහැ මං කොහෙවත්, අක්කර ගනන්  පැතිරුනු මාලු අයින් වෙරල අයිනනෙම

සමහර වේලාවට  දකින්න පුලුවන්. මුලු පලාතක් වසාගෙන උන් දඟලන හැටි පුදුමයි   සමහරු ගලකින් දමල

ගහල මාලු අල්ලගන්නව. එහි මාලු බාන දැල් දැමීම තහනම් නිසාලු මත්ස්ය සම්පත හොඳට තියෙන්නේ.

ඒ වගේමයි මුහුදේ පිරිසිදු ගතිය, අව්ව වැටුන වේලවකට සෑහෙන ගැඹුරකට පේනව,

නිල් කැටේ වගේ කියල අපි කියන්නෙ; අන්න ඒ වගේ.

මූදේ ඇවිදගෙන යන්න පුලුවන් සැහෙන ඇතට.

දෝනියෙ මාලේ එන යන සමහර වේලාවක රටාවකට උඩ එමින් යටයමින් පීනන

ඩොල්පින් රංචු සුන්දර දැක්මක්.

රට හැදිල තියෙන්නේ කොරල් පර උඩ, වෙන රටවල් වගෙ කලුගල් උඩ නොවෙයි. පොලවෙ වතුර බොන්න

බැහැ, ගඳක් තියෙනවා, සල්ෆර් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිසා, බොන්න ගන්නේ වැහි වතුර

එකතු කරල, අපි පාවිචිකලේ ගොඩක් මුහුදු වතුර ඩීසැලිනේටෙඩ් කරලයි, රිවර්ස් ඔස්මෝසිස් Riverse osmosis

ක්‍රමය භාවිතා කරල. සවුදි අරාබියෙත් තියෙනව මේ ක්‍රමයම.

ප්‍රදාන කැම තමයි බත් සහ ගරදිය නම් හොද්ද, මෙය හදන්නේ අලුත් බලමාලු වතුරේ තමාබගෙනයි, තුනපහ

ආදිය දමන්නේ නැහැ. අපිට නම් කන්න අමාරුයි.

ගැහැනුන්ටත් යන්න පුලුවන් මුස්ලිම් පල්ලි

ගැහැනුන්ට පල්ලි යන්න සාමන්යෙන් බැහැනෙ ඊස්ලාම් ආගමේ, නමුත් මාලදීපෙ පල්ලියෙ වඳින තැන දෙකට

බෙදල තියෙන්නේ, ගැහැනුන්ටත් එක් පැත්තක් තියෙනව, ඒ දවස්වල මම විස්වාස කලේ ඒ රට බුද්දාගමේ

රටක්ව තිබිලා පසුව ඉස්ලාම් උන නිසා වෙන්න ඇති කියලා.

සිංහල බ්ලොග් කීපයකයකම පලවෙල තිබුනා ඒ පිලිබඳ විස්තර.

අවුරුදු සිය ගනනකට පෙර, කෘර සින්හල බෞද්ද සුල්තාන් විසින් මාල්දීපෙ සුරූපි ලඳුන් ලිංගික අතවර කොට

මරාදමමින් දුශ්ට පාලනයක් ගෙනගොස් තිබෙනවා. අරාබියෙන් පැමිනි බලවත් මුස්ලිම් වෙලෙන්දෙක් ඒ

දුශ්ටයාව මරා රට නිදහස් කරගෙන තියෙනවා, ඉන්පසුව තමයි මාලේ මුස්ලිම් රටක් බවට පත්වෙල

තියෙන්නේ.


ලොකු ලොකු අමුත්තෝ

මාලේ මා සේවය කල ආයතනයට අමුත්තන්ගෙන් අඩුවක් තිබුනේ නැත, මාලදීපෙ ලොක්කොද ලන්කාවේ ලොක්කෝද අඩුවක් නැතිව පැමිනෙති. එකල මාලේ ජනාදිපති අබ්දූල් ගයූම් කීපවතාවක් පැමින ඇති අතර එකල කර්මාන්ත ඇමතිව සිටි රනිල්ද මහචාර්ය ජේ බී ද මට පැමිනි බව මතකය.

කරවල

කරවල නිෂ්පාදනයද ලේසි කාරියක් නොවේ.
සෑහෙන කාලයක් මහන්සි විය යුත් කර්මාන්තයකි. ඔරුවලින් ගෙනෙන විසේෂයෙන් බලමාලු, රෑ එලිවන තුරු සුද්ද කර රවුම් ලුනු ටැන්කිවල පලමුව බහාලනු ලැබේ.  වෙලීම කරන්නේ ටිකක් කලකට පසුවය. කරවල දෝනිවලට පටවන ආකාරය දකින අපිට කේන්ති යන තරම්ය. සෙරෙප්පු දමාගෙන කරවල උඩ නැගගෙනයි ඒවා පටවන්නේ.

මාලදිවයිනේ සිතියම



සාක් සමුලුව-1990

Summit of the South Asian Association for Regional Cooperation at Male' on 21-23 November,1990.

ඩොක්ටර් මනිකු විසින් පවරනු ලැබූ සාක් සමුලුව පැවැත්වූ කුරුම්බා හෝටලයේ ජල සැපයීම අදීක්ශනය මගේ විද්යා වෘත්තීය ජීවිතයේ ඉහලම අවස්තාව ලෙස මා හිතනවා.


  • Afghanistan
  • Bangladesh
    Bangladesh
  • Bhutan
    Bhutan
  • India
    India
  • Maldives
    Maldives
  • Nepal
    Nepal
  • Pakistan
    Pakistan
  • Sri Lanka
    Sri Lanka







කොටි මාලදීපෙ යටත් කරයි.
ඇත්තටම මාලෙ අල්ලගත්තෙ උමාගේ ප්ලොට් එක.
1988 නොවැ 3 දා ඉංදියාව මැදිහත්වෙලා operation cactus එක දාල තමයි අබ්දූල් ගයුම්ට  ආන්ඩුව බේරල දුන්නේ.
කොටියි ප්ලොට් එකයි අතර තිබුන තරගයෙදි ප්ලොට් කාරයො කල්පනා කලා අපි මාලෙ අල්ලගෙන ඊටපස්සෙ එල්ටීටී එකට ගේම දෙනව කියලා.
operation cactus was launched by Indian armed forces to recapture Maldives from PLOTE.
වැඩිදුර කියවන්න අවශ්ය නම්.....click කරන්න.
http://en.wikipedia.org/wiki/1988_Maldives_coup_d'%C3%A9tat
IAF IL-76 Hawaii.JPG

ඒ දවස්වල  මාලදීපෙ නිදහස් උත්සවයට  මාලදීපෙ හමුදාවේ ලොක්කො මාර්ච් කරනව බැජ් ගහගෙන ඇඟ පුරාම, අපි හිනාවෙනව උන්ට;
 මුන්ට මේ බැජ් හම්බවෙලා තියෙන්නේ මීයො මරල වෙන්න ඇති කියල.
-----------------------
අල්ලපු වැටේ ලංකාවෙ කෙල්ලො වැඩකරපු ගාම්න්ට් Christmas එකේ පාටි එකට ගිහිල්ල කොල්ලෙක්ව එලියට වැටිච්ච හැටි මීලඟ ලිපියක බලමු.
----------------------------------


http://bithfangi.blogspot.com/

12 comments:

  1. ස්තූතියි. බොහෝ කරුනු දැනගත්තා.

    ReplyDelete
  2. රසවත් සටහනක්... චිත්‍රවිධියට විඳින්න පුළුවන් විධියෙ විස්තරයක්... හැබැයි අර ඡේද බෙදිල්ලෙ අවුලක් තියෙනව නේද... ඒක හැදුවනම් කියවන්න තවත් ලේසියි... :D

    ReplyDelete
  3. ඉතාමත් ස්තුතියි. මේ දවස්වල මම මාලේ යන්න ඉන්නේ දවස් කීපෙකට. මම තාම නොගිය රටක් බොහෝ දේ දැන ගත්තා.

    ReplyDelete
  4. මචං ඔයා දැකපු මාලෙ නම් දැන් නෑ. මාලේ දැන් තියෙන්නෙ කුඩු හොරකම් වගේ දේවල් තමා ඒ මදිවට බංගලි පිරිලා මාලෙ සිටි එකේ මාලෙ මිනිස්සුන්ට වඩා ඉන්නෙ බංගලි. මේ රටේ මිනිස්සු ගරුදියා වගේම රිහාකුරු කියලා හරියට මාමයිට් වගේ පේස්ට් එකක් එකක උදේට රොෂී කනවා රොෂී කියන්නෙ පරාටා වගෙ රොටියකට. හැබැයි මෙහෙ ජීවත් වෙන ලංකාවෙ අයට නම් එචචර ප්‍රශ්ණ් නෑ. කෑම වල තමා පොඩි අවුලක් තියෙන්නෙ.

    ReplyDelete
  5. Hare+

    You can easily present this content in a better way.

    ReplyDelete
  6. මාලා දීපේ ගැන නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා, අර බුද්ධාගමේ වෙලා තිබිලා පස්සෙ මුස්ලිම් වෙච්ච කතාව නම් මම මීට කලිං අහලා තියනවා ........

    ReplyDelete
  7. මගේ ලිපිය බලල වචනයක් දෙකක් ලිව්වට හැම දෙනාටම බොහෝම ස්තූතියි, ඉදිරියේදී වැරදීම් හදාගන්න උත්සහ කරනවා.
    ඕබ ලියන දෙයින් මට විසාල ධෛර්යක් ලැබෙනවා.

    ReplyDelete
  8. මෙහි වර්තමාන ජනාධිපති මොහමඩ් නෂීඩ් ලංකාවේ ටික කලක් අධ්‍යාපනය ලබල තියනවා කියල අසා තියෙනවා. ඔහුගේ ඥාතීන් තාමත් කඩුවෙල ප්‍රදේශයේ ඉන්නවාලු.

    ReplyDelete
  9. දයාල් බතී, කොබා කිහිනෙයි?

    ReplyDelete
  10. ජයශ්‍රී,

    මට මතක විදියට 'ඔබට කොහොමද?' කියල ඔබ දිවෙහි බසින් අහන්නේ, එය හරි නම් උත්තරය, 'රංගලු'
    අඩ්ඩු බාසාවෙන් 'කෙහෙනක' කියල කියන්නේ 'කොහොමද යන්නයි'
    කෙසේ වුවත් ජයශ්‍රීට ස්තූතියි පරන මතක ඇවිස්සුවාට.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, බරාබරු කියලත් උත්තර දෙනවා.
      දිවෙහි සංහලේහිම උප භාෂාවක්ලු.උදා දිවෙහි වලින් ගණින්නේ එකෙන්,දෙකෙ,තුනෙ,හතරෙ,ෆහෙ,හයෙන්,හතෙ,අටෙන්,නවයෙන් ආදි ලෙස කියමින්.

      Delete
  11. ඔව් ජශ්‍රී, මහචාර්ය ජේ බී ත් ඒ පිලිබඳව පර්යේශන ග්‍රන්තයක් කර තිබෙන බවක් මතකයි. අපේ විද්වතුන් තරුන පරම්පරාව ඒ ගැන තවත් පර්යේශන කල යුතුයි.

    තවත් දෙයක්.

    ඉතාම අවාසනාවන්ත ලෙස පසු ගිය කලබල වලදී, මාලේ තිබුනු බෞද්ධ කෞතුක වස්තු සමහරක් විනාශ කෙරුවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්