Followers

Wednesday, July 27, 2011

නවක වදය නැත්නම් Rag රැග් එක දැන් එන්නේ අලුත් විදියකට- උසස් අධ්යාපන ඇමතිතුමාගෙන්ම

අපි හැමෝම දන්නව මේ වසරේ සිට, විශ්ව විද්යාල ශිෂ්යන් වෙනුවෙන් ඇරඹුනු නායකත්ව පුහුනු පාඨමාලාව.

විද්යා අද්යාපනය ලැබ මංමූලාවකු සේ රැකියාස්තානවල වු වේලා නාස්තිය හා ගැහැට ගැන අත්දැකීම් ඇත්තකු ලෙස දයල් බතී එයට විරුද්ධත්වයක් නැත. මන්ද විශ්ව විද්යාල අධ්යාපනයට, පසුව රැකියාවක් ලබා ගැනීමට එය වටිනාකමක් එකතු වෙනවා යයි සිතෙනා බැවිනි.

ඒ පුහුනුව මේ වසරේ දැන් අවසාන වී ඇතුවා වෙන්නට ඇත.

මේ සම්බන්ධව කළ එස් බී ගේ කතාවක් ඇහුවා ඊයෙ නිවුස් ක්ලිප් එකක තිබිල අන්තර්ජාලය මගින්.

එයා කියනව මෙහෙම, කොලඹ හතේ ඉන්නා විශ්ව විද්යාල ළමයෙක්ගෙ අම්ම කෙනෙක් කිව්වලු,

මගේ පුතා ට Squating Pan වලට Toilet යන්න (කක්කි දාන්න වෙලා කියලනෙ ඔය කියන්නේ)වෙලා කියල,

ඉතින් S.B. උත්තර දුන්නලු;

'ආ ඒක හරි යයි,ඒ කියන්නේ දණිස් නැවෙන්නෙ නෑ කියන එකනේ. අවුරුදු දහ අට, දහ නවයෙ කෙනෙක්ගෙ දණිස් නැවැන්නෙ නැත්නම් ඉතින් දණිස් නවල හරි ගන්න එපායෑ.'

දයල් බතී සිතන්නේ;

ඒකත් හරියට රැග් කරන කැම්පස් කොල්ලෙක්ගේ කතාවක් වගේ නේද?

උසස් අධයාපන ඇමති තුමා විදියට මෙවැනි කතාවන් ශිෂ්යන්ගේ වෛරය අවුලනවා පමනක් නොව රැග් මානසිකත්වය අවුලන වැරදි ආදර්ශයක් බවය.

උස් පහත් බේදයක් නැතිව හැම ශිෂ්යාටම සමාන අයිතියක් ඇති බවට ඒ කතාවෙන් පහරක් වදිනවා යයි මට හිතෙනවා.

යමක් පුලුල්ව දකින්න පුරුදු කරනවා වෙනුවට බාල, දේශපාලන, ත්‍රී වීල්, චන්ද, කතා ඒ තනතුරට නෝබී.

රැග් එක දෙන තේරුම මට තේරුම් ගිය හැටියට ඔලුව ඉදිමිච්ච කම- මාන්නේ-ලොකු කම බිඳ දාන්න යයි ද කියනු ලැබේ.

කොළඹ ලොකු යයි කියන පාසල් වලින් විශ්ව විද්යාලවලට පැමිණි ශිෂ්ය, ශිෂ්යාවන්ට වැඩියෙන් රැග් එක ලැබෙන අවස්තා ලියන්නා දැක තිබේ.

මෙතාක් කල් රැග් එක දුන් තරමට දැන් කොතනකවත් ඔලුව ඉදිමිච්ච එකෙක් හොයා ගන්නට බැරි තරමට අඩු විය යුතුයි.

(මුදල් ගෙවා විශ්ව විද්යලයේ ඉගෙනීමට ඉඩ ගැනීමේ වපෘතියට යම් ඉඩක් ලබාගැනීමට මේ බොරු ශෝබන බටර් කතාව කීවා වෙන්නත් පුලුවන)

මෙත් සිත් පතුරවන්නට මහණ දම් පුරන සමහර චීවර ධාරීන්ද රැග් එක දෙන බැවින් සාශනයේද නිකාය භේදාදිය තුරන් වෙන්නට කල් ගත වූවා හොඳටම ප්‍රමාණවත්ය.

-------------------------
මෙයටම සම්බන්ධ කලින් ලියු ලිපියක්
(විශ්ව වීද්යාල ශිෂයන්ගේ නොව) එස් බී ගේ සිත තුල ශිෂයන්ගේ නොව) එස් බී ගේ සිත තුටින් බර වේවා!

මේ කාරනාව

එක දකින හැටි:
http://www.srilankaguardian.org/2011/06/leadership-training-for-university.html

6 comments:

  1. ඔය පුහුණුව සහ එස් බී ගැන කියන්න තියෙන්නේ එක වචනයයි .. ඒ තමයි "මඤ්ඤං "

    ReplyDelete
  2. යම් පුහුණුවක් දීම මාද අනුමත කලත් ඔය වැනි භූත කථාවක් කියන්නට හැක්කේ ඇස් බී වැනි බහුභූතයෙකුටම තමා. මටත් කියන්න තියන්නේ අර මඤ්ඤං කථාව හරියටම හරි කියලා තමයි.
    ඔබේ ලිපිය ඇස් කන් තිබෙන කෙනෙක්ට නම් හොඳ මඟ කියා දීමක්. නමුත් අපේ ඉන්නේ එහෙම පාලකයො නෙමේනෙ.

    ReplyDelete
  3. buwa and,
    වෙද ගෙදර මහ වෙදනා

    ලංකාවේ අපි හැමෝම උපන් ගෙයි පන්ඩිතයන් බැවින් වැරදීම් වෙන්නට පුලුවන.
    ව්ශ්ව විද්යාලයේ ඉන්නා කාලෙදී ඇඟට වැදුනු බොරු පංති වෛරය තාම ඔහුගේ ඇඟේ තියෙන්නට පුලුවන.
    (ධනයට ඇති වෛරය නොවේ)

    ප්‍රසිද්ද කතාවන් කරද්දී වැරදීම්,හැඟීම් වලින් එන තෙරපීම,දිව බොරු කියන්නැති අවස්තා, අවම කර ගැනීමට මඟ නම්, කතාව ලියාගෙන ඒමයි.

    ReplyDelete
  4. අපි ට හොඳ අය ඕනි උනාට බහුතරයට අවැසි වෙන්නෙ කුනු..
    ගාල්ලෙන් මුතුහෙට්ටිත්,කැලනියෙන් මර්විත්,නුවරින් ඇස් බීත් ලොකු මනාප කුට්ටි අරන් ඇතුලට එන්නෙ ඒ අය මිනිසුන් විසින් ඉල්ලන නිසා..

    ReplyDelete
  5. indi,
    වෙලා තියෙන්නේ මේකනේ, කැත්ත ඕන තැනට කැත්තත්, පොල්ල ඕන තැනට පොල්ලත් තමයි සාමාන්යයෙන් මිනිස්සු චන්දෙදි තෝරන්නෙ, චන්ඩියෙක් ඉන්න තැනට ජී එල් පීරිස් වගේ කෙනෙක් දැම්මොත් මිනිස්සු චන්දෙ දෙන්නේ චන්ඩියට, එය එස් බී ගෙවත් මර්වින් ගෙවත් මුතුහෙට්ටිගෙවත් සම්පූර්න වැරැද්ද නොවේ.එය දැනගෙන කරන්නෝද මර්වින් වැනි ගොනාට ඇඳගත්තවුන්ද නො අඩුය

    ReplyDelete
  6. මම හිතන විදියට ඔය පුහුණුව පාසලෙන් අයින් වෙච්ච හැටියෙ දුන්නනම් හොඳයි ......

    හැම දරුවෙකුටම .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්