Followers

Sunday, July 31, 2011

හොඳට පරදින්නට ජනාධිපති අපේක්ශකයෙක් ඕනෑ කර තිබේ.!


කැපුවත් 'කොල' එක්සත් ජාතික පාක්ශිකයො මාත් එක්ක අමනාප නොවේවා!

තරුනයො කියනව වගෙ sorry වෙන්න ඕන.

ඕනෑම ක්‍රීඩාවක්, චන්ද සටනක්, පැරදුනත් හොඳ ගේමක් දීල පැරදුනොත් ඒකෙ ටිකක් ගතියක් ගෞරවයක් තියෙනව.

ලොකු සවුත්තුවක් වෙන්නෙ නැහැ.

ගිය වර සරත් ෆොන්සේක මහත්තය දැන හෝ නොදැන කලේ ඒකයි.

රනිල්ට විපක්ෂ නායකකම බේරාදීමයි.

ස්‍රීමා දිසානායකත් වරක් ඒවගේ , එනම් ගාමිනි දිසානායකගේ අභාවයෙන් පසුව චන්ද්‍රිකාට එදිරිව ඉදිරිපත් උනා.

එහෙම දාන්නෙ හොඳට පරදින්න.

පොඩියක් ඉතිහාසය දෙස බැලුවොත්.....

නැග එන අලුත් නායකයන්ගේ පාර්ලිමේන්තුවට යන පාර වැටී ඇත්තේ හිරගෙදර හරහාය.

නුදුරු අතීතයේ විජයට, වැඩියෙ දඟලනකොට එස් බීට ටද සිදුවූයේ එයයි.

අසූ තුනේ කලු ජූලියෙන් පසුව ජේ වීපිය, නව සමසමාජය, තහනම් කෙරින. ජේ ආර් කිව්වේ විජේ නැක්ශලයිට් කුමන්ත්‍රන කරුවෙකු බවය, නැක්ශලයිට් වචනය විජේ ජීවිතේට අහල නැතුවත් ඇති.

දැන් එය සරත් ෆොනේකාට සිදුවෙමින් ඇත.

සරත් කුමන්ත්‍රන කරුවෙකි, ජාති ද්‍රෝහියෙකි, මෙය සිදු වූයේ එක් රැයකිනි.

(අලුත් හා තුන්වන බලවේගවලට ඇත්තේ මාරාන්තික විරුද්ධත්වයකි, swrd, බන්ඩාරනායක, විජේවීර, විජය කුමාරනතුංග, වේලුපිල්ලේ ප්‍රභාකරන්; ජීවිතවලින් වන්දිය ගෙවා ඇත.

ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිනි දිසනායක තුන්වන බලවේග ගොඩනගපු කස්ටිය, මංගල සමරවීර ගේ පක්ශයේ අනෙක් සගයා හිටි ගමන් වාහනය අනතුරට ලක්වී නො එන ගමන් ගියා. සරත් මුත්තෙට්ටුවෙගමත් ඒ ගනයටම දාන්න පුලුවන් හිටපු ගමන් වාහන අනතුරකින් මලා.

යහපත් අනාගතයක් පැතූ උතුරේ දකුනේ ලක්ශ සංක්යාත මිනිසුන් අකාලේ මහ පොලව යට නිදයි.

මම මේ මතක් කලේ ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ යම් රටාවකට බව කියන්නය.)

උතුරෙ ඡන්ද ටික මාර්කට් එකට ආව ඇරෙන්න රනිල්ට ඊලඟ වර ජනාදිපති තරඟෙදි ගහන්න ලොකු තුරුම්පුවක් නැහැ.

හැබැයි තව එකක් එලියට ආවා ඊයෙ පෙරේද, එනම්:

යුද්ද අපරාධ වලින් ලංකාන්ඩුව බේරෙන්නෙ රනිල් මහත්තය රෝම ගිවිසුම අත්සන් නොකල නිසා;

එතකොට කවුද ලොකු මොලකාරයා, සජිත්ද? කරූද? රනිල්ද?

දේශපාලනේ හෙවත් රට පාලනය ලේසි කෙලියක් නොවේ!

යූ එන් පියේ පැරනි රෙකෝඩ් එක දෙස බලනවිට, බලයට, කොමිස්වලට, පිටරට සවාරිවලට, විශ්‍රාම වැටුපට සහ
පාර්ලිමෙන්තුව හා බැඳුනු වරප්‍රසාදවලට කෑදරව පාර්ලිමේන්තු යන්න දඟලන අය සංඛ්යාවෙන් වැඩි බව රනිල් තුමා දනී.

කචල් එකක් එනවයි වගේ පෙනෙන විට එතුමා රටින් පැනගනී, රනිල්, එංගලන්තෙන් ඇමරිකාවෙන් උපදෙස් ගෙන ලංකාවට සම්ප්‍රාප්තවන විට බොරු රැඩිකල් කට්ටිය මහින්ද ලඟට ගොස්ය.

(එතකොට තව ටික කාලයක් ප්‍රශ්නය කල් දාන්න පුලුවන)

එහෙම ගිය යූ එන් පියේ කී දෙනෙක් දැන් මහින්ද ලඟද, ඒ මගින් එතුමා කරන්නේ පක්ශය 'පිරිසිදු කිරීමයි' ඒ නිසා කැපුවත් කොල කට්ටියට තම ශුද්දවු අභිප්‍රායන් සපුරාගන්නට තව ටිකක් ඉවසන්න වෙනවාය.

ඒ ඉවසන එක වටිනවාය, මන්ද ඔහුගේ 'අභිප්‍රාය' 'පිරිසිදු මිනිසුන්ගෙන්' පිරි එජාපයක් නිර්මානය කිරීමයි.

ගෝනවල සුනිල්ලා නැති සොත්ති උපාලිලා නැති නාවල නිහාල්ලා නැති නිදහස් අදහස්වලට ඉඩ ඇති පත්තරකාරයන්ට පාරාදීසයක්, වධකාගාර නැති, පුන්චි Shree ශ්ස්‍රී හොං කොං දේසයක් බිහිකරන්නටයි ඔහුගේ පැතුම!

බලන්න කොහොමද රනිල් මහත්තයගේ ගේම කියල!

මහින්ද එලවන අය රනිල් ගන්නවාය, රනිල්ගෙන් වැටෙන අය මහින්ද ගන්නවාය, සෙල්ලමේ නම ඒකය, එයට කරූ ආවාය, සජිත් ආවාය කියා ගේම් එක වෙනස්වන්නේ නැත.

බුද්ද ශාසනේට, ක්‍රිස්තු සාසනේට, හින්දු කෝවිලට මුස්ලිම් පල්ලියට පැවරී තියෙන්නේ, ලංකාවේ මේ ගේම් එක සාවදානව බලාගෙන ඉඳ දෙපසටම පිරිත් නූල් ආදිය බඳින්නටය, bless කරන්නටය, ඊට අමතරව බිලියන් පති සායි සමාගමද සිටී.

වැඩියෙම කෑ ගහනවා නම් පාර්ලිමේන්තුවේම පිරිත් නූල් අංශයක් විවෘර්ත කර ඇති බැවින් එයට සම්බන්දවන්නටද අවස්තාව සැලසිය හැක.(අමතරව තව ක්‍රිකට් අංශද, නලු නිලි අංශද විවෘර්ත කර ඇත)

ජේ ආර් කිව්වෙත් ඒකය, ටෙනිස් ගහනකොට මම බෝලය ඒ පැත්තට දානවාය, සිරිමාවෝ මැතිනිය මේ පැත්තට දානවාය, කියලා, එතකොට ජේ ආර් ආන්ඩුව ව්සින් සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතියද අහෝසි කරලාය, 75 දී පාර්ලිමේන්තු කාලය නීතියක් නැතිව අවුරුදු දෙකකින් දික් කිරීමේ වරදට.

වාමාංශිකයි කියන අය මහින්දගේ සාටකයේ එල්ලිලාය.

අනෙක් මාක්ස් වාදීන් කියාගන්නා ටික අන්ද මන්දය, තටු හැලුනු පක්ශීන් ගානය. අන්ඩර් කොන්ට්‍රෝල්ය.

එල් ටී ටී එක කපූත්ය, දැන් ඒ චන්ද ටිකත් මගේය.

කුමට බයවෙම්ද?

ඇන වැදුනත්, මිනි මැරුනත් අපේ සහෝදරියෝ අවෂ්ය විදේශ විනිමය ටික මැද පෙරදිගින් එවන්නෝය.

ජනතාවට හෙන හතක් ගැසුවත් විපක්ෂ නායක මම වෙමි.

මේ තරම් ජොලි කාලයක් ලංකාවේ ආයි කවද එයිද?(ඊලඟ කුලල් කෑම එනකම්)

කුමක් හෝ කරනමක් ගසා දේශපාලන ගමනේ දුර ගෙවාගන්නයි දැන් තියෙන්නෙ,

ඊලඟ ජනාධිපති අවස්ථාව එනකම්!

එතෙක් නංගිලට මල්ලිලට Bracelet වෙනුවට වෙන මොනව හරි ගුලියක් අඹරන්න රනිල්ට සිදුවෙනවාය.

හැබැයි කොයි කෙරුවාවත් හැමදාම බැරිය කියල ලොක්ක දන්නව.

යසලාලක රජ්ජුරුවෝ සහ දොරටුපාලයා රජවූ කතාව ගැන රනිල් අපිට වැඩියෙන් හොඳින් දන්නව ඇති.

පිරිමින්ට විස්කි, අරක්කු හා කසිප්පුද ගෑනුන්ට ටෙලි නාට්යද තිබේ,

බඩට බාගෙට කා පිරිත් අසා, ටෙලි නාටය බල බල නටමු! නටමු!

ඊලඟ දේශපාලන කුලල් කා ගැනීමේ නාටකය එනකම්!

6 comments:

  1. සරල සුගම ...හිතන්න දෙයක් තියන ලිපියක්

    ReplyDelete
  2. පට්ට බොගක් නොවැ.. වෙද මහත්තයගෙන් බේත් ගන්න ගියාම දැක්කෙ. ඔන්න මමත් ඔහේව එළවන්න පටන් ගත්ත. ඒ විතරක් නෙමෙයි.. මගේ දුප්පත් සින්ඩියටත් දාගත්ත.

    ReplyDelete
  3. දේශප්‍රේමියෝ කියලා ඇත්තටම කොට්ඨාශයක් ඉන්නවනම්,ඔන්න දැන් කරන්න තියෙන්නේ පණ තියන විපක්ශයක් හදාගන්න උදව්කරන එක.ඊලඟ ඡන්දෙන් දිනන්න නෙවෙයි.ආණ්ඩුවේ හිතූමනාපෙ රටට කරන මැරවැඩ අඩුගානේ එතකොට අඩුවෙන නිසා.

    ReplyDelete
  4. http://lankacnews.com/sinhala/main-news/17146/

    ReplyDelete
  5. බුවා, මාතලන්, සිතුවිලිමන්ඩිය,ඇනෝනිමස් සහ 'interesting'ප්‍රතිචාර දැක්වූ හැමට තුති;

    අද පත්තරත් බලන්න;
    http://www.colombopage.com/archive_11A/Aug05_1312549220JR.php

    http://lakbima.lk/

    http://www.lankadeepa.lk/

    යසලාලක රජ්ජුරුවො දොරටුපාලට වැඩේ දීල!

    ReplyDelete
  6. සෑහෙන්න වැදගත් ලිපියක් .......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්