Followers

Wednesday, July 13, 2011

මෙහෙමත් හස්බන්ඩලා what a great husband? හරියටම ලලිත් ඇතුලත්මුදලි මැරුන දා වෙච්ච් දෙයක්



මගෙ ලඟම ඥාතියෙකුටදැනට අවුරුදු 15 ට පමන පෙර සිදුවුන දෙයක්


මතක් උනා රොෂාන් හෙරත්ගෙ බ්ලොග් එක කියෙව්වාම,


 එනම් අඹුසැමි අවබෝධය, බිරිඳට සමානාත්මතාවයෙන් සැලකීම ආදී කරුනු


සාකච්චා කෙරුනු  ලියවිල්ල කියවන කොට...


මගේ ඥාති සහෝදරිය විවාහ වෙලා සැමියගෙ කොලඹට නුදුරු නිවසෙ ඔහුගෙ


ගම් පලාතෙ ජීවත්වුනා, පලමු දරුව ලැබුන, දුවනියක්, බෝම අගේට වැඩ කටයුතු සිද්දවුනා.


ඔහෝම ඉන්න අතරේ දෙවන දරුවත් ලැබෙන්න සිටිය.


මේ ඉන්න අතරේ හස්බන්ඩ්ට පැපොල වැලඳුනා.


ඉතින් මෙය ගර්භනී අම්මට බෝවුනොත් දරුවටයි මවටයි දෙන්නටම මාරාන්තිකයි.


මෙය දැනගත්ත විගස බරපතල කම දන්න වැඩිහිටියො විදියට




ඥාති සහෝදරියටද කලින් පැපොල වැළඳී නොතිබුන නිසා



අනේ මේ සහෝදරියගෙ අම්ම පුලුවන් විදියට ටැක්සි එකකුත් කතාකරගෙන,


සිය දෝනියන්දාව එක්කරගෙන එන්න තම බෑනගෙ ගෙදරට ගියා.


නැන්දම්මට ලැබුනේ නොසිතූ විරූ පිලිතුරක් බෑනගෙන්.


ඔබ ඇවිත් ඔබගේ දුව එක්කගෙන ගියාම ඔත්පල වෙලා ඉන්න 


මා ගැන බලන්නෙ කවුද කියල් අහපි! එක් පැත්තකින් එයාගේ කතාවත් හරි, 


වටේ පිටේ නෑදෑයෝ හිටිය කියල අසනීපෙකටවත් උදව්වක් නෑ, 


ඇඟ පුරාම ගෙඩි පැසවා සැරව ගලද්දී නූපන් දරුවා ගැන සිතනවාට වඩා


 මේ ඉන්න එකා ගැන හිතන්න එපායෑ ඉතින් අපේ ඥාති සහෝදරියට 


 සිය මහගෙදර එන්න දුන්නේ නෑ එයාගේ හස්බන්ඩ.



අවාසනාවක මහත,,,


ඥාති සහෝදරියටද පැපොල වැළඳින.


රෝහලට ඇතුල් කල විට එහිදී කියා ඇත්තේ ලැබෙන්න ඇති දරුවාට


 මෙය විශාල වශයෙන් නරක අතට බලපාන බවය.



කල් ගතවිය, ඥාති සහෝදරිය දරුවා ප්‍රසූත කිරීමට රෝහල් ගත විය.


බෝනික්කෙක් වැනි වූ ඉපදුන පිරිමි දරුවාගේ ඇඟ පුරා කලු ලප කැලලි තිබුනි. 

මව මරනයෙන් ගැලවුනත් බේරුනේ අහිංසක දරුවා නොවේ.

තාත්තා හරකෙකු මෙන් මහ හඬ දී අඬන්නට විය, එකල ඒ කිට්ටුවම 

රැකියාව කල මට මෙය සියැසින් විඳීමට සිදුවිය. දරුවා මලත් 

උපත සහ විපත ලේඛන ගත කළ යුතුවීම නීතියයි.

ඒ සඳහා දරුවාට නමක් තිබිය යුතුයි, ඒ අනුවයි මියගිය අසරනයාට 

ලලිත් කියල නම දැම්මෙ, ලලිත් කියල නම දාන්න හේතුව නම් 

ලලිත් ඇතුලමුදලි මහත්තයගෙ අවමගුලත් සිදුවුනේ එදා නිසා.

තව අතකින් බලනකොට අපේ ඥාති සහෝදරිය විවාහය බේරගත්තේ

 ලලිත් දරුවව දන්දීල කීවත් වරදක් නැහැ.

කොහොම හරි වාසනාවකට  ඒ අයට නැවතත් පුතෙක් ලැබුනා, 

දැන් කරදරයක් නැහැ හොඳින් ඉන්නවා.

--------------------------------------------------------------------------------------------


සවුදි ගිය ගෘහ සේවිකාවක්ගේ හස්බන්ඩෙක් ගැන

අවුරුදු දාහතරකින් කිසිම තොරතුරක් නැතිව ඉඳල මේ ලඟදී තොරතුරක් ලැබුන 


සිය සවුදි ගිය බිරිඳගෙන්. බැලින්නම් පඩි ගෙවන්නෙ නැතුව හිරකරගෙන ඉඳල, 


ලැබුනු ඔත්තුවක් අනුව සවුදි කුමාරයෙක් තමයි මේ  අපේ සහොදරියව 


බේරගෙන තියෙන්නේ.  (බලාගෙන ගියාම හොඳ කුමාරවරුත් ඉන්නව සවුදියේ )


හරියට ආදායමක් නැති පවුලුත් ලෝක මාන්නෙට 


ගෘහ සේවකයො ගන්නව, පඩි ඉල්ලුව්ම වදදෙනව 


අනෙක විද අඩම් තේට්ටම් කරනවනැත්නම් ඇන ගහනව, 


පුච්ඡනව..පලමු අවුරුදු දෙක තුන ඇතුලත ලියුම් ආවලු, 


පසුව කිසිම තොරතුරක් නැතිකොට හිතුවලු මැරුනයි කියලා, 


මේ හස්බන්ඩ් පොලොන්නරුව පැත්තේ. මරේ මරු හස්බන්ඩ් කෙනෙක්.!

10 comments:

  1. මම හිතන්නෙ පිරිමි ගැහැනුත් එක්ක කටයුතු කරද්දි හරිම ආත්මාර්ථකාමීයි කියලායි. ඒ අය තමන් පොඩිකාලෙ තමන්ගෙ අම්මා තමන්ව රැකබලාන වැඩකටයුතු කරලා දුන්නා වගේ තමන්ගෙ බිරිඳ තමන්ගේ කටයුතු කරලා දෙන්න ඕන කියලා හිතාන ඇති. ඒ වුනාට එතැනදි ඔවුන් අමතක කරන දෙයක් තමයි ගැහැණිය කියන්නෙ හිතේ හයිය/දරාගැනීමේ ශක්තිය පිරිමින්ට වඩා වැඩි වුනත් ශරීර ශක්තිය අතින් පිරිමින්ට වඩා දුර්වල බව. ගැහැණිය ශක්තිමත්බව පෙන්වනෙ හිතේ හයිය/දරාගැනීම නිසා කියලයි මට හිතෙන්නෙ. මෙතැනදි මම වැරදි වෙන්න පුලුවනි.

    ReplyDelete
  2. ඔබ කියන දේ ඉතා වැදගත්. මම දන්නවා ඔවැනි සිද්ධි සිය ගනනක්.
    (තව මට ලලිත් මැරුනු දිනේ ගැනත් වැදගත් දෙයක් කියන්න තියනවා. මේ කාරනය තාම ජනමාධ්‍යය මගින් වැඩිය කථා කෙරුනේ නැහැ.

    මම දන්න ගැහැනුත් ඉන්නවා ඔහොම, මගේ රොගීන් අතර, පුදුමම ගැහැනු, බලත්දි කවුරුත් එකයි.

    ReplyDelete
  3. බොහොම සංවේදී කතාවක්.... ආසාවෙන දරුවෙක් හදාගන්න තාත්තා කෙනෙක් සහ තම බිරිඳට ආදරය කරන ස්වාම්පුරුෂයෙක් නොකරන දෙයක් තමයි අර කෙනා කරලා තියෙන්නේ.. දරුවන් හදාගන්න ගියාට දරුවන්ට කිසිම් ආදරයක් නැතුව ඇති..

    ReplyDelete
  4. ආත්මාර්ථකාමීකම ඉහ වහා ගිය කෙනෙක්.
    පව් අසරන දරුවා ගර්භාෂයේදීම ලොකු දුකක් විදින්න ඇති.

    දෙදෙනාම වැරදියි.

    පොලොන්නරුවෙ එක්කෙනානම් මරෙ මරුම තමා.. මිනිහ හිතාගන ඉන්නැති තව කසාදයක් කරගන්න..

    ReplyDelete
  5. රොශාන්,
    බිරිඳත් ස්වාමියාත් සැමවිට කතාබහ කරගෙන තම සීමාවන් දැනගෙන නැදැයන් අසල්වැසියන් පුලුවන් තරමින් හොඳින් තියාගෙන විශ්වාස වන්ත වැඩිහිටියෙකුගේ මිත්‍රයෙකුගේ අවවාද ලබාගනිමින් කටයුතු කිරීම හොඳ බව මගේ අත්දැකීමයි.

    මහා වෙදනා,
    ඔබ තුමා මාලේ ගිහින් ආවාද?
    එහි තොරතුරුත්, ඔබ ලියා ඇති පරිදි අරුම පුදුම ගති ගුන ගැනත් ලියන්න

    සමීර,
    ඇත්තටම පුදුමයි, පොඩි පරිත්යාගයක් කරන්න බැරි මිනිසෙක් කොහොමද හොඳ තාත්ත කෙනෙක් වෙන්නේ කියල හිතෙනව.


    ගිම්හානි,
    මියගිය ලලිත්ගෙ තාත්තගෙ ආත්මාර්තකාමි කම නම් කියල වැඩක් නැහැ.
    පොලොන්නරුවෙ ගොයියට බිරිඳ ඉන්නව කියල ආරංචි උනාම පොලවෙ පස් කන්න හිතෙන්න ඇති

    ReplyDelete
  6. ලලිත් මැරුණ ට පස්සේ අර ගිලපු නැවට මොකද දන්නේ නෑ උනේ, නේද?

    ReplyDelete
  7. කතන්දර Kathandara,
    හම්බ කෙරුවයි කියපුව ගෙනිච්චද යනකොට, තුනෙන් එකකුත් නැති උනා කියනවනේ පාර්ලිමේන්තු බෝම්බෙන්, මොනා කලත් මහ බන්ඩාරනායක එයාට කලයි කියන උදව්වලට පව් යන්න අපිට මහපොලවත්(ශිසයත්වය) දුන්නා

    ReplyDelete
  8. අපි නම් හිතන්නෙ අපිට හෙන ගැහුවත් ගෑනිවයි දරුවවයි පරිස්සම් කරන්නනෙ .....

    ඌ නම් මාර බඩුවක් තමයි ........

    ReplyDelete
  9. මේ පෝස්ට් එක අදයි දැක්කෙ. පැපොල බෝවීම පටන්ගන්නෙ රෝග ලක්ශණ පිටට පේන්ට දවස් දෙක තුනකට කලින්. ඉතිං පැපොල උණ හැදිල ගෙඩි ආවට පස්සෙ රෝගියාගෙන් වෙන්කිරීමේ තේ රුමකුත් නැහැ. බොරුනම් දොස්තර කෙනෙකුගෙන් අහල බලන්න.

    Chickenpox is an airborne disease spread easily through coughing or sneezing of ill individuals or through direct contact with secretions from the rash. A person with chickenpox is infectious one to two days before the rash appears.[2] They remain contagious until all lesions have crusted over (this takes approximately six days)[3]. Immunocompromised patients are contagious during the entire period as new lesions keep appearing. Crusted lesions are not contagious.[4]

    ReplyDelete
  10. ඊමේල් කවිකාරී
    ඒ අතින් බැලුවහම හැම ගැහැණියටම පැපොල වැළඳී තිබීම හෝ යම් එන්නතක් අත්‍යවශ්යයි. thanks

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්