Followers

Friday, July 22, 2011

π -pi -day 22/7කිසිම ප්‍රතිලාබයක් නොබලා සිය කාලය දැනුම අප වෙනුවෙන් දානය කල ගුරුවරුන් වෙනුවෙනි

  Picture
ගුරුවරුන් කල හා කරනා සේවය, මුදලින් මිනිය හැකි නොවේ.


22/7= 3.14159=π


අද  22 දා 7 මාසයේ, 


දන්නවනේ වෘත්තයක වර්ගපලය හොයන විදිය π (Pi)  x r x r .


ඉතින් අද දවස π දවස කියල හඳුන්වනව සමහර රටවල්වල.


(සමහර තැන්වල මාර්තු 14 දිනද, එනම් 3.14 π දිනය ලෙස සැමරේ)



අද දවස ගණිතයට හා ගණිතය උගන්වන ගුරුවරුනට පිදෙනව.


මම කලපනා කලා අපි වෙනුවෙන් කිසිම ප්‍රතිලාබයක් බලාපොරොත්තු 


නොවී තම කාලය මිඩංගු කර අපිට ගනිතය ඉගැන්වූ අතුල ගුරුතුමා 


වෙනුවෙන් ද සියලුම ගනිතය උගන්වන ශ්‍රී ලාංකික ගුරුවරුන් වෙත 


මෙය පුද කරන්නට.


අසුවේ වර්ජනයෙන් අතුල සර්ගේ, 


ජයසේකර සර්ගේ රස්සාවල් නැති උනා,


ජිනදාස සර් පන්දම අල්ලල වෙන ඉස්කෝලෙක


ප්‍රින්සිපල් පට්ටමකුත් ගත්ත.


පස්සේ අතුල සර් චාටඩ් පාස්වෙලා එකවුන්ටන් කෙනෙක් උනා කියල 


ආරන්චි උනා, මම ගනිතයට විශිෂ්ට සම්මානයක් ගත්ත කියල කියන්න 


අතුල සර් ඉස්කෝලෙ හිටියෙ නැහැ.


ඒ වැනි සත්පුරුෂයො නිසා අපි ගොඩ ගියා. ලොකේ කොහෙ හිටියත් අපි 


ඔබ තුමා වැන්නවුන් අමතක කලේ නැහැ. 


චිත්‍ර ටීචර් බෝම කරුනාවන්ත තරුන ගුරුවරියක්, චිත්‍ර ටීචර්ට අතුල සර් 


පොඩි ලයින් පාරක් දැම්ම කියල කොල්ලො කිව්ව. මට නම් ඒ දවස්වල 


ඒව ගැන වැඩි තේරුමක් තිබුනෙ නැහැ.



ඒ අයත් එක්ක එකට හිටපු තව සර් කෙනෙක් ටික කාලෙකටපසුව 


දැරනියගල මන්ත්‍රී වෙලා පසුව ඇමති කෙනෙකුත් උනා.



දාබරෙ ටීචර්වත් අමතක කරන්න බැහැ. කරුනාවන්ත හොඳ ගුරුවරියක්.


ටීචර්ගෙ පුතා අතුල පලමු පංතියෙ ඉඳල මගෙ මිත්‍රය, පස්සෙ ඩී එස් එකට 


ගියා, එහෙම්මම මග හැරුනා, පස්සෙ එකම වතාවක් මට මුනගැහුනා, 


පස්සෙ ආරචි උනා ජපානෙදි නැතිඋනා කියල .
-------------------------------------------------------------
පොඩි ,  ගනිත විහිලුවක්


Q:  What did Al Gore play on his guitar 




? (Original by Charlie Bryant)



A:   An algorithm



6 comments:

  1. දයාල් ඔබගේ ලිපිය මාව අවුරුදු ගනනාවක් අතීතයට ගෙන ගියා. මගේ හොඳම ගුරුවරුන් සිටියේ 10 11 12 13 වසරවල්. දැන් 12 13 වසරවල ගුරුවරුන් අතරින් කීපදෙනෙක්ම අපේ පවුලේ මිතුරන්. 10 11 වසරවල සිටි අයගෙන් නන්දා සිල්වා මැතිනිය දෙහිවල කවුඩානේ සිටියේ මම ඇයව බොහො සෙවුව තාමත් සොයා ගන්න බැරි වුනා. ඇය මට දෙවනි මෑණියන් වගේ. ඊට පසුව පිළිකා සතුරා අප අතරින් වෙන්කල මගේ ප්‍රියතම ගුරුවරියක් වූ කුසුම් ආනන්දකරුණා මෑණියන් අදත් මතක් වන විට නෙතට කඳුලක් ගෙනෙනවා. ඔබට නිවන් සුව !
    දයාල් අපි අපේ ගුරුවරු වෙනුවෙන් අද දිනය කැප කරමු.
    මත කලාට ස්තුතියි.!!!

    ReplyDelete
  2. අපේ ගුරුවරුන් වෙනුවෙන් සටහනක් තැබුවාට ඔබතුමාට ස්තූතියි.ඒ අතරින් තවත් විශේශිත ගුරුවරයෙක් වූ මගේ
    දයාබර පියාණන් නෙතට කදුලක් ඇතුව මා සිහිපත් කරනව
    අද දිනයේ ඔහු අප අතර නැති නිසා.ඔහු දයාබර සිසුකැලට
    පුදුම සෙනෙහසක් දැක්වූ ගුරුවරයෙක්. තමාගේ වියදමින් සමහර දිලිදු දරුවන්ට ඉගැන්වුවා ...මිය යන තුරුම.
    .
    ඒවගෙම මතක් කරන්න ඕන ඒ කලේ රටේ තිබ්බ ප්‍රශ්න හමුවේ මා පියා සොයා පැමිනි සිසුදරුවන්ට අපේ නිවස තුල මාස ගනන් නවාතැන් දුන්න විතරක් නෙමේ ආරක්ෂිත ස්තාන කරා පිටත්කරා.

    අනිත් සියළුම ගුරුවරුන් සමග මගේ දයාබර පියාණන් සිහිපත් කරනවා...

    ReplyDelete
  3. 7 වැනි මාසයේ 22 වනි දා Pi Day නොව Pi Approximation Day එකයි. Pi Day යෙදෙන්නේ 3 වෙනි මස 14 වනිදාටයි.

    http://en.wikipedia.org/wiki/Pi_day

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වෙද ගෙදර මහ වෙදනා, ගිම්හානි,කසුන්(පන්සල් හන්දිය)
    ඉතාම වටිනා එකතු කිරීම්, ස්තූතියි.

    budhajeewa,
    ඔබට ස්තූතියි!
    මා ලියු දේ මේ වසරේ මා වෙනස් කරන්න යන්නේ නැහැ, එය නිසා විශාල හානියක් නොවන නිසා.
    මින් පසු ඒ පිලිබඳ ලියනවිට මා සැලකිල්ලට ගන්නවා. ගුරුවරුන්ට උපහාරය පුදන්න මට වසරක් බල ඉන්නට වෙන්නේ නහැ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්