Followers

Monday, July 18, 2011

හතලිස් වසරක සංසර්ග ව්‍යාපෘති

අනුරපුරේ, පොලොන්නරුවේ නියමිත වයසට පෙර වන විවාහ සංඛයාවද ප්‍රතිශයද

 වැඩිවී තිබෙනව කියල ඊයෙ පෙරේද ප්‍රවෘත්තිවලට කියවුනා,

එමෙන්ම මේ විවාහ අසාර්තක වී ඇත්තේ විශේසයෙන්ම ගැහැනු පාර්ශවය තම පෙනුම

සෞඛ්‍යය ගැන සැලකිල්ලක් නොදැක්වීම යයි කියවෙනව.



 බාල වසස්කාර විවාහ ගැන ඇහුව්වාම පරන විත්තියක් මතකට ආවා.

සුදාහරන් නැතිනම් සුදා කියල අපි ආදරෙන්   කතාකරපු අපේ බොස් මැදපෙරදිග සෑහෙන කලක්

අමෙරිකානුවො එක්ක වැඩ කරල ලංකාවට පැමිනි කෙනෙක්. ඒක නිසා වෙන්න ඇති නිතරම  වගේ F එක,

කටට එනව, හැබැයිබොහොම මිත්‍රශීලි පුද්ගලයෙක්. විහිලුවටත් දක්ශයි.

මම වැඩ කරපු කර්මාන්ත ශලාවේ හිටිය ශාන්ත කියල තරුනයෙක්. පොඩි පොඩි වැඩ වල තමයි මුලින්ම

යෙදිල හිටියෙ,  පස්සෙ කොල්ලගෙ උන්නදුව නිසාම මැශින් ඔපෙරටර් සහායක විදියට අරගත්ත.

මම කැමතිම දේම තමයි මේ තරුනයා උදේට වැඩ පටන් ගන්නේ මැශින් එකට වැඳල, මැශින් වල ආබාදයක්

ආපුවහම බැහැල වැඩ. වයස අවුරුදු 19ක් 20ක් ඇති, ඒ කාලෙ.

හිටපු ගමන් මේ ළමය එන එක නැවතුනා, ටික දවසකින් දැනගන්න ලැබුනා කෙල්ලෙක් ඉස්සුවාය - ගෙදරට

හොරෙන් marry කලාය කියල. මේක අහපු සුදා-අපේ බොස් කියනව ශාන්තය(මේ අපේ තරුනයා)

අවුරුදු 40ක සන්සර්ග වැඩපිලිවෙලකට ලෑස්ති වෙලා  කියල Shanta bugger has started a 40 years f........g

program  සුදා මං හිතන්නේ වයස ගිහිල්ල බැන්දල තියෙන්නේ,  ඉතින් මිනිහට ඉරිසියාවත් නැතෑ


හැබැයි  මේ ඉහත කී අනුරපුරේ පොලොන්නරු බඳින බැඳිල්ලෙන් සුදා කිව්වට වැඩිය අනාගතේට සැලසුම්

කරල වගේ.

පහේ ශිසත්වයත්,  O/L නැත්නම්,  A/Lනැත්නම්,  campus, technical

යන්නේ නැත්නම්, අම්ම පිටරට ගිහින්, තාත්ත වෙනතක ගිහින් නම් ,

හෙටක් දකින්නේ ඔහු හෝ ඇය තුලින් පමනක් වෙන මොන බම්බුවක් කරන්නද කියල ඇහුවලු?

ගොවිතැනට රටේ පිලිගැනීමක් එය පිලිවෙලකට කරන්නට උදව්වක් නැත්නම් හොඳ ජීවන මාර්ගයක්

 නොවේ නම් හරි හමන් රස්සාවක් හම්බ වෙන්නේ නැත්නම් පරස්තාවක්වත් කොරගමුයි කියලවත් හිතෙනවද 
මන්ද?

මට මතකයි LTTE එකේ අවසාන කාලයේදී බාලවයස් විවාහවලට අනුමැතිය දුන්නා,

 ඒ අනුමැතිය පල්ලෙහාටත් තාම වලන්ගුද දන්නේ නැහැ.

මම පොඩි විහිලුවක් කලාට මෙය නම් විහිලුවක් නොවෙයි!

5 comments:

  1. හෆොයි. ශාන්ත කොලුවා ඵලදායීත්වය විවිධාංගීකරණය කරන්නේ නැතිව තමන්ගේ සේවාව (කලින් ඔබේ ආයතනයට, දැන් ?) අළුත් සේවායෝජකයට විතරක් දීලා. එත් දැන් ශාන්ත ඒ ප්‍රොජෙක්ට් එක උපරිමයෙන් කරගෙන යනවා ඇති..

    ReplyDelete
  2. http://www.ramadasa.name/ඉඳුනිල්,

    දැන් ශාන්තට ලොකු ලමයිත් ඇති මං හිතන්නේ.

    ReplyDelete
  3. ඒ පැත්තෙ විතරක් නෙමෙයි කොළඹ ඉන්න අයත් දැන් අඩු වයසින් දියණියන් බන්ඳලා දෙන්න කැමැත්ත වැඩියි. කාගෙ එක්ක හරි පැටලැවෙන්න කලින් පොඩි එකීගෙ හොඳ නම ආරක්ෂා කරගන්න, adolescence වයසේ කරදර වලින් ගැලවෙන්නට හැකි අම්මලා තාත්තලාගෙ පහසුවට, බාල වයසෙන් බඳින්න පාරිශුද්ධ බව හොයන පිරිමි අය වඩා කැමති වීම යනාදීන් තමයි මට නම් ඇහෙන්නෙ.

    පෙනුම හා සෞඛ්‍ය ගැන පිරිමි අය සැලකිල්ල දක්වන්නෙ බඳින්න පෙර ද? පසුව ද? කොයි කාලෙට ද? ඒ ගැන කවුද හොයලා බලලා තියෙන්නෙ?!!!

    සුදා මහත්තයා ‘බගර්’ කිව්වෙ එංගලන්ත සුද්දො හරි ලංකාවේ සුද්දො හරි ආශ්‍රය කරපු නිසාත් වෙන්නැති!!

    ReplyDelete
  4. මම නම් පුද්ගලිකව කැමතියි තරුනියක් 22-25 අතරද පිරිමියෙකු 27-28 වෙනකොට කසාද බඳිනව නම්.

    නමුත් කාලේ හැටියට වැඩ කරන්නත් වෙනව, හැබැයි කරදර වෙන කාගෙවත් ඇඟේ ගහන අදහසින් නම් නොවේ.

    පාරිශුද්ද භාවය ගැන-රටක පිලිගත්ත සම්ප්‍රදායන් තියෙනව, ඒවා රැකගෙනම තමන්ගේ කටයුතු කරගන්න පුලුවන් නම් පවුල් ජීවිතයේ සංකීර්නනත්වය අඩුකරගත් හැකි බව ඔබත් දන්නවානේ.
    ------------
    ගැහැනිය ලස්සනට තබාගැනීම පිරිමියාගේත් කාර්යයක්, දෙන්නට දෙන්න වගකියන්න ඕන. මෙයට ආර්තික තත්වයත් ගොඩක් බලපානව. මම ඔබට එකඟයි.
    ගොඩක් වෙලාවට පිරිමියා කැමති නැහැ හැහැනිය හොඳට ඉන්නවාට, viz
    ------------
    අර bugger කැල්ලත් එහේම වෙන්නැති

    ReplyDelete
  5. මගෙත් අදහස නම් පිරිමියෙක් අවුරුදු 25 ට කලින් බඳින්න ඕන කියන එකයි, ඔය සම්බන්ධව මම පෝස්ට් එකකින් මගේ අදහස දාලා තියනවා .......

    http://pansalhandiya.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්