Followers

Monday, August 29, 2011

සිතත් එකතු කෙරුවොත් යකඩෙ වගේ හයිය ඇති

මෙය ලියුවේ 2011 අගෝ 29දා

සෝමාලියාවේත් ලිබියාවේත් ඈමෙරිකාවේත් දුකට පත්වූ දහසක් දෙනා සිහිපත් කරන  ගමන්ම  මේ දවස්වල හිතට එන  බර දෙයක් කියල මට හිතෙන දෙයකින් නිදහස් වෙන්න ඕන කියල හිතුව.


යකඩ පාලම දැකල මට හිතුන
මෙහෙම
මේ පාලම හදල තියෙන්නෙ යකඩ බීම් - කඳන් වලින්
යකඩ හදල තිබෙන්නේ යපස් උනු කරල.
යපස්, ස්වභාවයෙන් පස් සමග මිශ්‍ර වෙලයි පවතින්නේ
විසිරිල.
නමුත් තාක්ශනය සහ  අවශ්‍ය ලෙස භාවිතා කරල
යපස් වලින් යකඩ පෙරල අරගෙන යකඩ කඳන්,
කනු බවට හැරවුවාම කොපමන සවියක් තිබෙනවද?
පස් අතර විසිරී තිබුනද කියල හිතෙන තරමට හිතාගන්නවත් බැරි සවියක්

ඒ වගේමයි සිතත්!

සිත තිබෙන්නේ ශරීරයේ සැමතැන විසිරිලයි

අතින් වැඩක් කරනකොට සිත එතන
කකුලෙන් වැඩක් කරන කොට සිත එතන.


ඉතින් ඒ විසිරුනු සිත,
මනසට එකතු කොට ගත් කල ශක්තිමත් භාවයෙන් වැඩියි,
 විවිධ වැඩ කරන්න පුලුවන් ඇති.
සිත නවන්න පුලුවන් වෙන්නෙත් එතකොටයි
තලන්න තලන්න හයිය වෙන්නෙත් එවිටයි
බිඳින්න හැදුවට බිඳෙන්නේ නැත්තෙ එවිටයි

දුක් විඳින අපි හැමෝම කල යුත්තේ එයයි කියලයි  මට හිතෙන්නෙ.

15 comments:

  1. දයාල් බතී වයසට යනව වගේ මේ දාර්ශනික අදහස් මෙච්චර එන්නේ?

    නැත්තං මද පමණින් හෝ බීම නවත්තපු නිසාද?

    (Why dont you make these comments to appear right below the post)

    ReplyDelete
  2. "විසිරුනු සිත, මනසට එකතු කොට ගත් කල ශක්තිමත් භාවයෙන් වැඩියි"
    මේ කෑල්ල තමයි මම කැමතිම කොටස මේ ලේඛනයේ. ඔබ හරි සිතකට තරම වෙන මොකකටවත් ශක්තිය නැහැ. සිත තරම් වෙන මොකවත් ශක්තිමත් නැහැ. හැබැයි අපි ඒක තේරුම් ගන්නෙත් නැහැ. හරියට යපස් සාමාන්‍ය පසෙ විසිරිලා තියනවා වගේ අපෙ සිත්.

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම...මීටත් වඩා හයිය ඇති!!

    ReplyDelete
  4. මාර ච්න්තකයෙක් නේ..

    ReplyDelete
  5. හැබැයි ඕක යකඩ උණු කරන තරම් ලේසි නෑ.

    ReplyDelete
  6. ඔව් එකගයි ඔබ සමග. සිත තලන්න තලන්න වේදනාවට සංවේදී භාවය අඩු වෙනෙවා..හිතේ ශක්තිමත් ගතියක් ඇතිවෙනෙවා. මෙන්න මේ අවස්ථාවට සිත ආවම මහා ශක්තියක්
    සිතේ ඇතිවෙනෙවා...ඕනම අභියෝගයකට මුහුන දෙන්න පුලුවන්...

    ReplyDelete
  7. කතන්දර, දාර්ශනික අදහස් එනව දැන් අඩුයි සාපේක්ශව; කලින් ආපු දාර්ශනික අදහසක් ඊලඟ ලිපියේ. ඔබේ යෝජනාව ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා, ස්තූතියි!

    ReplyDelete
  8. මහවෙදනා, අපේ පන්සලේ බෝඩ් එකක එල්ලල ලියල එල්ලල තියෙනව ඔබ කැමති දෙයක්
    'රැකගත් සිත සැප ගෙනදෙයි'

    ReplyDelete
  9. ඉන්දික, යකඩ වලට වැඩියෙ නම් සවි ඇති, ඒත් අඩු තරමින් ඒ තරම් වත් හයිය කර ගත්තොත්?

    ReplyDelete
  10. මාතලන්, මාර කියන වචනේ පේටනට් කරල තියෙන්නෙ මාරයගේ නමට, වෙනත් වචනයක් සොයාගමු! මහින්ද කියන එක ගැලපෙන්නේ නෑ, අම්මගේ කියන්නත් බෑ, නිකන කුනු හබ්බයක් වගේ..ඕනxxx

    ReplyDelete
  11. පොඩි ගමයා, යකඩ බැරි නම් ඉටි පන්දමක් හරි උනත් මට නම් ඇති, අනුන්ගෙ දුකට උනුවෙනව අඩු තරමින්!

    ReplyDelete
  12. ගිම්හානි, එකේ නරක පැත්ත තම්යි, අනුන්ගේ දුකට උනුවෙන ලක්ශන්ය තුරන් වෙන එක, ඒනිසා පොඩි ඉඩැසක් තබාගෙනෙ එහි වෙඬරු තැන්පත් කරගත යුතුත් වෙනවා කියලා හිතෙනවා.

    ReplyDelete
  13. කරන්න ලේසි නැති උනාට කරනවා නං නියම වැඩේ ..........

    මනස හසුරවනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමේ ........

    ReplyDelete
  14. පනසල් හංදිය, ඕබ වැනි තරුන පියෙකුට අවශයම දෙයක්, මං ඒක නොකල නිසා ඒකෙ විපාක අදත් මං විඳිනවා

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්