Followers

Sunday, August 14, 2011

සමන් පිච්ච මල්වැල ගෙමිදුලේ

                                                   

                                                   





සමන් පිච්ච මල්වැල ගෙමිදුලේ
වැට අද්දර
ලක ලෑස්තිවෙලා වසන්තයට
දම්පාට පොහොට්ටු පුරාම ගවසාගෙන
මඟ බලා සිටී, වසන්තයේ
පලමු අවුරැල්ල වැටෙනකම්,
පූදින්න..

සිය පෙම්බර පෙම්වතා එනතුරු
මග බලා සිටින පෙම්වතියකයුරු

සිතේ තැන්පත් කරගත්
හැඟුම් කොපමණද?
ඔබට කියාගන්නට

ඊයෙ පෙරේද
අවාරෙ ආපු අවුරැල්ලකට
මලක් දෙකක් පීදිලා

ඔබ හොරෙකුට අහුවෙලා!

ඔබ රැවටිලිකාරයෙකුගෙ
බොරු චාටුවලට රැවටිල!
එපා දැන්ම පූදින්න,
පොඩියක් ඉවසන්න,
නිසිකල එනකම්!

කරුනාවෙන් සවන්දෙන්න
 ලපටි දැරිවිය
තවම ඉවර නෑ
සිසිරයේ රුදුරු සීතල සමය

පූදින සුදු ලස්සන පුංචි මල්
එක දෙකද
ඒ සීතල අසුවී කලුපාට වී
පිච්චී යාවි

කලබල නොවෙන්
වසන්තය අත ලඟය

පුරාම ගවසාගෙන ලස්සනට
සුදු සුවඳ මල්
පලාතම සුවඳවත් කරමින්
ආඩමබරේට ලස්සනට
පිපෙන්න








8 comments:

  1. මල් පොහොට්ටුවකට දුන්නු ලස්සන අවවාදයක්...අපූරුවට පදවැල් ටික ගොතලා...ලස්සනයි......:)

    ReplyDelete
  2. ලස්සනට ගලපලා තියනවා ......
    ඇත්තටම ලස්සනයි ....

    ReplyDelete
  3. ලස්සන පද ටික. මනා හැකියාවක් ඔබට ඇති බව පෙනේ. තව තවත් පද පබඳින්න.

    ReplyDelete
  4. පොඩි කුමාරිහාමිනේ
    ස්තූතියි 'කටක්' දැම්මාට,
    අවවාදයක් නම් තම්යි, එහෙත් පදවැල් ටික නම් ටිකක් දියුනු විය යුතුයි කියල මට හිතෙනව

    ReplyDelete
  5. අපොයි කටක් දැම්ම එක හොඳ නැද්ද මන්දා. කවි ටික ලස්සන හන්දයි කට දාන්ට හිතුනේ. මට නම් එක කවි පදයක්වත් ගැට ගහගන්ට බෑ. මේ කවි ටික නම් හරිම ඉහල විදියට තමයි මට පේන්නේ. ඔන්න ආයම පාරක් කටක් ගැහුවා. කමක් නැද්ද?...:D

    ReplyDelete
  6. පන්සල් හංදිය
    Thanks and Welcome back කිව්ව, දැන් ගෙදර තත්වේ ශුභදායක තත්වයට පත්වී ඇතැයි සිතනවා.

    ReplyDelete
  7. මහ වෙදනා, ස්තූතියි, පබඳින ලද තව කවි බොහොමයක් තිබේ, හැකි අවස්තාවලට පෝස්ට් කරන්න බලාපොරොත්තුවෙනවා

    ReplyDelete
  8. පොඩි කුමාරිහාමිනේ, අනේ මගේ 'කට' වරදවා හිතන්න එපා, කොමෙන්ටුවට සමාන සිංහල පදයක් සොයමින් සිටිනවා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්