Followers

Thursday, August 18, 2011

රනිල් හා මහ රාජා



රනිල් මහත්තය නැවත පක්ශයේ නායකත්වයට පත් කෙරුනා, සත්යග්‍රහ කාරයො පූසො ටික වගේ,

ඉඳල තියෙනව වගේ සිරිකොත ඇතුලේ. නීති විරෝදී කියල ආඥාවක් ආපු නිසා සජිත්ලට සිදු උනා

උද්ඝෝශනය විහාර මහ දේවි උයන අසලට ගෙනියන්න.

සත්යග්‍රහය තිබුන වෙලාවේ සිරිකොත ඉස්සරහ පාර කාර්පට් කරල තියෙනව.

පුදුම වෙච්ච ජනපති ඒ ගැන සොයා බලන්න කටයුතු කොරල.

ඊට කලින් දවසක මර්වින් - කැලනියෙ කයිවාරු රජතුමා කියනව,  මං යු එන් පී එකේ හිටිය නම් ඕකුන්ට ඒ

කියන්නෙ සත්යග්‍රකාරයන්ට ගහල එලෝනව කියල,  සාමාන්ය මින්සුන්ගේ විරෝදතාවයක් ගැන කුමන කතාද?

දැන් අපට පේනව උද්ඝෝශන කඩාකප්පල් කිරීමෙ විශය භාර ඇමති තුමා අනුන්ගේ වලිත් කුලියට ගන්න

හදන හැටි, රනිල් ලඟත් ජොබ් එක ශුවර් කර ගන්න පුලුවන්, බැරි වෙලාවත්, රනිල් මීලඟ ජනපති වූවොත්.

 පක්ශයෙන් එලවන්න හදපු රෝසි සේනානයක ආදීන් දැන් පක්ශයේ ඉන්නේ කරූගෙ පිහිටෙන් කියල පුවත්පත්වල සඳහන් වෙනව.

මගෙ ඇස ගිය තැන තමයි රනිල්, මහරාජා එක්ක, දාගෙන තියෙන කොක්ක.

රනිල් දැන් එලිපිටම කියනව ඒගොල්ලො, ඒ කියන්නේ මහරාජල  ජාතික ලැයිස්තුවෙන් ආසන දෙකක්

ඉල්ලුව,   මම බැහැ කියපු නිසා මට මඩ ගහනව කියල, රනිල් කියන විදියට ඒ අය හොඳ මිත්‍රයො.

පෙප්සි එක, එස්ලොන්, ගත්ත වගේ යු එන් පී එකත් ගන්න පුලුවන්ද කියල රනිල් ප්‍රශ්න කරනව,

යු එන් පී එක කියන්නෙ ජනතාවගේ පක්ශයක් කියල එතුම කියන්නෙ, අපි දැනුයි දන්නේ;

 kitchen කැබිනෙට් එකෙන් එක්කෙනෙක් හැලුනාද නැත්නම් පොඩි cat fight එකක්ද?

ලොකු ලොක්කො හැන්දෑවට එකතුවෙලා ලාභ පාඩු ගනන් බලල හිනා වෙලා එහෙම (අර Gypsies කියන්න වගේ) රජයට බලපෑම් කරන තැන් තමයි kitchen cabinet කියන්නෙ මං හිතන්නේ.

මහ රාජා සමාගම ඉතාම කුඩාම වයාපාරයකින් පටන්ගෙන විශාල ආයතනයක් ලෙස වැඩුනු ආයතනයක්. ඒ

අය හැම විටම පත් වෙන රජය අගෙන උනන්දුයි, ඒ වෙනුවෙන් වැඩ කරනව.පවතින ඕනෑම රජයකට

සෑහෙන්න බලපෑම කරන්න පුලුවන් ආයතනයක්.

සිරස මාධ්ය ආයතනය කරලියට පැමිනීමෙන් පසුව ඒ හැකියාව තවත් වැඩි වුවා.

සිරසෙ හොඳ නරක ගොඩක් තියෙනව, වෙන වෙලවක වෙලාවක කතා කරමු ඒව.

රනිල්ල මහරාජල එකම ඉස්කෝලෙට ගිය, එකම උවමනාවන් බෙදාගන්න කට්ටිය.

රනිල්ට මේව එලියට දාන්න උනේ බැරිම තැන වෙන්න ඕනෙ?




8 comments:

  1. සිරා කතාව.
    අර අන්තිම පේළියට තමා මම ගොඩක්ම කැමති.

    "රනිල් මේවා එළියට දාන්නේ බැරිම තැන වෙන්න ඕනෙ"

    ජය වේවා...

    ReplyDelete
  2. මම මේ කල්පනා කොරන්නේ ලියන්නේ මොනවද කියලා. මාතලන් කියනවා වාගේ මඤ්ඤං වෙලා ඔළුව. මේවා වෙන්නෙ කොහොමද?
    ඔය දවසේ උදේම මම එනවා ඇතුල් කෝට්ටේ ඉදලා පාගොඩ පැත්තට. පොලෝසිය මට යන්න දෙන්න බැහැ කිව්ව. මම ලොකුම පොලිස් කාරයගාව වාහනේ නවත්තල ඇහුව ඇයි මේ කියලා. උන්නැහැ මා දිහා බලලා අර යකඩ ගේට්ටව ඇරලා මට යන්න කිව්වා. මමත් ආවා. මෙන්න බොලේ සිරිකොත ඉදිරිපිට කට්ටිය පාර තාරදානවා බලන් ඉන්නවා. මූනු පිපිලා මල් වගේ. හරි හිනහයි කට්ටිය, මට අනේ කියලා හිතුනා,
    ඔන්න ඔහොමළු උනේ, අපි තව හිතනවා. වැඩක් නැහැ.

    ReplyDelete
  3. රනිලුයි කිලියි එක ඉස්කෝලෙ නම් සජිතුත් ඒකෙම නොවැ ... සී නිවුසිය කියවල බලන්නකො රනිලුත් දැන් දේශප්‍රේමීයෙක් වෙලා

    ReplyDelete
  4. සහතික ඇත්ත ලියලා තියෙන්නෙ .....

    ඒත් ඔහොමම ලියන එක අනතුරකට අඞ ගැසීමක් වෙන්න පුලුවන් .....

    ReplyDelete
  5. රනා .
    පැරනි මිත්‍රයො ප්‍රසිද්ධියෙ බැණ අඬ ගහ ගන්න එක හරි නෑනේ!


    වෙද ගෙදර මහ වෙදනා.

    ඔන්න ඔහොමයි වැඩ සිද්ධ වෙන්නේ

    buwa
    සජිත් තවම junior එකේ

    පන්සල් හංදිය,
    අවවාදය පිලිගත්තා!

    ReplyDelete
  6. බලපෑම් කරන්න. ඔය කොරේ.. ඉතුරු ක්ලේමෝ ටිකත් පිපුරුනානම් සිරසක් නෑ.. එයිට පස්සේ ඔය කඩේ යන්නෙ අපූරුවට...

    ReplyDelete
  7. ඔව්...ඔව් රනිල් නෙමේ මොකා වුනත් රට හදන තැනකට යන්නේ නැහැනේ. මොකද ඒක ඒක එක්කෙනා තමන්ට ඕනෑ ඕනෑ දේවල් කරනවා.රට හදන්න උවමනාවක් නැහැ.

    ReplyDelete
  8. මාතලන් . සනෝජ් තරංග .
    ස්තූතියි,

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්