Followers

Sunday, July 24, 2011

Headless Chook බෙල්ල කපපු කුකුලෙක් වගේ වැඩකරපු කාලේ හා පවුල් ජීවිතේ අවදි ත්‍රිත්වය

htt




30/10/2010 - Granada-Spain-football game between the Granada and Jerez CF Stock Photo - 8151497

 සාලියගේ නියමය (theory එක)  ලෙස මා මෙය හදුන්වන්න කැමතියී.

p://pansalhandiya.blogspot.com/2011/07/blog-post_25.html#comment-form

'පන්සල් හංදිය' බ්ලොග් පෝස්ට් එක කියවීමෙන් පසුව මටත් මතක් උනා මමත් තරුන පියෙක් විදියට බෙල්ල 


කපපු කුකුලෙක් වගේ වැඩකරපු කාලේ,  එහේම කියල තවම වැඩ ඉවරයක් නැහැ. දැන් නම් බෙල්ල විතරක් 


නොවෙයි, තව තව දෙවලුත් කපල දාල වගේ.

මට ඔය කාලේ පහු කරපු විදිය හිතා ගන්නවත් බැහැ.


ඔබට සතුටු වෙන්න පුලුවන්; යම් තරමක් හෝ උදව්වක් පවුලෙන් ලැබෙනවා. එහෙමවත් උදව්වක්


නොලැබෙන  අයත් කොපමන ඉන්නවදමටත් යම් ප්රමානයක උදව්වක් ලැබුනා; ගෙවන්න උන මිල වැඩිද මන්ද?


බිරිඳට සමානව සලකන්න පුලුවන්වීම ඔවුන්ගේ අයිතියක් වගේම, පිරිමියා කොපමන ශක්තිමත්ද කියලත් පෙන්වනවා.

(සමානව සැලකීම යනු 'අනෙක් භාගයේ' කියන කරන දේවල සැඟවුන අර්තය නොදැන බෙල්ල කපපු කුකුලෙක් වගේ ක්රියාකිරීම නොවේ)

ඉතින් පවුල් ජීවිතය හා ලමුන් ගැන තව ලස්සන කතාවක් කිව්ව මගේ හිතවතෙක්.



ලමයි පොඩි කාලේ දෙමව්පියො කියනව/බලන් ඉන්නව ලමයි කවද්ද ලොකුවෙන්නෙ කියල, ඉතින් මෙහෙම


කතාවක් තරුන මවක් කියනව මගේ මිත් සාලියට ඇහුනා, ඔහුට ගරුකිරීමක් ලෙස මම ඔහුගේ ඇත්ත නම


ලියනව, ඉතින් සාලියගෙ පිලිතුර උනේ මේකයි.

මම දකින්නේ පවුල් ජීවිතය අවස්තා තුනක් ලෙස.

1. කැරම් බෝඩ් කාලේ

2. බිලියඩ්(snooker, pool table) මේසෙ කාලේ

3. පාපන්දු පිටිය කාලේ

බලන්න කැරම් බෝඩ් කාලේ, ඉත්තො හැමතැනම, මොන ඉත්තටද  ගහන්නේ අවුලක් වගේ පේන්නේ,


හැබැයි ඉත්තො පොඩියි, හරිම ලඟයි. ඩිස්ක් එක රතු ඉර උඩින් තියල හෙමිටිට එල්ල කරල වලට යවාගන්න පුලුවන්.

ඊලඟට බලන්න බිලියඩ් මේසෙ දිහා. බෝල ටිකක් ලොකුයි, හැබැයි බෝල වලට අපි ඈතයි, එල්ල කරන්න


දිග රිටි වලිනුයි(cue). කොන්ට්‍රෝල් එක කැරම් බෝඩ් එක තරම් ලේසි නැහැ, මෙය ලමයි වැඩුනු අවදිය.

ජීවිතයේ ඊලඟ අවදිය පාපන්දු පිටිය අවදිය, ක්‍රීඩකයො  ක්‍රීඩා කරනව අපි එලියෙ. අපිට කොන්ට්රොල් එකක්, පාලනයක් නැහැ.

අපිට අණ දෙන්න විදියක්, හයියක් නැහැ, දෙමව්පියන්ට තියෙන්නේ පිටියෙන් ඉවතට වෙලා බලන් ඉන්න


එකයි. දරුවන් ලොකු මහත් වෙලා ඉන්න අවදියයි . දිනුවත් පැරදුනත් දෙමව්පියන්ට කරන්ට දෙයක් නැහැ.

ලමයි පොඩි කාලේ තමයි සාපේක්ශව  ලේසිම කාලේ, සාලියට අනුව;

මමත් එයට එකඟයි.

අඩුම තරමින් සිතේ ගතේ හයිය තමුන්ගේ පැත්තෙයි තියෙන්නේ.



4 comments:

  1. ජීවිතේ ගැන මරු උපහැරනේ .කොයි දෙමාපියනුත් සතුටු වෙන්නේ ඔය අන්තිම කාලේ තමන්ගේ දරුවෝ හොඳට ෆුට්බෝල් ගහනවානම් නරඹන්නෝ විදියට ඉඳන් සතුටුවීම.

    ReplyDelete
  2. හොදම උදාහරන ටිකක් දීලා තියෙන්නේ.
    දෙමාපියන්ගේ ලොකුම සතුට තම දරුවන්ගේ දියුනුවයි.
    බොහොම අමාරුවෙන් ලොකු මහත්කරලා, උගන්නලා දරුවෝ යම් තැනකට ආවාම තම දෙමව්පියන්ට නොසලකන දරුවොත් ඉන්නවනේ.එහෙම දෙමාපියන්ට මොනවා හිතෙනවා ඇද්ද?

    ReplyDelete
  3. ෆුට් බෝල් නැත්නම් සොකර් ගහන දිහා පිටියෙන් පිටත ඉඳල සැනසිල්ලේ බලන් ඉන්න පුලුවන් කැරම් බෝඩ් එකෙයි, බිලියඩ් මේසෙයි හරියට සෙල්ලම් කලොත් පමනයි.

    ReplyDelete
  4. නියම කතාව, සහතික ඇත්ත තියෙන්නෙ ....

    ඇත්තටම අන්තිමට වෙන්නෙ දෙන දේ කාලා වෙන දේ බලා ඉන්න .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්