Followers

Wednesday, August 17, 2011

ලංකාවට ඕනැ නම් ක්‍රිකට් තරඟ දිනන්නත් පුලුවන් පරදින්නත් පුලුවන්, ලිබියන් තෙල්

this photo is taken from the web
එක දිගට තරඟ දෙකක්ම ඉතාම දුක්ඛිත ලෙස පැරදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම මාලදිවයින් ජනපති සමඟ

ජනාධිපති මහින්ද නරඹන්නට ගිය තරඟය ඉතාම ඉහලින් ජයග්‍රහනය කලේය.

මීලඟ තරඟයත් ජනාදිපති නරඹන්නට යන්නේ නම් මැනවි.

එහෙම නොවුනොත් මේ තරඟාවලියේ උනුසුම පමනක් නොව මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත

ඔස්ට්‍රේලියානු සංචාරයේ උනුසුමද එතැනින්ම ලොප් වන බැවිනි.

ලංකාවට ඕනැ නම් තරඟ දිනන්නත් පුලුවන් පරදින්නත් පුලුවන් බවකි, ඇඟවෙන්නේ.

ක්‍රිකට් පමනක් නොව හැම දෙයම 'වෙලඳපල විසින් පාලිත විනෝදය සැපයීම' Market Controlled

Entertainment බවට පත්ව් ඇති ලෝකයේ ක්‍රිකට් වලට ගැලවීමක් කොයින්ද ?

ඉස්සර සමහර ක්‍රීඩකයන් ලව්වා ශතකයක් -century එකක් -ගස්සවගන්න කාර් එකක් පෙන්වන්න ඕනෑය,

දැන් රතුපාට සාටකයක්ද  motivation එක- පෙළඹවීම?

ලංකාව හා ඉන්දියාව පැවැත්වුනු ලෝක කුසලාන අවසාන තරඟයේ අවසාන ප්‍රතිපලය පාලනය කල එකක්

බවට ඇති සැකයකි.

ඉන්දියාව එංගලන්තයේදී හිතාගන්න බැරි අන්තිම නරක විදියට පරදිති.

උපුල් තරංග,මලිංග හා එරංග ආදීන් පෙන්වු දස්කම් පහතට දැමීමක් මෙයින් අදහස් නොකෙරේ,

මෙතරම් දස්කම් තිබෙද්දීත් දෙකක්ම පැරදුනේ ඇයි?

 ප්‍රශ්නය එයයි.
---------------------------
ලිබියාව
this photo is taken from the web




ලිබියාවේ තෙල් සම්පත හා බටහිර කොම්පැනි අතර තිබු එකම බාධකය වු ගඩාෆි සාධකය මැකී යමින් ඇත.

ලිබියානු ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය නිදහස දඩමීමා කරගෙන වෙන්නේ කුමක්ද යන්න

දැන් පැහැදිලිවෙමින් ඇත.

අමෙරිකාව වැඩියෙ කඩන නරක ළමෙක් නොවේ,

අයියටයි මටයි ගෙඩි දෙකක් ඇතේ වගේ

ඉරාකයේ තෙල් ටික මට,

ලිබියාවේ තෙල් නුඹලට,

උඹලම ගහල ගනිල්ල කියල ඇමෙරිකාව පැත්තකට උනා.

ගඩාෆිගේ පැවැත්ම තව ටික දවසකට පමන යයි අසන්නට ලැබේ.

සවුදි වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන බටහිර සහ ඇමරිකාව මුනිවත රකින්නේ ඇයි දැයි තවදුරටත්

පැහැදිලි වෙමින් ඇත.

චීනය ඉන්දියාව ලංකාවට ඇති ආදරය යටින් ඇති උවමනාවන් අමතක නොකොල යුතුවන්නේ ලෝකයේ

දේශපාලන බලය ගමන් කරන රටාව දෙස බලන විටය.

6 comments:

  1. ඉතාමත් පැහැදිලියි. එකඟයි. ලෝකය යන අත දැනේ අපි ගඟ ගලනා අත නොහැදින්නොත් නාථ දෙවියන්ගෙම පිහිටයි.... ආආආරක්ෂාවයි!!!!!

    ReplyDelete
  2. සහතික ඇත්ත කියලා තියෙන්නෙ ....
    බැලුවාම සාටකේට පුදුම බලයක්නෙ තියෙන්නෙ ..

    ReplyDelete
  3. වෙද ගෙදර මහ වෙදනා,
    නාථ දෙවියන්ව පූජා වට්ටියක් දීල ශේප් කරගන්න පුලුවනි, ඒත් මේ අය ඉල්ලන්නේ අන්තිම මස් රාත්තලය.

    ReplyDelete
  4. පන්සල් හංදිය...
    ක්‍රිකට් පිටිය පමනක් නොවේ, ජනපති තුමා අවශ්ය හැම තැනටම ගොස් වැඩ කරන මිනිසුන්ද ඔවුන්ගේ උවමනා එපාකම්ද සොයා ඔවුන්වද දිරිමත් කරන්නේ නම්, විශ්වවිද්යාල්වලට ගොස් ශිශ්යන්ට තිබෙන ආචාර්ය මන්ඩලවට තිබෙන ප්‍රශන්ද සොයා බලන්නේ නම් ගම් වලට ගොස් ගෘහනියට සැමියාට තිබෙන ප්‍රශ්න සොයා බලන්නේ නම්...

    ReplyDelete
  5. ක්‍රිකට් දැන් විකිණිලා ඉවරයි මචන්

    ReplyDelete
  6. කස්සා ..
    වෙළඳාමෙන් ගැලවීමට මුදු පතුලේ ඉන්න මාලුවන්ටත් බැරි කාලේ උනු කැවුම් වගේ විකිණෙන ක්‍රිකට් ක්‍රීඩාවට පුලුවන් වේද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්